Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අතරමග කැඩුණු දුම්රිය හදා දුන්  තරුණයා කරන අපූරු නව නිපැයුම්

පසුගිය දවසක අපිට හරි අපූරු පුවතක් පිළිබඳව මාධ්‍යවලින් අහන්නට ලැබුණා. ඒ තමයි කාර්මික දෝෂයකට ලක් වෙච්ච දුම්රියක් ධාවනය කිරීමට නොහැකිව මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටින විට මේ දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් එහි ඇති දෝෂය සකස් කර දීපු තරුණයෙක් ගැනයි.

මේ විදිහට කාර්මික දෝෂයකට ලක් වුණේ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී  දුම්රියක්. ඒ අවස්ථාවේදී දුම්රිය කාර්මික ශිල්පීන් පවා එය යථා තත්ත්වයට පත් කරන්න කොතෙකුත් උත්සහ ගත්තත් ඒක අසාර්ථක වෙලා තියෙනවා

අන්න ඒ අවස්ථාවේදී දුම්රිය ගමන් කරපු   තරුණයෙක් ඉදිරිපත් වෙලා ඒ දෝෂය සකස් කරන්න තීරණය කළා. ඒ ආකාරයෙන්  දුම්රිය යථා තත්ත්වයට පත් කරපු මේ අපූරු තරුණයා තමයි ජනිත් දිමන්ත විතානාරච්චි කියන්නේ.

ඔහු පිළිබඳව සඳහන් කරනවානම් මේ තරුණයා ගාල්ල බෝධිගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනවා.ඉන් අනතුරුව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය සඳහා  මොරටුව ජර්මානු කාර්මික ආයතනය ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය   හදාරනවා.

ඒ වගේම  ජනිත් පෞද්ගලික විශ්ව විද්‍යාලයකිනුත් උපාධිය සම්පූර්ණ කරන්න තීරණය කරලා තියෙනවා. ජනිත් පුංචිකාලේ ඉඳන් යන්ත්‍ර යන්ත්‍රසූත්‍ර එක්ක තමයි වැඩිපුර කාලය ගත කරලා තියෙන්නේ. ඔහුගේ තාත්තටත් මනා පුහුණුවක් තියනවා අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න.

ජනිත් ගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. එතුමා පලතුරු නෙලීම,කෘෂි උද්‍යාන කටයුතු,වීදි ලාම්පු නඩත්තු කිරීම ආදී විවිධ දේවල් සිදු කරන පුද්ගලයෙක්. ඊට අමතරව ජනිත් ගේ පියා දර පලන යන්ත්‍රයක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණයට ජනාධිපති සම්මානය ලබාගන්නත් ඔහුට හැකියාව තිබුණා.

එදා ඉඳන් පියාගෙන් ලැබුණු ඒ කාර්මික දැනුම උපයෝගී කරගෙන ජර්මන් කාර්මික විද්‍යාලයේ ත් අවුරුදු තුනහමාරක් විතර ඉගෙන ගන්න ජනිත්  ඊට පස්සේ ව්‍යාපාර හා තාක්ෂණික විද්‍යාලයේ විදින ඉංජිනේරු පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරනවා. මේ සියලු දේට අමතරව ඔහු මෝටර් රථ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හදාරන්නත් ආසාවෙන් ඉන්නවා.

තාත්තාගේ අඩි පාරේ යන ජනිත් මේ වන විට  ජාත්‍යන්තර මට්ටමේ තරඟ කීපයකටම ඔහු විසින් නිපද වූ නව නිපැයුම් ඉදිරිපත් කර ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම ඒ ජයග්‍රහණ හේතුවෙන් ඉන්දියාවට දෙවරක් යන්නත් 2015දී ඉන්දීය තාක්ෂණ ආයතනය විසින්  පැවැත්වූ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ  ප්‍රදර්ශනයේ දී ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නත් හැකියාව ලැබුණා.

ඒ වගේම ඔහු දුරස්ථ පාලකය හා පරිගණක තාක්ශණය ඇසුරින් විනිසුරුවරු ලබා දෙන කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කර කර ප්‍රංශය ඉන්දියාව දකුණු කොරියාව වැනි රටවල් විස්සක් අතරින් ජයග්‍රහණය ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඔහු කොයිතරම් දක්ෂ  තරුණයෙක් ද කියනවා නම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවා ඔහුව ඇගයීමට ලක් කළ තියෙනවා.

මේ වන විට උපාධියේ වැඩකටයුතු අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මේ අපූරු තරුණයා ඉදිරියේදී මේ වගේම දේවල් කරමින් මිනිස්සුන්ට උදව් උපකාර කරලා  තාක්ෂණය පැත්තෙන් අලුත් අලුත් දේවල් ජාත්‍යන්තරයට හඳුන්වාදෙන්න සූදානමින් ඉන්නවා.

ඉන්ජිනේරුවංජිනේරුවන්ට වත් කරන්න බැරි විස්මිත දේවල් කරන මේ සුන්දර තරුණයාට අනාගතය සාර්ථකව ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු..