Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වස විසෙන් තොර නිවසේදීම  පොල් තෙල් සිඳ ගන්නා අත් යන්ත්‍රයක් නිපදවූ චන්දන  මහතා

තේ පොල් රබර් යනු ශ්‍රී ලංකාවේ අපනයන බෝග අතර තියෙන ප්‍රධානම බෝග තුනක්. ඒ අතරින් පොල් ශාකය ගත්තහම අපිට පොල් ශාකය තුළින් විශාල ප්‍රයෝජන රැසක් ම ලබා ගන්න පුළුවන්.  පොල් ගෙඩියෙන් එදිනෙදා ආහාර පිසීම සඳහා අවශ්‍ය කරන පොල් කිරිද පොල් තෙල්ද අපිට නිෂ්පාදනය කර ගන්න අවස්ථාව තියෙනවා.

පසුගිය කාල සීමාව පුරාවටම අහිතකර සංඝටක අඩංගු පොල්තෙල් රැසක් වෙළඳපොල තුළ තියෙනවා කියන ප්‍රවෘත්තියක් සමාජය තුළ සමාජගත වුණා. විද්‍යාත්මකව ඔප්පු කරල බලපුහාම ඒ පොල් තෙල් තොග තුළ අහිතකර සංඝටක රැසක්ම තියෙනවා කියලා විද්‍යාඥයන් පවා සනාථ කළා.

එහෙව් පරිසරයක පාරිභෝගිකයන්ට තිබුණු මූලිකම ගැටලුව තමයි හොඳ පොල් තෙල් ලබා ගන්නේ කොහොමද කියන දේ. ඉතින් ඒ දේට හරි අපූරු විසඳුමක් හොයා ගත්තු නව නිපැයුම්කරුවෙක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ඔහු ජීවත් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ. මේ නව නිපැයුම්කරු නමින් වයි. එල් චන්දන සේනානායකයි. ඔහු රජයේ රැකියාවක නියුතු රාජ්‍ය සේවකයෙකු වන අතර නව නිපැයුම්කරුවෙක් විදිහට  වස විසෙන්   තොරව  නිවසේදීම පොල් තෙල් සිදගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න සමත් වුණා.

මේ අත් යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ  ඒ ප්‍රදේශය ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් අනුවයි. ඉතින් මේ යන්ත්‍රය ඉතාමත් සාර්ථක නව නිපැයුමක් විදිහට ගොඩක් දෙනෙක් හඳුනාගෙන තියෙනවා. ඒ නිසාම තවත් පුද්ගලයන් 18 දෙනෙක් පමණ සම්බන්ධ කර ගනිමින් ඒ යන්ත්‍රයේ නිෂ්පාදන කටයුතු සිදු කරන්න චන්දන මහත්මයා වැඩපිළිවෙළක් යොදලා තියෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ යන්ත්‍රය වසර ගණනාවක කාලයක වුණත් නිවසක පාවිච්චි කරන්න හැකි අනර්ඝ තත්ත්වයේ පවතින යන්ත්‍රයක් කියලයි. ඒ වගේම වෙළඳපොලේ පොල්තෙල් සිඳින යන්ත්‍රයක්  සාමාන්‍යයෙන්  රුපියල්  6875 ක පමණ මුදලකට  නිෂ්පාදනය කරත් රුපියල් 2 875 ක මුදලකට පාරිභෝගිකයට ලබාදීමට ලබා දීමට ඔහුට හැකියාව තියෙනවා කියලයි.

අඩු වියදම ඒ වගේම ඉතාමත් කාර්යක්ෂමතාවයකින් මෙමඟින් පොල්තෙල් වෙන් කරගත හැකිවීම නිසා බොහෝ දෙනෙක්ට මේ නව නිපැයුම තුළින් ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සඳහා ඔහු භාවිතා කලා තියෙන්නේ සුදු යකඩ.

සුදු යකඩ මිල ගණන් ඉහළ යාම නිසා  ඔහු  දරුණු ප්‍රශ්නයකට මුහුණ දීලා හිටියත් ජනතාවට උපරිම සාධාරණව යන්ත්‍රය ලබාදීමට චන්දන මහත්මිය උනන්දු වෙනවා. ඒ වගේම තමයි ඔහුගෙන් මේ වන විට මේ යන්ත්‍රය ලබාගෙන සාර්ථකව ඒ තුළින් ප්‍රතිලාභ ලබන විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එකත් සතුටට කරුණක්.

භාවිතා කිරීමට ඇති පහසුව නිසාත් වැඩි පිරිවැයක් දරන්නට සිදු නොවන නිසාත් මේ යන්ත්‍රය මඟින් ඔබටත් ඉතාමත් පහසු ආකාරයකින් නිවසේදීම පොල්තෙල් පොල් තෙල් සිඳ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තව තවත් ඉදිරියට මෙවැනිම ආකාරයේ නව නිපැයුම් කරන්නට ඔහුට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍රය අද පුවත්පත