Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

චිත්‍ර ශිල්පය ඇසුරෙන් පිළිමවලට අපූරු හැඩක් දෙන සොඳුරු කලාකරුවා

ලංකාවෙ සංස්කෘතිය අතර ප්‍රධාන අංගයක් ගන්නා දෙයක් තමයි කලාව කියන්නේ. ශ්‍රී ලංකාවේ බොහොමයක් කලා ශිල්පීන් පරම්පරාවෙන් පරම්පරාවට තමන්ට උරුම වූ ඒ ශිල්පය ඉදිරියටම ගෙන යන්න ඇප කැප වෙන පුද්ගලයන්. නමුත් ඒ අතරින් පරම්පරාවක් ගෑවිලා වත් නැතිව  තමන්ගේ ම සහජ හැකියාවෙන් කලා ශිල්පය දියුණු කර ගත්තු පුද්ගලයන් පිළිබඳව අපි ඕනෑ තරම් අහලා තියෙනවා.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ ආකාරය තමන්ගේම සහජ හැකියාවෙන් සිය අරමුණු  ඉටු කරගන්නට උත්සහ දරන චරිතයක් පිළිබඳවයි. ඔහු නමින් අමරනාත් දිනේෂ්. චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු සිදු කරන දිනේෂ්  මේ වෙද්දි බොහෝමයක්  නිර්මාණයන්  කරල තියෙනවා.

ඔහු වැඩිපුරම මේ නිර්මාණ හැකියාව ප්‍රදර්ශනය කරන්නේ පන්සල් ආශ්‍රිතව චිත්‍ර ඇඳීමෙන්. ඒ වගේම පන්සල් හාරසීයක විතර මේ වෙද්දි වැඩ කටයුතු කරන්න ඔහුට අවස්ථාව උදාවෙලා තියෙනවා. වැඩිපුරම දිනේෂ්  කරන්නේ මකර තොරණ ,චෛත්‍යය ,පිළිම නිර්මාණය සහ පන්සල් වල බිතුසිතුවම් නිර්මාණය කිරීම ආදී ක්‍රියාවන්.

ඔහුගේ විශේෂත්වය තමයි ඔහු විසින්ම කාලයක් පවතින ලස්සන ලස්සන පාට මේ චිත්‍ර නිර්මාණය  කිරීම සඳහා යොදා ගැනීම. ඒ විදිහට හොඳින් වර්ණ යොදා ගෙන නිර්මාණය කරන මේ චිත්‍ර අඩුම අවුරුදු 50 පනහක් වත් තියෙනවා කියලා තමයි දිනේෂ් ප්‍රකාශ කරන්නේ.

ඔහුට මේ කුසලතාවය පරම්පරාවෙන් දායාද වුණු දෙයක් නෙවෙයි. ඔහුගේම උත්සාහයෙන්  සහ කැපවීමෙන් දියුණු කර ගත්තු එකක්. මුලින්ම ඒවගේ දේවල් කරද්දි ඔහුට ගෙදරින් ඒ තරම් ලොකු කැමැත්තක් තිබිලා නැහැ. ඒකට මූලිකම හේතුව එයාලා විශ්වාස කරලා තියෙනවා බුදු පිළිම දේව ප්‍රතිමා ආදී දේවල් හදද්දි ඒ නිර්මාණකරුවාට වස් වදිනවා කියන කතාව.

මුලින් ඒ දේවල් ගැන තදබල විදිහට දෙමව්පියන් විශ්වාස කලත් පස්සෙ කාලෙ දිනේෂ් ඉන්න තත්ත්වය ගැන තේරුම් ගෙන  ඔවුන් අද හදවතින්ම සතුටු වෙනවා. මේ වන විට ශිල්ප සභාවේ ඔහු ලියාපදිංචි වෙලා නැති නිසා විවිධ ආකාරයේ තරගවලින් වලට සහභාගි වෙන්න ආරාධනා ලැබිලා නැහැ.

ඒ කෙසේ වෙතත් ඇමෙරිකාවේ නිව්යෝර්ක්වල පන්සලක චිත්‍ර අඳින්න යන්න ඔහුට ආරාධනා ලැබිලා තියෙනවා. මේ වන විට ඔහු නුවර රෝහලේ පොළොන්නරුව රෝහලේ ඒ වගේම රිච්වේ ආර්යා රෝහල  ආදී බොහෝ ස්ථානවල පිළිම නෙළා තිබීම විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් මේ විදිහට මහන්සි වෙලා කරන පිළිම වලට විශාල මිලක් ගන්න පුළුවන්. නමුත් ඔහු අය කරන්නේ බොහෝ දෙනා අයකරන මිලට වඩා ගොඩක් අඩුවෙන් පුංචි මුදලක්. ඒ නිසාම දිනේෂ්ට ලැබෙන වැඩ ප්‍රමාණය අඩුවක් වෙන්නෙත් නැහැ .

මේ වන විට ඔහු විසින් අවුකන පිළිමයේ  හැඩයට කටුගස්තොට අඩි 23 ක් උස බුදු බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා. දිවා රෑ නොතකා කරපු මේ නිර්මාණය සඳහා ඔහුට දවස් විසි අටක් වැනි කාලයක් තමයි ගත වෙලා තියෙන්නෙ.

මුලින්ම චිත්‍ර සහ මූර්ති අලෙවිසලක් පටන් ගන්න නුවරට ආපු ඔහු  මේ වන විට ඒ ප්‍රදේශයේම දන්න කියන දක්ෂ කලා ශිල්පියෙක් වෙලා. අනාගතයේදී නුවර නේවාසික මූර්ති පාසලක් ආරම්භ කිරීම තමයි දිනේෂ්ගේ මූලිකම අරමුණ.

ඉතින් ඒ සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ගන්නවා කියලත් ආරංචියි  ඒ සියලුම උත්සාහයන් දිනෙන් දිනම සාර්ථක වේවා කියා මේ සොඳුරු  කලාකරුවාට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මූලාශ්‍රය අරුණ පුවත්පත