Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

සම්පදායක රැකියාවෙන් ඔබ්බට ගිහින් වාහනවල වායු සමීකරණ අලුත් වැඩියා කරන ප්‍රියංගා

පුංචි කාලේ ඉඳන්ම වාහන  ජීවිත ගත කරමින් ලොකු උනහමත් ඒ අංශයේ රැකියාවක් කරන්න ඕනේ කියන චේතනාව ඔස්සේ ජීවිතය සාර්ථක කර ගත්තු අපූරු චරිතයක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ලස්සනට ඇදලා කරලා විලාසිතා කරලා  මේකප් කරලා ජීවත්වන සමහර කාන්තාවන්ට වඩා ඒ ෆැන්ටසි ලෝකෙන් මිදිලා ජීවිතය අරමුණක් වෙනුවෙන් දිනන්නට උත්සාහ දරන ඇය නමින් ප්‍රියංගා සංජීවනි.

ඇයට මහා ලොකු හීන නැහැ ඒ වගේම මහ ලොකු තාල නැහැ. ඒ නිසාම ජීවිතය දිනීම පමණයි ප්‍රියංගා ගේ මූලිකම අරමුණ වුණේ. මේ සුවිශේෂී චරිතය පිළිබඳව අපි අද ඔබත් එක්ක කතාබහ කරන්න යන්නේ කාන්තාවන් කරන සාම්ප්‍රදායික රැකියා රැල්ලෙන් ඔබ්බට ගිහින් ඇය අපූරු කාර්යයකට අත ගහපු නිසයි.

ප්‍රියංගා වෘත්තිය විදිහට තෝර ගන්නේ බොහෝ දෙනෙක්  හිතන්නෙවත් නැති තෝරගන්න ආසවත් නැති වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ රැකියාවයි. ඇය අද විතරක් නෙවෙයි තරුණකාලයේ පටන් ම මචං ඇඳුමට පෙම් කරපු කාන්තාවක්.

පුංචි කාලේ බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ප්‍රියංගා අධ්‍යාපනයට සමාන දක්ෂතාවයක් දක්වපු අතර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා උසස් පෙළ කරන්න තෝරාගන්නේ වාණිජ විෂය ධාරාව. ඒ වෙද්දිත් ඇගේ ඔළුවේ තිබ්බ එකම දේ තමයි කොහොම හරි හොඳ රස්සාවක් කරන්න ඕනේ කියන දේ.

ඇය පවුලේ එකම දරුවා. ඒ නිසාම ගෙදරින් ඕන කරන හැමදේම ප්‍රියංගට ලබා දුන්නා. උසස් පෙළ ප්‍රතිපල ආවට පස්සේ බොහෝ කාන්තාවන් හිතන ආකාරයේ හීන ඇයට තිබුණේ නැහැ. සෑම විටම උත්සාහ කරේ ජීවිතය පිළිබඳව පිළිබඳව අලුත් විදිහකට හිතන්න.

ඒ නිසාම උසස් පෙළින් පස්සේ කාර්මික අංශයට යන්න ඇයට හරි අපූරු ආසාවක් වෙනවා. ප්‍රියංගා ඒ ආසවත් එක්කම ගරාජ් වැඩපොලක වැඩට යන්න තීරණය කළා. ඉතින් කාන්තාවක් ගරාජයක වැඩ කරනවා කිවුවහම මුලින්  යාහලුවෝ ඒ වගේම නෑදෑයො සියලුම දෙනා හිනා ප්‍රියංගට හිනා වෙලා තියෙනවා.

නමුත් ඇගේ ආදරණීය මව ඇයව දිරිමත් කරලා ඉදිරියටම යන්න කියලා ආශිර්වාද කරලා තියෙනවා. ඊට පස්සේ ඇයට ආරංචි වෙනවා ඔරුගොඩවත්ත නයිටා ආයතනයේ වාහන වල ඒසී පිළිබඳව එහෙමත් නැත්නම් වායුසමීකරණය පිළිබඳව පාඨමාලාවක් යනවා කියලා.

