Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පැයකට බිම් මල් මාළු 250ක් අඩු පිරිවැයකින් පුරවා ගත හැකි විස්මිත යන්ත්‍රය

බිම්මල් කර්මාන්තය කියන්නේ බොහෝ දෙනෙක්ට ස්වයං රැකියාවක් විදිහට ගෙදරදි ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. බොහෝ අවස්ථාවන්වල දී රජය මැදිහත්වෙලා ස්වයං  රැකියා පිළිබඳව ජනතාව දැනුවත් කරද්දි මේ බිම් මල් වගාව පිළිබඳවත් අනිවාර්යෙන්ම දැනුවත් කිරීමක් කරනවා.

ඒකට මූලිකම හේතුව කාන්තාවකට හෝ වේවා පිරිමියෙකුට හෝ වේවා බිම්මල් වගාව වගාව හරියාකාරව නිසි අයුරින් පවත්වාගෙන ගියොත් මාසිකව සැලකිය යුතු ප්‍රමාණයක ආදායමක් ලබාගන්නට හැකියාව තියෙන නිසයි. ඒ වගේම ගෘහස්ථ වශයෙන් බොහෝ දෙනෙක් අද වෙද්දි බිම් මල් වගාව මහා පරිමාණ සිදු කරනු දකින්නට ලැබෙනවා. ඒ වගේම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි ගැටළුවක් තමයි ඒ සඳහා විශාල කාලයක් වැය වීම. නමුත් අද තාක්ෂණය දියුණු වීමත් සමග මේ සියලුම දේවල් වලට විසදුම් නිර්මාණය වෙමින් පවතිනවා.

ලෝකය තාක්ෂණික අතින් දියුණු වීමත් සමග මේ වගේ දියුණුවෙමින් පවතින ස්වයං රැකියාවන් සඳහා ගත කරන කාල වේලාව අවම කිරීමට තාක්ෂණය හරියාකාරව යොදා ගන්නා අවස්ථාවන් අපි නොයෙකුත් ආකාරයෙන් දැකලා තියෙනවා. ඉතින් අපි අද ඔබට මේ විශේෂාංගය තුළින් කියන්න යන්නේ ඉතාමත් අඩු වියදමකින් සහ අඩු කාල වේලාවකින් බිම් මල් බදුන් පුරවන්න කාර්යක්ශම තාක්ෂණයක් ඔස්සේ හඳුන්වාදුන් වටිනා යන්ත්‍රයක් පිළිබඳවයි.මේ තුළින් බිම් මල් වගාව නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙක්ට විශාල වාසි රැසක්ම හිමිකර ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපි බිම්මල් වගා කිරීම සඳහා වගා මළුවලට මේ වගා මාධ්‍ය පුරවන්න විශාල කාලයක් සහ විශාල ශ්‍රමයක් වැය කරනවා. පැයකට ඉතාමත් පුංචි ප්‍රමාණයක් තමයි අපිට මේ විදිහට අතින් කරනවා නම් පුරවා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ අඳුන්වා දුන් යන්ත්‍රය මගින් පැයකට මලු  දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයකට මේ යන්ත්‍රය මඟින්  මේ වගා මාධ්‍ය පුරවන්න පුළුවන් කියලා සඳහන් වෙනවා.

අතින් මේ කාර්යය කරනවා නම් පැයකට මේකෙන් දහයෙන් පංගුවක්වත් කරන්න බැහැ කියලා තමයි බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන්නේ. මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. මුලින්ම වගා මළු වලට පිරවිය යුතු වගා මාද්‍ය මේ යන්ත්‍රයට ඇතුල් කරනවා. ඊට පස්සේ යන්ත්‍රය ඇතුලෙදි මේ වගා මිශ්‍රණය ඉතාමත් හොඳින් මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා.

ඉන් අනතුරුව ඒ මිශ්‍ර වූ මිශ්‍රණය ස්වංක්‍රීයව මළු වලට පිරවිය හැකි ආකාරයෙන් තමයි මේ යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ඒ වගේම මෙහි ඇති තවත් විශේෂිත තත්ත්වයක් වෙන්නේ වගා මළු වලට අවශ්‍ය කරන මාධ්‍ය පිර වුනු පසු ස්වංක්‍රීයව යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම යි. ඒ වගේම මේ යන්ත්‍රය නිමාව ගැන සාකච්ඡා කරද්දී ඉතාමත් උසස් අමුද්‍රව්‍ය භාවිතා කරලා සියුම් ආකාරයෙන් මෙය නිපදවා තිබීමත් විශේෂත්වයක්.

ඉතින් මේ යන්ත්‍රය පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය බුලත්ගම බලංගොඩ යන ලිපිනය තුළින් ලබා ගන්නත් හැකියාව තියෙනවා.

 නව තාක්ෂණය ඔස්සේ  නිපදවූ මේ අලුත් නව නිපැයුම සඳහා අද වන විට බොහෝ දෙනෙක්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තියෙනවා කියලත් ආරංචියි. ඒ වගේම මෙය භාවිතා කරන ගොඩක් දෙනෙක් මේ යන්ත්‍රය සතු විශිෂ්ට තාවයන් සහ වාසි සහගත තත්වයන්  පිළිබඳවත් සාකච්ඡා කරල තිබුණා.

ඉතින් මේ ආකාරයේ නව නිපැයුම් තව දස දහස් ගණනක් ශ්‍රී ලංකාදීපය බිහිවේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු