Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කෝපි සහ වයින් වලින් අපූරු සිතුවම් මවන අපූරු  සිත්තරාවිය

කලාව කියන්නේ පුලුල් පරාසයක පැතිරුණු දෙයක්. කියමනටත් කියනවා කලාවත් එක්ක ජීවත්  වන  මිනිස්සුන්ගේ හදවත බොහොම ලස්සනයි කියලා. ඉතින් අනිවාර්යෙන්ම කියන්න ඕනේ කලාව කියන දේ හැමෝටම එක විදිහට පිහිටන්නේ නෑ. කලාවට ආදරේ කරන ඒ වෙනුවෙන් ඇප කැප වන කෙනෙක්ට තමයි ඒ  ක්ෂේත්‍රය තුළ අලුත් දෙයක් කරන්නත් අලුත් දෙයක් ගැන හිතන්නත් අවස්ථාව තියෙන්නේ.

ඉතිං අපි අද ඔබට කියන්න යන්නේ කලා ලෝකය තුළින් චිත්‍ර කලාවට අවධානය යොමු කරලා ජීවිතේ ජයගන්න උත්සාහ දරන හරි අපූරු චරිතයක් පිළිබඳවයි. ඇය නමින් අශේනි ජයංගනී. මේ අපූරු කලා කලාකාරිණිය ව අපිට හම්බවෙන්නේ කවුරුත් අවධානය යොමු කරන්න නැති හරි අපූරු පැත්තකට තමන්ගෙ ඇහැ යොමු කරපු දක්ෂ තරුවක් විදිහටයි.

ඉතින් කෙනෙක්ට දළ වශයෙන් ඇය පිළිබඳව අදහසක් කියනවානම් මේ සුන්දර චරිතය චිත්‍ර කලාව  සිදු කරන්නේ කෝපි සහ වයින් භාවිතා කරලා. ඉතින් ඕනෑම පුද්ගලයෙක් හිතන්න පුළුවන් දෙයක් තමයි ඒ විදිහට චිත්‍ර අඳින්නේ කොහොමද කියලා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඇය කරන මේ අපුරු ක්‍රියාව පිළිබඳවයි.

අසේනී චිත්‍ර කලාවට පොඩි කාලේ ඉඳන්ම ලොකු  ආසාවක් තිබ්බ කෙනෙක් . එනිසාම වසංගත රෝගී කාලසීමාව තුළදී ඇය චිත්‍ර කලාව පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කරන්න පටන් ගත්තා . ඇය අඳින්න පටන් අරන් උපරිම අවුරුද්දක් වගේ කාල වකවානුවක් තමයි වෙන්නේ.

මේ ක්ෂේත්‍රය තුළ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ඒ පිළිබඳව වැඩිදුර දැනුම ලබාගන්න  ගොඩක් ප්‍රවීණයන්ගෙන් ඇය උදව් උපකාර ලබාගෙන තියෙනවා. ඉතින් ඒ සියලුම දෙනා ඇයට ඉස්සරහට යන්න අවශ්‍ය කරන අඩුපාඩු පෙන්නලා දීලා උපකාර කලා කියලත් අශේනී සඳහන් කළා.

ඇය මුලින්  චිත්‍ර ඇදීම සදහා භාවිතා කරන්නේ කෝපි සහ වයින්. මේ මාධ්‍ය දෙක භාවිතාකරන්න අශේනී පෙලඹුනේ එක්තරා වීඩියෝවක් බලලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහටයි.ඉතින් ලංකාවේ  ගොඩක් දෙනෙක්  මේ මාධ්‍ය යොදාගෙන චිත්‍ර අඳින්න පෙළඹෙන්නේ නැහැ.

නමුත් ඇය නම් සඳහන් කරන්නේ ලංකාවෙන් පිට බොහෝ දෙනෙක් මේ මාධ්‍ය භාවිතා කරලා අර්ථවත් අලංකාර සිතුවම් නිර්මාණය කරනවා කියලයි. ඇය සොයා ගත්තු මේ අලුත්ම චිත්‍ර කලාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදියටයි.

“ගොඩක් ප්‍රවීණයන්ගෙන් මට ලොකු උදව් උපකාර ලැබුණා. අඩුපාඩු පෙන්නල දීලා ඉස්සරහට යන්න උදව් කරන බහුතරයක් හිටපු නිසා තමයි මේ පොඩි කාල සීමාවට මේ විදියට අදින්න පුළුවන් කමක් ලැබුණේ.

කෝපි සහ වයින් කියන්නේ අඳිනවා නම් වෙනස් මාධ්‍ය දෙකක්. ලංකාව ඇතුලේ බහුතරයක් දෙනා මේවා අඳින මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ නැහැ. නමුත් ලංකාවෙන් පිට බොහොමයක් කලාකරුවෝ කෝපි කියන මාධ්‍යය භාවිත කරනවා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම කෝපි පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පටන් ගත්තේ “

ඇය මුලින්ම චිත්‍ර කර්මාන්තයට යොමු වුණු ආකාරය පිළිබඳව අදහස් දැක්වූයේ ඒ විදිහටයි. මේ නිර්මාණවලට මුහුණු පොත හරහා අසෙනිට  විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇය කරන පෙන්සිල් ආර්ට් වලට වඩා ගොඩක්ම කෝපි යොදාගෙන කරන චිත්‍රවලට වැඩි ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා තමයි සඳහන් කළේ.

ඉතින් චිත්‍ර කලාවට ඉදිරියටත් අලුත්ම  ක්‍රමයන් හඳුන්වා දෙන්න  ඇය සූදානමින්. ඉතින් ඇගේ ඉදිරි වැඩ  කටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.