Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මාගම් පුරයෙ ඉදිවූ මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව

පසුගියදා බොහෝ දෙනෙක් අතර වැඩිපුරම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වුණා සිමෙන්ති කියන වචනෙ. ඒකට මූලිකම හේතුව නොසිතූ විරූ ආකාරයෙන් සිමෙන්ති  මිල අධික ව ඉහළ ගිය නිසයි.

පාලන මිලකට සිමෙන්ති ලබාදෙන්න කිව්වත් බොහෝ අවස්ථාවන්වල දී පාලන මිල උල්ලංඝනය කරමින් කලුකඩ මුදලාලිලා සිමෙන්ති විකුනපු අවස්ථාත් නැතුවම නෙමෙයි. ඉතින් ඔය දේවල් ඔය විදිහට සිද්ද වෙද්දි  ටික කාලයක් ගියාට පස්සේ ශ්‍රී ලංකාව තුළින් ඔන්න සිමෙන්ති සම්බන්ධව සුභදායී ආරංචියක් අපිට  අහන්න ලැබුණා.

ඒ තමයි පසුගියදා මාගම්පුර ලංකා කර්මාන්තපුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවයි. මේ සිමෙන්ති කර්මාන්තශාලාව පසුගිය දවසක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා.

මේ  සිමෙන්ති කර්මාන්ත ශාලාව  ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේටට් ප්‍රයිවට් ලිමිටඩ් යන නමින් තමයි නම් කරලා තියෙන්නේ. මේ ආයතනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙන්නේ 2020 වසරේ මාර්තු මාසේ.

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක් වැය කරලා කියලා කියල ආරංචියි. ඒ වගේම මේ සිමෙන්ති  කර්මාන්ත ශාලාව අක්කර 63 ක භූමිභාගයක අති නවීණ පහසුකම්වලින් සමන්විත දකුණු ආසියානු කලාපයේ තියෙන විශාලතම සිමින්ති නිෂ්පාදන ආයතන අතරට එක්වීම  විශේශත්වයක්.

එවගේම මේ කර්මාන්ත ශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන හතරක් පමණ වන අතර  පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8 දේශීය වෙළඳපොළට ලබාදීමට ඔවුන් සූදානම් කියලා එහි කළමනාකාරීත්වය සඳහන් කළා.

මේ අපූරු ව්‍යාපෘතියේ තියෙන ප්‍රධානම සුවිශේෂී ලක්ෂණය තමයි ඉහළ කාර්යක්ෂමතාවය ඒ වගේම සිදුකරන සෑම නිෂ්පාදන කටයුත්තක්ම පරිසර දූෂණය අවම වන ආකාරයෙන් සිද්ධ කිරීම සහ  සම්පත් අපතේ යාම වැළැක්වීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබීමයි.

මේ ලංවා සිමෙන්ති කර්මාන්ත  ශාලාව තුළින්  පෝර්ට්ලන්ඩ්,කොම්පසිට් සහ බිලෙන්ඩඩ්,හයිඩ්‍රොලික් ආදී සිමෙන්ති වර්ග රැසක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිද්ධ වීම පසුගියදා උත්සවත් ආකාරයෙන් පැවැත්තුවා

මේ වන විට මේ කර්මාන්තශාලාව නිසා බොහෝ පිරිසකට රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හැකි වීමත් එහි තිබෙන තවත් සුවිශේෂී ගුණාංගයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම මේ ආයතනයේ එහෙමත් නැත්නම් ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති විදිහට කටයුතු කරන්නේ නන්දන ලොකුවිතාන මහතායි. එතුමා සඳහන් කරන ආකාරයට ඉදිරියේ දී මේ  කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තව තවත් පුළුල් වීම නිසා මෙරට සිමෙන්ති අවශ්‍යතාවය අපට දේශීය වශයෙන් ම සපුරා ගැනීමට හැකියාව ලැබෙතැයි සුබ බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.

ඉතින් රටක් විදිහට දියුණුවේ මංපෙත කරා ළඟා වෙන්න වසර ගණනාවක සිට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් වන අපට මේ නව බලාපොරොත්තුවක් ඒ සඳහා උදව් උපකාරී වේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.