Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් තමිල්නාඩුවට පිහිනා ගිනස් ලෝක වාර්තාවක් තබයි

ඕනෑම රටක රටේ අනාගත අභිවෘද්ධිය භාර ගැනීම සඳහා සූදානම් විය යුත්තේ ළමා පරපුරයි. ඉතිං ළමා පරපුර ගුණධර්ම වලින් පෝෂණය වෙලා නිසි ආකාරව සමාජගත වෙනවා නම් රටටත් ජාත්‍යන්තරයටත් කීර්තියක් අත්පත් කර දෙන්නට තරම් සමත් අභියෝගයන් පවා ඔවුන් බාර ගන්නවා  නොඅනුමානයි.

ළමයි මල් වගේ කියලා කියන්නේ ඒක නිසයි. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම විධිමත් අධ්‍යාපන රටාවක ට ඔවුන් ම අනුගත කළොතින් ඔවුන් විසින් සිද්ධ කරන්නේ ලෝකයට යහපත් දේම පමණයි. ඕනෑම සමාජයක ළමයි ගත්තහම විවිදාකාරය මානසික තත්ත්වයෙන් ජීවත් වෙන ළමයි අපිට අඳුනගන්න පුළුවන්.

ඉතින් ඒ විදිහට කිවුවහම ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් කියන්නෙත් ඒ වගේම සමාජයේ ඇගයීමට පාත්‍ර වෙන්න ඕනේ වැදගත් ළමයි කොට්ඨාසයක් කියලා. ඉතින් අවාසනාවන්තම කරුණ තමයි සමහර සමාජය පිළිබඳව නොදන්න ලිංමැඩි අදහස් තියන මිනිසුන් මේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සමාජයේ දෙයක් කර කියා ගන්න බැරි දුර්වලයන් ගානට දාලා තියෙනවා.

අන්න චින්තනය නිසාම තමයි අද වන විට විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් පිළිබඳව  විශේෂෙන්ම විවිධ සංවිධාන හෝ වේවා විවිධ පුද්ගලයන් හෝ වේවා ඔවුන්ගේ අවධානය වැඩිපුර යොමු කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකාව ගත්තහම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව පිළිබඳව අවධානය යොමු කරද්දී  බොහෝ වෙලාවට රජයේ පාසල් වල විශේෂ අධ්‍යාපනය ලබන දරු දැරියන්ට විශේෂිත ඒකකයක් පිහිටලා තියෙනවා. ඉතින් ඒ තුළින් හරි ආකාරව අධ්‍යාපනය ලබන මේ දරුවන් ලෝකයටත් ජාතියටත් සේවයක් කරන්න එක එකහෙළා ඇප කැප වෙනවා.

 මේ කියන්න සූදානම් වෙන්නේ එඒය විදිහට නිසි අධ්‍යාපනික මාර්ග උපදේශනය යටතේ තමන්ගේ රෝගී තත්ත්වය හුදෙක් රෝගී තත්ත්වයක් ම පමණක් කියා ඔප්පු කරමින් රටේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගියපු ආදරණීය චරිතයක් පිළිබඳවයි.

ඉතින් ඇය දිරිය දැරියක් කිව්වොත් තවත් නිවැරදියි. ඇය නමින් ජියා රායී වන අතර වයස අවුරුදු දහතුනයි. ඇය පිළිබඳව විශේෂෙන්ම කතාබහ කරන්නේ පසුගිය දවසක විවෘත ජලය තලේමන්නාරමේ ඉඳන් තමිල්නාඩුවට පිහිනා  ලෝකවාර්තාවක් තබන්නට වාසනාවන්ත වූ නිසයි.

 මේ වගේ දරුවෙක් ලෝක වාර්තාවකට හිමිකම් කියන්න අවස්ථාව ලබා ගත්තා කිව්වහම  ගොඩක් දෙනෙක්ට පුදුමයට පත්වුණා. ඒකට ප්‍රධානම හේතුව ඇය ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසයි.

නමුත් ඇය රෝගයට තමන්ගේ අනාගතය තීරණය කරන්නට ඉඩ දෙන්නේ නැතුව අපූරු දක්ෂතාවය උපයෝගී කරගෙන  ඇය කිලෝමීටර් 14 ක දුරක් පැය 13 වැඩි කාල සීමාවක් තුලදී පිහිනා අවසන් කිරීමට සමත් වුණා. මේ ජයග්‍රහණය ලබාගැනීමෙන් අනතුරුව ඇයට හැකියාව ලැබුණා විශේෂ කාන්තාවන්ට හිමි ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කියන්න.

සාමාන්‍ය ඔටිසම් රෝගී රෝගී දරුවෙකුත් සමඟ කටයුතු කරන්න ටිකක්   අපහසුයි ඒ වගේම  අදහස් ප්‍රකාශ කරන්නත් අපහසුයි නමුත් මේ ධෛර්යසම්පන්න දියණි ය කොයිතරම් මනසින් දියුණු ද කියලා ඇය ලබාගත් මේ ජයග්‍රහණය තුළින් අපිට හිතන්න පුළුවන්.

මේ ජයග්‍රහණය හේතුවෙන්ම ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබාදෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රරීය බාල් පුර්ස්කර් සම්මානයෙන් ඇය පිදුම් ලබන්නත් වාසනාවන්ත වුණා.

ඉතින් අපි මේ දිරිය දියණියට තව තවත් අභියෝගයක් ජයගෙන ජීවිතය දිනන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා  කරන්නෙමු.