Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඉහල අහසේ පියාසර කිරීමට සැරසෙන  විදුලිය මගින් ධාවනය වන ලොව ප්‍රථම  මගී ගුවන් යානය  

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව මිනිසා විසින් කොතෙක් අත්පත් කරගෙන තියෙනව ද කියනවා නම් අද වන විට මේ ලෝකය පුරා සිටින බොහෝ දෙනෙක්ට ඉතාමත් ඉක්මණින් ඉතාමත් පහසුවෙන් තව පුද්ගලයෙක් හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.

ඒ තරම්ම වර්තමානය වන විට විද්‍යාව සහ තාක්ෂණය දියුණුයි. ඉතින් ප්‍රවාහනය පැත්තෙන් ගත්තහමත් අද වන විට විවිධාකාරයේ අලුත් අත්හදාබැලීම් පිළිබඳව ලොව දෙසින් අපිට  අහන්න අවස්ථාව උදා වෙලා. අතීතයේ ඔරු පාරු ආදී දේවල් යොදාගෙන ප්‍රවාහන කටයුතු සිදු කරත් වර්තමානය වන විට මගී ප්‍රවාහනය අතින් ලෝකයේ බොහෝ දියුණු මට්ටමක එන්නෙත් මේ තාක්ෂණය තාක්ෂණයේ දියුණුව නිසාමයි.

මගී ප්‍රවාහනය ගැන කතා කරද්දී ගුවන් යානා අමතක කරන්න බැහැ. ලෝකයේ විවිධ ආකාරයේ විවිධ පහසුකම් වලින් යුක්ත ගුවන් යානා කලින් කලට නිෂ්පාදනය වුණා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ලෝකයේ ප්‍රථමයෙන්ම සම්පූර්ණයෙන්ම විදුලිය මගින් ධාවනය වන මගී ගුවන් යානයක් පිළිබඳවයි.

තාක්ෂණයේ අපූරු ප්‍රතිඵල හරි හරියාකාරව භාවිතා කරමින් ඊශ්‍රාල සමාගමක් වන ඒවියේෂන් සමාගම මගින් තමයි  මේ ගුවන් යානාව නිපදවන්න මූලික පියවර තබන්නේ. ඒ අපූරු නිර්මාණය ඇලිස් ගුවන් යානය ලෙස නම් කළා.

විශේෂත්වය කියන්නේ මේ විදිහට නිෂ්පාදනය කරපු ගුවන් යානාව පසුගිය සතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි ආර්ලින්ටන්  නාගරික ගුවන් තොටුපලේදි එන්ජින් පරීක්ෂාවටත් ලක් වුණා.

මෙහි ඇති විශේෂත්වය තමයි මේක විදුලි මෝටර් රථයක  ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව එය නිර්මාණය කර තිබීම සහ  ගුවන් යානය විනාඩි තිහක ආරෝපණයකින් පැය කාලක් පමණ ගමන් කිරීමට හැකියාව තිබීමයි.

මේ අපුරු ගුවන් යානාව තුළ නව දෙනකුට පමණ ගමන් කිරීමේ පහසුකම් තියෙනවා. ඒ වගේම ඇලිස් ගුවන්යානයට පැයක් තුළ නාවික සැතපුම් හාරසිය හතළිහක් පමණ පියාසර කිරීමේ හැකියාව තියෙනවා.

ඉතින් ඉදිරි වසර ගණනාව තුළ දී විදුලි ගුවන් ගමන් කෙරෙහි අවධානයක් යොමු කරන ගුවන් යානා සමාගම් මගීන් විස්සේ සිට 40 දක්වා ගමන් කළ හැකි පහසුකම් තියෙන ගුවන් යානා නිපදවන්නත් අවධානය යොමු කරලා කියලා ආරංචි වෙනවා

මේ අපූරු නිර්මාණය කොටස් කීපයකින් සංවර්ධනය කරන්න නියමිතයි. එනම් එය මගී ප්‍රභේදයක් එවගේම විධායක අනුවාදයක් සහ භාණ්ඩ සඳහා විශේෂිත යානයක් ලෙසත් හඳුන්වා දෙන්න සූදානමින්. මේ ගුවන් යානය තුළ මගීන් නම දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකුට ගමන් කිරීමේ ඉඩකඩ ඇති අතර භාණ්ඩ රාත්තල් 850ක් පමණ ප්‍රවාහනය කිරීමේ පහසුකම් තියෙනවා

මීට වඩා කුඩා ඉඩකඩ කින් යුක්ත ගුවන් යානයක් සඳහා මගී ආසන හයක් ඇති අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඝන අඩි 450  ක පමණ පරිමාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ ගුවන් යානාව තුළ තියෙන තවත් සුවිශේෂි ලක්ෂණයක් තමයි වාණිජ ජෙට් යානා වල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැය ට වඩා  70% ක තරම් අඩු පිරිවැයකින් මෙහි සියලුම කටයුතු සිද්ධ කිරීමට හැකිවීමයි

ඉතින් ලෝකයේ දියුණු වෙමින් පවතින මෙවන් කාල වකවානුවක් තුළ ඉදිරි අනාගතයේ දී ඉතාමත් අඩු පිරිවැයකින් සියලුම දෙනාට ගුවන් ගමන්  වාරයක් ලබාගැනීමට  හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් සුභ සිහින දල්වා ගෙන සිටිනවා.

ඒ නිසාම තව තවත් මෙවැනිම ආකාරයේ නව නිපැයුම් ලෝකය තුළ බිහි බිහිවේවායි අපේ හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මූලාශ්‍රය අද පුවත්පත