Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් විදිහට පේරාදෙණිය ඉංජිනේරු සිසුන්ගෙන් ත්‍රී වීලර් රථයක්

අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියලා පැරණි කියමනක් තියනවා. ඉතින් මේ කියමනට අනුව අලුත් දෙයක් පිළිබඳව හොයන්න අවධානය යොමු කළොත් අනිවාර්යෙන්ම අපිට තාක්ෂණය අතින් හෝ වේවා රටක් වශයෙන් හෝ වේවා ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්න බොහෝ අවස්ථාවන් ලැබෙනවා.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකමය තත්ත්වය ගත්තහම හරිම කණගාටුදායකයි . ඒ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා. රට තුළ අධික උද්ධමන තත්ත්වයක් පවතිනවා ඒ වගේම මිනිසුන්ට එදිනෙදා පරිභෝජනය කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගන්න සිද්ද වෙලා තියෙන්නෙව් අධික වියදමක් දරලා.

එවන් කාල සීමාවක් තුලදී බොහෝ දෙනෙක් පීඩාකාරී ව  පීඩා විඳපු ගැටලුවක් තමයි වාහන වලට අවශ්‍ය කරන ඉන්ධන නොමැති වීම කියන දේ. වාහනවලට ඩීසල් පෙට්රල් නොමැති වූ නිසා පසුගිය කාලසීමාව තුළ වර්තමානය වන විටත් විශාල පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල අපට දැක බලා ගන්න අවස්ථාව ලැබුණා.

එවන් කාල වකවානුවක් තුළ අඳුරේම හිඳිමින් අඳුරටම බැනවදිනවා ට වඩා එක එළියක් හෝ එළිය කළ යුතුයි කියන චේතනාව මත  එක්තරා සිසු කණ්ඩායමක් විසින් හරි අපූරු නව නිපැයුමක් හඳුන්වා දෙනවා  මේ නව නිෂ්පාදනය අපූරු නව නිපැයුමක් කිව්වේ මොකද දන්නවාද මේ නිෂ්පාදිතය තුළින් රටේ ඉන්න ප්‍රශ්නයට විසඳුමක් අපට ලබාගත හැකි වීමයි.

ඔවුන් රටේ තියෙන ප්‍රශ්නයට සරල විසඳුමක් වශයෙන් ඒ වගේම පරිසර හිතකාමී ආකාරයෙන් ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියා කරන ත්‍රීරෝද රථයක් හඳුන්වා දෙනවා . මේ නව නිපැයුම හදුන්වා දෙන්නේ  පේරාදෙණිය විශ්ව  විද්‍යාලයේ  ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින්.

මේ ත්‍රිරෝද රථය ප්‍රථම වරට ප්‍රදර්ශනය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය ඒකාබද්ධ ජල පරීක්ෂණ මධ්‍යස්ථානයේදී. මෙහිදී මේ ත්‍රී රෝද රථයේ තියෙන වටිනාකම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලන්ත සමරනායක මහතා විසින් මාධ්‍ය හමුවේ හෙළි කරා.

මේ වන විට පවතින උග්‍ර ඉන්ධන ගැටලුව නිසා රට තුළ බොහෝ දෙනෙක්ගේ අවධානය මේ නව නිපැයුම වෙත ලැබිලා. ඒ නිසාම ගොඩක් දෙනෙක්ට දැන ගැනීමේ පහසුව තකා අපි ඔබට  මේ නව නිපැයුම් පිලිබද තොරතුරු කීපයක් ඉදිරිපත් කරන්නම්.

මේ අපූරු නිර්මාණය  E wheeler කියලා තමයි හදුන්වන්නේ. ඒ විදිහට මේ ත්‍රිරෝද රථය හඳුන්වන්නේ මේ විදුලියෙන් ක්‍රියා කරන නිසයි. මෙහිදී එක් බැටරි ආරෝපණයක් මගින් කිලෝ මීටර් 60 ක දුර ගමන් කරන්න හැකියාව තියෙනවා කියලා මහාචාර්යවරයා සඳහන් කරා.

ඉතින් ඉදිරියේදී මේ ත්‍රී රෝද රථය  රටේ ව්‍යාපාරික මට්ටමෙන් කර්මාන්තශාලාවල නිපදවන්න තීරණය කළහොත් ලංකාවේ තියෙන මිලියන දෙකක ත්‍රීරෝද රථ විදුලියෙන් දිවීමට දි වීමට අවස්ථාව සලසා ගන්න හැකියාව තියෙනවා කියලත් ප්‍රකාශ කළා.

මේ නව නිපැයුනේ තියෙන තවත් සුවිශේෂී තාවයක් තමයි ඒ සඳහා යොදන බැටරිය ත්‍රීරෝද රථ හිමිකරු විසින් ආරෝපණය කිරීමට අවශ්‍ය නොවීමයි. ඒ කියන්නේ හිස් ගෑස් සිලින්ඩරයක් දීලා අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නවා වගේ වැඩක් මේකට කරන්න පුළුවන්.

සරලවම කිව්වොත් මේ සඳහා භාවිතා කරන් බැටරිය රටපුරා ස්ථාපිත කරන මධ්‍යස්ථානවලදී හුවමාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ආරෝපණය අඩු වූ බැටරිය ලබාදී ආරෝපණය කරන ලද නව බැටරියක් ලබාගත හැකිවීම විශේෂත්වයක්. එහිදී ත්‍රීරෝද රථ හිමිකරුට විදුලිය සඳහා පමණක් යම් මුදලක් ගෙවීමට සිදු වෙනවා කියලා මහාචාර්යවරයා සඳහන් කළා.

ඉතින් මේ නිර්මාණය තියෙන සුවිශේෂීතාවය නිසාම පෞද්ගලික සමාගම් කීපයක්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා කියලා ආරංචි වෙනවා. ඉතින් අනාගතයේදී විදුලියෙන් ක්‍රියාත්මක වන ඉන්ධන භාවිතා නොකරන අලුත් ත්‍රීරෝද රථයක සුබ බලාපොරොත්තු අතැතිව අපි මඟ බලා සිටින්නෙමු.

මේ නව නිපැයුම සාර්ථක කර ගැනීමට කර ගැනීමට උදව් උපකාර කරපු සහ ඒ වෙනුවෙන් කැප වූ සියලුම දෙනාටත් අපේ ශුභාශිංසන  එකතු කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි

මූලාශ්‍රය අද පුවත්පත