Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

උපාධියට ඉගෙන ගන්න අතරතුර අක්කර හයක කහ වගා කර ජීවිතය දිනූ රුවන්වැල්ලේ මදුෂි

ගොවිතැන කියන්නේ ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පටන් අද දක්වාම බොහෝ දෙනෙක්ගේ ජීවිතය එක්ක බද්ධ වෙලා තිබුණු දෙයක්. මඩ සෝදා ගත් කල ගොවියාත් රජකමට සුදුසු යයි කියලා පැරණි කියමනකුත් නිර්මාණය වුණේ එක කල පටන් ගොවිතැන සහ ගොවිතැනේ නිරතවෙන ගොවියන්ට සමාජය ගෞරවනීය ස්ථානයක් තිබුණු නිසයි.

ඉතින් වර්තමානය වෙද්දී රට තුළ ආහාර අර්බුද තියෙනවා ඉන්ධන අර්බුද තියෙනවා ඒ වගේම බලශක්ති අර්බුද ආදී අර්බුද රැසක් නිර්මාණය වෙලා අවසන්. එවන් කාල සීමාවක ජනතාවගේ හෙට දවස ගැන තියෙන්නේ අපිට තියෙන්නේ  අනිශ්චිත තාවයක්. නමුත් මිනිස්සුන්ට පුළුවන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න එ කියන්නේ අපිට උරුම වෙලා තියෙනවා සාරවත් මහපොළොවක්. එවැනි සාරවත් මහ පොළොවක් මත ජීවත්වන ජාතියක් විදිහට ඒ තුළින් ප්‍රයෝජන ලබාගෙන ඵල නෙළා ගන්නේ දහදිය සුවඳ දන්නේ මිනිස්සුම පමණයි.

අද වෙද්දි බොහෝ දෙනා ආරම්භ කරලා තියෙනවා නිවස තුළම වගා කිරීමේ සංග්‍රාමයක්. සුපර් මාකට් එකට ගිහින් මිනිස්සුන්ට අද වෙද්දී එළවළු මිලදී ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා මොකද ප්‍රවාහන ගාස්තු මිලෙන් වැඩියි. ඒ වගේම ඉන්ධන ටික නෑ. මිනිස්සුන්ට ටවුමට යන්න කඩේට යන්න පුදුම අපහසුතාවයක් තමයි දැනෙන්නෙ. ඒ සියලුම දුෂ්කරතා මැද  තේරුම් ගත්තු බොහෝ  බොහෝ දෙනෙක් අද වෙද්දි තමන්ට තියෙන පුංචි ඉඩ කඩක හෝ  වගා කරන්න පටන් අරන්. ඉතින් වැඩි විස්තර ඕනේ නෑ අපි අද ඔබට කියන්න යන්නේ තමන්ගෙම දහදිය මහන්සියෙන් ජීවිතය දිනන්නට මහපොළොවට වටිනාකමක් එකතු කරගත් රුවන්වැල්ලේ වහරක පදිංචි මදූශි භාග්‍යය දැරියගේ සුන්දර කතාවයි

මධුෂි ගැන කතා කරද්දී ඇය 5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා ගම්පහ යසෝදරා විද්‍යාලයට ඇතුළත් වෙනවා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. ඊට පස්සේ ඇයට හැකියාව ලැබෙන  ජීව විද්‍යා අංශයෙන් ඉහළින්  සමත් වෙලා සබරගමුවෙ කෘෂි විද්‍යාපීඨයට ඇතුලත් වෙන්න. මධුෂිගේ අම්මයි තාත්තයි දෙන්නම හරියට මහන්සි වෙලා වැඩ කරන ගොවියෝ.  ඇයට උගන්වන්න  ඔවුන්ගේ හෙට දවස කැපකරමින් කැත්ත උදැල්ලට දෑත භාර දීපු ආදරණීය දෙමව්පියන් කිව්වොත් නිවැරදියි.

සාමාන්‍යයෙන් පුංචි ගෑනු ළමයි පොඩි කාලේ සෙල්ලම් කරන්නේ බෝනික්කෝ එක්ක. ඒත් මධූෂිට තිබ්බේ වෙනස්ම ආකාරයේ ළමා කාලයක්. ආස කලේ හැම අවස්ථාවකදීම තමන්ගෙ තාත්තත් එක්ක උදැල්ලක් අරගෙන වත්ත පිටියට ගිහින් වගා කරන්න. එදා ඒ විදියට ආසාව නිසාම වෙන්නැති අද ඇයට හැකියාව ලැබුණේ ඇයගේම කෘෂි ව්‍යාපාරයක හිමි කාරිනියක් වෙන්න.

