Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලොව විශාලතම සහ වටිනාම මැණික් පොකුර ලෙස කහවත්තේ මැණික ගිනස් පොතට

පසුගිය කාල සීමාව පුරාවට බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු ලක්වුනු මාතෘකාවක් තමයි වසරකට පෙර කහ වත්තෙන් හමුවූ කිලෝ 510 ක බරකින් යුක්ත අපූරු මැණික් පොකුර. ඉතින් ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධ විශේෂඥයන් බොහොමයක් දෙනා සඳහන් කළේ මේ ගල වටිනාකමකින් තොර කිසිම වටිනාකමක් නැති ගලක් කියලයි.

ඒ වගේම ඔවුන් සෑම අවස්ථාවකදීම සඳහන් කළේ මේ ගලට වඩා වටිනාකමින් යුත් ගල් ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් තිබුණා කියලයි. ඉතින් ඒ කතා වලින්  කිසිවිටකත් පසු පසුබැස්සේ නැති මේ මැණික හමුවුණ පවුලේ උදවිය හරි අපූරු තීරණයක් ගන්නවා.වාසනාවකට වගේ මේ ගල හමුවුණේ ජපුර සරසවියේ ව්‍යාපාර කළමනාකරණය හා ගණකාධිකරණය හැදෑරූ අමරසිරි මහතාගේ පවුලටයි. ඔහුගේ පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ මුදල් හා ගිනුම්කරන ඒ ගැන ඉහළ අධ්‍යාපනයක් ලැබූ බුද්ධිමත් තරුණයෙක්.

ඒ නිසාම ඔහු තීරණය කරනවා සියලු ගැරහුම්  මැද මේ ගල ජාත්‍යන්තරය කරා ගෙන යන්න. ඔහු මේ ගල ජාත්‍යන්තරයට අරං ගිහින් එහි විද්‍යාත්මකව ගලේ වටිනාකම සොයන්නට මූලිකව අරමුණු කර ගත්තා. ඒ සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහයෝගය ද ඔවුන්ට නිතරම ලැබීම වාසනාවක් වුණා.

  අශාන්ගෙ මූලිකම අරමුණ තමයි මේ ගල වීදුරු පෙට්ටියක අසුරා ප්‍රවාහනය ගැන විශේෂඥ සමාගමකට භාර දීම. ඊටත් පසුව ඔහු තීරණය කළා ඒ ගල ලොව ප්‍රමුඛතම මැණික් පරීක්ෂණාගාරය වන ස්වීස් හී ගුබ්ලින් පරීක්ෂණාගාරයට අරගෙන යන්න.

බොහොම අභියෝගතා මැද මේ ගල ඒ පරීක්ෂණාගාරයට අරන් ගියාට පස්සේ ජාත්‍යන්තර භූ විද්‍යාඥයන් එය දැඩි පරීක්ෂාවක් කර  වාර්තා දෙකක් එළි දක්වනවා. ඒ වාර්තාවන්ට අනුව මේ මැණික් පොකුර ලොව අති විශේෂ වූ දුර්ලභ මැණික් පාෂාණයක් බවට සනාථ වුණා. ඒවගේම මෙතෙක් හමු නොවූ ක්‍රිස්ටල් මැණික් පොකුරක් බවට ද එය විග්‍රහ කළා.

ඒ විතරක් නෙමෙයි මේ මැණිකේ ස්වභාවය ඉතාමත් සජීවී තත්ත්වයෙන් පවතිනවා කියලත් මේ පරීක්ෂකවරුන් අවසානය ප්‍රකාශ කළා. මේ ජයග්‍රහණයෙන් පස්සේ අශාන් මේ මැණික  ස්වීස් හී සුරිච් ගුවන්තොටුපලේ විශේෂිත ආරක්ෂිත කුටියක තැන්පත් කරන්න තීරණය කළා.

දැන් ජාත්‍යන්තරයට මැණික අරන් ගිහින් ඒක ඉතාමත් හොඳ මැනිකක් කියලා ඔප්පු කර ගත්තට පස්සේ ඔහුගේ ඊළඟ පිම්ම වුණේ  ගිනස් ලෝක වාර්තාවක් මේ මැණික සඳහා පිහිටුවන්නයි. ඉතින් ඒක හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ගිනස් වාර්තාව සම්පූර්ණ කරන්න ගල පරික්ෂා කිරීම සඳහා අශාන් විසින් කොන්දේසි මාලාවකට යටත් විය යුතුයි.

ඉතින් ඒ සියල්ලම වැඩකටයුතුත් ඒ විදිහට සිද්ධ වෙද්දී ඊලඟට තිබ්බ ගැටලුව තමයි ගුවන් තොටුපළක  මේ ලෝක වාර්තාව පිහිට වන කාර්යය කාර්ය සිදුකර හැකි ද යන්නයි. ඊට පස්සේ අශාන් ගුවන්තොටුපල බලධාරීන්ගෙන් අවසරය ලබාගෙන මේ ලෝක වාර්තාව පිහිට වන්න මූලික පියවර තියනවා.

ගුවන් තොටුපළකදී ගිනස් වාර්තාවක් දියත් වූ මුල්ම අවස්ථාව විදිහට මේ අවස්ථාව ලෝක ඉතිහාසයට එක්වීම හරි අපූරු කරුණක්. වාර්තාව පිහිට වන  අවස්ථාවේ new york times හා බීබීසී ඇතුළු ලොව ප්‍රමුඛතම ජාතික හා ජාත්‍යන්තර ජනමාධ්‍ය රැසක්ම ඒ ස්ථානයට පැමිණියා.

ගල පරීක්ෂාකිරීමට මාස තුනක් පුරා ආ ගිය  නිලධාරීන්ට ඒ පිළිබඳව ගැටළු පහදා දීමට ඇමරිකාව,ජර්මනිය සහ ඉතාලියේ භූ විද්‍යාඥයන් ඉදිරිපත් වුණා. ඉතින් ඒ සියළුම වැඩකටයුතු ඉතාමත් සාර්ථකව  සිද්ධ වෙලා සියලුම දෙනාගේ ගැරහුම් මැද මේ අපූරු මැණික් පොකුර  ගිනස් ලෝක වාර්තා පොතටත් අලුතෙන් වාර්ථාවක් තැබුවා.

අවසානයේ මේ අපූරු අභියෝගය බාර අරගෙන රටට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන් අශාන් සඳහන් කළේ මේ අසීරු ගමන එන්න ඔහුට බොහෝ පිරිසක් උදව් උපකාර කළා කියලයි. මේ වන විටත් මේ ගලට වටිනාකම විද්‍යාත්මකව තක්සේරු වී හමාරයි.

ඒ වගේම අශාන් අවසානය සඳහන් කළේ විකෘති ජාන හරහා හොඳම දේ මෙන්ම ඉරිසියාව කුහකකම කකුලෙන් ඇදීම වැනි පහත් දේවල් ලාංකිකයන්ගේ හිත් තුළ තියන නිසා මුලින්ම මැණික ඒ පිරිස විවේචනය කළා කියලයි.

කෙසේ නමුත් අවසානයේ ඔහුට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. කකුලෙන් අදිද්දී වුණත්  කොහොමහරි ජීවිතය ජය ගන්න ඕනේ කියන අපූරු පරමාදර්ශය මේ ධෛර්ය සම්පන්න තරුණයා මුලු මහත් ජාතියටම අවසානයේ  ඔප්පුකර පෙන්නුවා. ඉතින් අපි ඔහුට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.