Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

එඬරු ඇට යොදා ගෙන ජෛව ඩීසල් නිපදවන අපූරු දොස්තර මහත්තයා

අපි ජීවත්වන මේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක්. මේ විශ්ව විශ්වගම්මානය තුල දවසින් දවස තත්පරෙන් තත්පරේ අලුත් අලුත් දේවල් අත්හදා බලන්න බොහෝ දෙනෙක් ආස කරනවා. ඒ වගේම ඇමරිකාව ,ජපානය ,චීනය ඉන්දියාව වැනි තාක්ෂණය අතින් ඉහළ දැනුම් සම්භාරයක් තියෙන රටවල් වලින් අලුත් නව නිෂ්පාදිත පිළිබඳව අපිට විවිධ දේවල් අහන්නට ලැබෙනවා වගේම පුංචි දූපතක් වන ශ්‍රී ලංකාව තුලිනුත් නව නිෂ්පාදන රැසක් පිළිබඳව පසුගිය දිනවල නිතර මහජනතාව දැනුවත් කළා.

බොහෝ දෙනෙක් අලුත් දෙයක් අත්හදා බලන්න මූලික වශයෙන්ම යොමු වුණේ පසුගිය වසංගත රෝගී කාල සීමාවේ ගෙදරටම වෙලා ඉන්න හම්බ වුණු ඒ දීර්ඝ නිවාඩුවත් එක්කයි. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව  නිපැයුම් කරුවන් විශාල ප්‍රමාණයක් හිටියත් ඔවුන් අලුත් දේවල් නිතර නිතර හඳුන්වා දුන්නත් අහන්නට දකින්නට තියෙන සෝචනීය කරුණ තමයි මේ වගේ දක්ෂයින්ට ඉදිරියට යාමට අවශ්‍ය කරන වැඩපිළිවෙළක් තාමත් නොමැති වීමයි.

නමුත් තියෙන අඩු පහසුකම් යටතේ වුණත් විශිෂ්ට නිර්මාණයක් රැසක් බිහි කරපු ලාංකිකයන් අතරින්  අලුත් නව නිපැයුමක් හඳුන්වා දීපු අපූරු චරිතයක් පිළිබඳවයි අපි අද ඔබට කියන්නේ.

ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක දුලාන් සමරවිර මහතා යි. දුලාන් සමරවිර මහත්මයා පිළිබඳව අපි මේ විදිහට විශේෂෙන්ම කතාබහ කරන්නේ ඔහු විසින් එඬරු ඇට යොදා ගනිමින් කරපු ඒ අපූරු විශ්මිත නිමැවුම නිසයි.

මේ වන විට බොහෝ දෙනා ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීලා ඉද්දී දුලාන් සමරවීර මහතාට හැකියාව ලැබෙනවා එඬරු ඇට යොදා ගෙන ජෛව ඩීසල් නිෂ්පාදනය කරන්න.

  ඔහු විසින් සිදුකරපු වසර 15ක පමණ පරීක්ෂණවල පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහටයි  මේ ජෛව ඉන්ධන  හඳුන්වාදීම සිද්ධ කරන්නේ. මේ නව නිෂ්පාදිතයෙන් හේතුවෙන් දැනට තිබෙන ඩීසල් හිඟතාව ඇතුළු ගැටලු රැසකට ඉතාමත් හොඳ විසඳුම් ලබා දෙන්න හැකියාව තියෙනවා.

මේ සඳහා භාවිතා කරන්න  පුළුවන් ශාකය තමයි එඬරු. එහි විශේෂත්වය තමයි එඬරු ශාකය මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා කරන්නේ නැති නිසා විශාල වශයෙන් ඵල හට ගන්නා නිසාත් ඒ ඇට වලින්  වසරකට 60% ක් ආසන්න ප්‍රමාණයක් ඔහු තෙල් නිෂ්පාදනය කරලා තියෙනවා.

ඉන්දියාව, බ්‍රසීලය, අප්‍රිකාව,ඇමරිකාව  වැනි රටවල  ඉන්ධන ක්ෂය වී යාම නිසා    ඔවුන් දැන් දැන් මේ ජෛව ඉන්ධන භාවිතා කරන්න පෙළඹිලා ඉන්නවා. ඒ වගේම වසර ගණනාවක් ජෛව ඉන්ධන භාවිතා කරපු රටවලුත් තියෙනවා කියලා එතුමා සඳහන් කරා.

වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා සඳහන් කළේ ඔහු කෘෂි කර්මාන්තයට යොදා ගන්නා ට්‍රැක්ටර් රථය සඳහාත් කැබ් රථය සඳහාත් ඔහු විසින්ම නිෂ්පාදනය  කරපු මේ ජෛව ඩීසල් භාවිතා කරනවා කියලයි  මේනව නිෂ්පාදිතයේ තියෙන සුවිශේෂී තත්ත්වය තමයි ඩීසල් වාහන සඳහා කිසිදු වෙනස්කමක් නොමැති ව මේක භාවිතා කිරීමට හැකියාව තිබීමයි.

ඉතින් හැමදේම නෑ නෑ කියලා අඬන්නෙ නැතුව මේ විදිහට අලුත් ආකාරයෙන් අලුත් දෙයක් ගැන හිතුවොත් වෛද්‍යතුමා වගේම විකල්ප අවස්ථාවන් තුළින් බොහෝ දේවල් සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබෙනවා.

ඉතින් තවත් මෙවැනිම ආකාරයේ නිර්මාණයක් රැසක්ම සිදු කිරීමට මේ අපූරු වෛද්‍යවරයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍රය අද පුවත්පත