මධුෂි දකිනවා තමන්ගේ අම්මයි තාත්තයි ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා ඉතින් ඉස්කෝලේ යන ගමන් ඇය දුවගෙන එන්නේ වත්තට තාත්තගේ වගාවට පොඩ්ඩක් හරි උදව් වෙන එක තමයි ඇගේ එකම අරමුණ. මධුෂිලට තිබුණා අක්කරයක් විතර පුංචි ඉඩක් ඒ ඉඩ මදි නිසා ඇගේ තාත්තා තවත් ළඟපාතක ඉඩමක් අඳයට ගන්නවා.  මේ ඉඩමේ තේ කුරුඳු ගම්බිරිස් එනසාල් ආදී බොහෝ දෙවල්  වගා කරන්න ඔහු තීරණය කරනවා.

ඉතින් මධූෂි ගේ තාත්තා කොයි තරම් දක්ෂ විදිහට වගා කරපු ගොවි මහත්මයෙක් ද කියනවා නම් ඔහු ශ්‍රී ලංකාවේ  තුන්පාරක්ම හොඳම ගොවියා බවට පත්වුණා. මේ විදිහට තමන්ගෙ තාත්තා දිහා බලලා තමයි මධුෂිට ආසාවක් ආවේ විශ්වවිද්‍යාලෙට ගියත් මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන දේ.

මේ විදිහට හිත හිතා එද්දී පසුගිය කාලසීමාව තුළදී වසංගත රෝග නිසා විශ්වවිද්‍යාල වහන්න තීරණය කළා. ඒ කාලෙදි ගොඩක් දෙනෙක් ගෙදරට වෙලා තමයි කාලය ගත කළේ. ඒ වෙද්දි ඇය   විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙන ගන්න කෙනෙක්. Lectures කරේ ඔන්ලයින් ක්‍රමයෙන් නිසා ඇයට වගාවකට යන්න ඕනෑ තරම් ඉඩකඩ තිබුණා.

ඒ නිසාම ඇය දෙපාරක් හිතන්නෙ නැතුව අක්කර හයක ප්‍රමාණයක කහ වගාවක් දානවා. වසංගත කාලසීමාවේදී කහ වලට ඉහළ ඉල්ලුමක් තිබ්බා එනිසා ඇය බය නැතුව වැඩේට අත ගැහුවා. ඊට අමතරව බැංකුවලින් මූ ආයතන වලින්  ණය පහසුකම් ලබා ගත්තා තාත්තගේ සහයෝගය තිබ්බ නිසා කහ වගාව සාර්ථක කරගන්න ඇයට සීයට සීයක්ම හැකියාව ලැබුණා. ඒ වෙද්දිත් කහ මිල ටිකෙන් ටික පහත වැටෙමින් තිබ්බා. නමුත් ඇය කිසිවිටෙකත් සැලුනේ නෑ ඇය කහ කුඩු කරන යන්ත්‍රයක් අරගෙන කහ වේලලා වෙළඳපලට දාන්න පටන් ගත්තා.

ඇයගේ මේ නිෂ්පාදනය සෞභාග්‍යය agri නමින් තමයි වෙළඳපලට ආවේ.මේ  වෙද්දි මධුෂි විසින් විගණන යන්ත්‍රයක් ද මිලදී අරගෙන තියනවා. ඉතින් ඇයට දැන් කොස් දෙල් පොලොස් වගේ දේවල් පවා වියළා ඇසුරුම් කර වෙළදපොළට දාන්න හැකියාව තියෙනවා. එ විතරක් නෙවෙයි ඇය ඇතුළු පවුලේ සියලු දෙනා මේ වන විට පොල් වගාවක් කරමින් පිරිසුදු පොල් තෙල්  නිෂ්පාදනය කරන්නත් ආරම්භ කරලා තියෙනවා.

මේ හැමදේම ඒ කරන්නේ විශ්ව විද්‍යාලය අධ්‍යාපන කටයුතු කරන අතරතුර. ඉතින් අවසානයේ මධුෂි සඳහන් කරේ රටට බරක් නැතිව ජීවිතය දිනන එක ඇගේ එකම අරමුණ කියලයි. ඒ වගේම තමයි  විදේශීය වෙළෙඳ පළට ඇයගේ නිෂ්පාදන හඳුන්වා දීමටත් ඇය සූදානමින්. ඒ තුළින් රටට හිඟ ඩොලර් ගෙන ඒම තමයි ඇයගේ ඊළඟ එකම බලාපොරොත්තුව. ඒ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ට ඉෂ්ට සිද්ධ කර ගන්නට මේ ධෛර්යසම්පන්න දියණියට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නේමු.