Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලංකාව නියෝජනය කරමින් අවුරුදු දහනවයක විශ්වවිද්‍යාල තරුණියක් ජාත්‍යන්තරයට ගිය ආකාරය

අපි නොයෙකුත් අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය කරා අරගෙන ගියපු බොහෝ  සුප්‍රසිද්ධ චරිත පිළිබඳව  කතාබහ කරනවා. ඉතින් අපි අද ඔබට කියන්නේ ශ්‍රී ලාංකික මවගේ කුසින් බ්‍රිතාන්‍ය ජාතික පියෙකුට දාව උපදින මේ අපූරු සුරූපිනියගේ සුන්දර කතාවයි.

ඇය නමින් ෂදී ග්‍රීන්වුඩ් ඉතින් මේ සුරූපිනිය පසුගිය දවසක පැවති ලෝක රූ රැජින තරගාවලිය  තුළ තවත් රූප රාජිනියන් තිස් නම දෙනකු සමඟ ශ්‍රී ලංකා මාතාව රනින් කිරුළු පළඳින්නට ජාත්‍යන්තරය  නියෝජනය කලා.

මේ තරගයට ලංකාවට පිටත් වීමට කලින් ඇය තමන්ගෙ පෞද්ගලික ජීවිතය තොරතුරු රැසක් හුවමාරු කරගෙන තිබුණා. මේ සුන්දර තරගකාරිය  siyatha miss sri lanka for miss world තරගයෙන් ජයග්‍රහණය කරලා තමයි ජාත්‍යන්තරය නියෝජනය කරන්න සූදානම් වුණේ.

මේ තරඟාවලිය සඳහා ඇය හොඳ අත්දැකීමකින් සහ දැනුමකින් පරිපූර්ණව සූදානම් වුණා. ඕනෑම ගමන් මගක අභියෝගාත්මක කඩඉම් අපට හම්බ වෙනවා ඉතින් ඇයටත් ඒ වගේම විවිධ අභියෝග වලට මේ ගමන් මඟ තුළ දී මුහුණ දෙන්න සිදුවුණා. ඒ පිළිබඳව ෂදී අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“ඔබ හිතන්න මිලියන 22 ක ජනතාවක් නියෝජනය කිරීම සඳහා වයස 19 ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය  2020 අවසන් කළ කෙල්ලක් තෝරා ගැනීම මට ලැබුණු ලොකු අභියෝගයක් නෙවෙයිද. මෙතෙක් මම ආ ගමන තුළ මට හොඳ සහ අපූර්ව පිරිසක් හැම පැත්තෙන්ම උදව් කළා. තවමත් උදව් කරනවා. සියත කණ්ඩායම ඇතුළු පිරිස මට පුදුම විදිහට උදව් කරපු නිසා මේ ගමන සාර්ථකව ඉදිරියට ගමන් කරන්න මට හැකි වුණා. ඒ සියලු දෙනාගේ උදව්ව කැපවීම මත තමයි ශ්‍රී ලංකාව අවසන් රටවල් හතලිස් දෙනා අතරට තේරුණේ.”

ඉතින් මේ සියලුම ජයග්‍රහණයන් පිටුපස ඉන්නේ ඇගේ ආදරණීය පවුලේ සහෝදර සහෝදරියන් සහ අම්මා තාත්තයි. ඒගොල්ලන්ගෙන් වටිනා සහයෝගයක් ලැබුණේ නැත්නම් ඇයට මේ තරගාවලිය හීනයක් විතරයි.

මේ සුරූපී තරුණිය සැබැවින්ම හරිම ලස්සනයි. අන්න ඒ නිසයි ඇයට රූප රාජීනී තරගයක් නියෝජනය කරන්න තරම් සුදුසුකම් ලැබුණේ  ලස්සන වීම සහ සුන්දරත්වය ආරක්ෂා කරගන්න ෂදී අනුගමනය කරන පියවර කීපයක් පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“ලෝක රූ රැජන තරගයේ දී බලන්නේ තරුණියන්ගේ මුහුණේ ශරීරයේ සුන්දරත්වය  පමණක්ම නෙවෙයි. දක්ෂතා ,බුද්ධිය පෞරුෂත්වය මේ සියල්ල බලමින් මේ සියල්ල හොඳින් තියෙන යුවතියක් තමයි කිරුළට හිමිකම් කියන්නේ.

මමත් විශ්වාස කරන දේ තමයි යම් කෙනෙකුගේ හදවත සහ ඇතුළාන්තය පිරිසිදුයි නම් ලස්සන නම් ඔවුන්ගේ සොඳුරු බව රූපෙන් පෙනෙන බවයි. ඒ විතරක් නෙමෙයි missworld වෙන්න හොඳ ගුණාංග රැසක් තරුණියක් සතුව තිබිය යුතුමයි ඇය හැම අතින් ම කැපී පෙනෙන කෙනෙක් විය යුතුමයි.

මම ලස්සනට ඉන්න නිතරම පිරිසිදුව ඉන්නවා. ඒ වගේම මේකප් කරන්න නම් ඒ තරම් කැමැත්තක් නැහැ ස්වාභාවික සුන්දරත්වය තමයි මම අගය කරන්නේ. Miss world සඳහා beauty කියන්නේ එක කාරණයක් විතරයි. මම විශ්වාස කරන හැම කෙනෙක් ළඟම මොකක් හරි සුන්දරත්වයක් තියෙනවා.”

ඒ විදියට අදහස් දක්වන මේ සුන්දර තරුණියට මේ ගමන් මග  තුළ ඇයට  දොරවල් රැසක්ම විවෘත වුණා කියලා සඳහන් කළා. ඉතිං ඒ සියළුම අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන උපරිම ප්‍රතිඵල භුක්ති විඳින්න ඇය සූදානමින්. ඉතින් ඇගේ ඉදිරි වැඩකටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි සුභ පැතුම් එක් කරන්නෙමු.

මූලාශ්‍රය නවලිය පුවත්පත