කාර්මික අංශයේ රැකියාවක් කරන්න ආස නිසා ඇය තීරණය කරනවා මේ පාඨමාලාව හදාරන්න. ආසාවට වගේ ඒක ඉගෙන ගත්තත් පසු කාලීනව ඇයට මේ ඔස්සේ ම රැකියාවක් කරන්න සිත වධ දුන්නා. ගරාජ් එක වැඩ කලාට තමන්ගෙම කියල රැකියාවක් කරන්න ඕනේ කියලා චේතනාවක් නොතිබුණු ඇයට එකපාරම හිතනවා මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕනේ කියලා.

ඔය විදියට අවුරුදු දහයක් අනූන් යටතේ වැඩ කරලා කීයක් හරි හොයාගෙන  ඒ සියලුම අත්දැකීම් ජීවිතයට ලබා ගෙන ඇගේම ව්‍යාපාරයකට අත ගහන්න ප්‍රියංගා තීරණය කරනවා. මේ ව්‍යාපාරය ඇය ආරම්භ කරන්න තීරණය කරන්නේ ජීවිතයේ එක් තැනකදී ආර්ථික මට්ටමෙන්  පහළටම ඇද වැටුණු අවස්ථාවක.

අගහිඟකම් වැඩි වෙලා ආර්ථික අතින් ගොඩ එන්න බැරි තත්වෙකට පත් වෙද්දී මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනේ ඕනෙ කියන තැන ඉද්දී තමන්ගේ වෘත්තිමය හැටියට මගෙම කියලා දෙයක් ආරම්භ කරන්න ඕනේ කියලා තමයි ප්‍රියංගා මේ වැඩපොළ ආරම්භ කරන්න පටන් ගත්තෙ .

මුලින් බොහෝ දෙනෙක් ඕව කරලා කාටද හරි ගියේ කියලා තමයි ඇයට හිනා උනේ. ඉතිං ඒ සියලුම බාධා අභියෝගයන් ඒ වගේම විවේචනයන් මැද්දේ අනූන් යටතේ අවුරුදු දහයකට වැඩි කාලයක් වැඩ කරලා තමන්ගෙම කියලා  වැඩපලක් පටන් ගන්න ඇයට හැකියාව ලැබෙනවා.

මුලින් කුලියට තැනක් අරගෙන ගරාජ් එකක් පටන් ගත්තු ප්‍රියංගා පස්සේ ඉතිරි කරගත්තු සල්ලි ටිකක් අරගෙන ගෙදරම වැඩපලක් පටන් ගන්නවා. ඇය ජීවත් වන ගෙදර සාලෙ කඩලා තමයි එදා මේ වැඩපළ ආරම්භ කළේ. පටන් ගත්ත මුල් කාලේ නම් ඒක දමලා ගහලා යන්න හිතුනු වාර අනන්තලු.

ඒ වගේම මේ වැඩපොළ ආරම්භ කරපු දවසේ එකම වාහනයක්වත් ඇවිල්ලා තිබිලා නැහැ ඇගේ සේවය ලබාගන්න. නමුත් උත්සාහය අත නොහැර ඇය ටිකෙන් ටික ඉදිරියට යද්දී විශ්වාසය තබපු සමහර සේවා දායකයො එක්කෙනා දෙන්නා ඒ ව්‍යාපාර ස්ථානයට එන්න පටන් ගත්තා.

ඇය ලබාදෙන ඉහළම සේවාව නිසා මේ වන විට ප්‍රියංගා කොයි තරම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඉන්නවා ද කියනවා නම් ලංකාවේ ඉහළ පෙළේ ඉන්න වීඅයිපී පුද්ගලයන්ගේ වාහන පවා අද ඇගේ ළඟට ගේනවලු.

ඉතින් අද ඇයට කලපළුවාවේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඒ සී අක්කා කියලා.අවසානයේ සමස්ත කාන්තාවන් උදෙසා මේ ආදරණීය චරිතය  හරි අපූරු අවවාදයක් ලබා දෙනවා  එනම් අපි කරන කියන ඕනෑම දෙයක් සාර්ථකව එකම අරමුණින් හිතාගෙන සිද්ධ කරොත් අනිවාර්යෙන්ම ඒ තුළින් අපිට  ජයග්‍රහණයක් ලබාගත හැකියි කියන දේයි.

 දවසින් දවස ජීවිතය දිනන්නට උත්සහ දරන මේ ආදරණීය චරිතයට අපිත් හදවතින්ම සුභාශිංසන  කරන්නෙමු.

මූලාශ්‍රය ලංකාදීප පුවත්පත