Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

යුද හමුදාවෙන් හදුන්වාදුන්  ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය

තාක්ෂණය සහ විද්‍යාවේ දියුණුවත්  සමගම රටවල් අලුත් අලුත් දේවල් අත්හදා බලන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් නිතරම උත්සහ ගන්නවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ  අලුත් නව නිපැයුම් රැසක් ලෝකයට දායාද කිරීමේ දී ශ්‍රී ලංකාව කියන්නේ එහි පෙරමුණ ගන්න ප්‍රධානම රටක්.

අපේ රට තුළ නිපදවූ බෙහෝ නව නිර්මාණ මේ වෙනවිට ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු ද වැඩ කටයුතු පහසු කරවීම සඳහා යොදා ගන්නවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව  කරපු තවත් සුපිරි වැඩක් ගැනයි.

මේ අලුත් නිර්මාණය හඳුන්වාදීමට මූලික වෙන්නේ ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව විසින්. ඔවුන් විසින්  ප්‍රථම වරට වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථයක් හඳුන්වා දෙන්නට සමත් වුණා. මේ අලුත් නිර්මාණය දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් ඉවසිල්ලෙන් බලා ගෙන හිටියා.

ඉතින් පසුගිය දිනෙක පැවැත්වුණු 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා මේ අලුත්ම නිර්මාණය එක් වුණා. මේ නිපැයුමේ  ඇති ප්‍රධානම විශේෂත්වය තමයි රට තුළ යුධමය වාතාවරණයක් පවතින කාල සීමාවකදී මෙවැනි නව නිර්මාණවලින් නිම කළ නොහැකි සේවයක් ඉටු වීම.

රට තුල යුධමය වාතාවරණයක්   උදා වුවහොත් මේ රථය මගින් අදාළ ස්ථානවලට ආරක්ෂිතව සෙබලුන් රැගෙන යාම සහ තුවාල වූ සෙබළුන් ආරක්ෂිතව ප්‍රතිකාර සඳහා රැගෙන යාමට හැකිවීම විශේෂත්වයක්. මෙවැනි රථයක් අපි ලංකාවට  විදෙස් රටකින් ආනයනය කලානම්  ලක්ෂ 2995 පහක මුදලක් වැයවෙන බවට තක්සේරු කරලා තියෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ නිපදවපු මේ වෙඩි නොවදින රථය සඳහා මේ වන විට වැය වෙලා තියෙන්නෙ ලක්ෂ 150ක මුදලක් කියලා තමයි ආරංචි වෙන්නේ. මේ අපූරු නව නිපැයුම හඳුන්වාදෙන්න ඉංජිනේරු අංශයේ කණ්ඩායම් පහළොවක් සහභාගි වෙලා තියෙනවා.

මෙ රථයට වෙඩි හෝ බෝම්බ ප්‍රහාර වළක්වා ගෙන යාමට හැකියාවක් තියෙන නිසා යුධමය තත්වය දී ඒක ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරයෙන් භාවිතා කරන්න අපට අවස්ථාව  තියෙනවා. තව දුරටත් මෙවැනි රථ 50ක අවශ්‍යතාවයක්  තියෙන නිසා ඉදිරියේදී ඒ පිළිබඳවද සැලකිල්ලක් දක්වන්න යුද හමුදාව සූදානමින්.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි සැහැල්ලු වෙඩි නොවදින සන්නහ සන්නද්ධ රථ 10ක්  යුද හමුදාව විසින් කඩිනමින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලත් සඳහන්. ඉතින්  කෙනෙක්ට හිතෙන්න පුළුවන් රට තුළ යුදමය තත්ත්වයක් නැති නිසා මොකටද මේ වගේ දේවල් දැන් නිෂ්පාදනය කරන්නේ කියලා.

නමුත් රට තුළ හදිස්සියේ ඇති වන නායයෑම් ගංවතුර ගැලීම්  ගිනි ගැනීම් වැනි තත්ත්වයන් වලදී ඉතාමත් ආරක්ෂාකාරී විදිහට සෙබලුන් රැගෙන යාමට මේ රථවලට හැකියාව තියෙන නිසා ඒවා ඉදිරියේදී තව වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට යුද හමුදාව තීරණය කරලා තියෙනවා.

මෙහි තවත්  විශේෂත්වය තමයි මේ රථය 360° හරවා ප්‍රහාරයක් එල්ල කළ හැකියි  12.7 mm යුත් ගිනිඅවිය කින් සමන්විත වීමයි. ඒ නිසාම මේ නිෂ්පාදනය ඉතාමත් ආරක්ෂාකාරී කාලෝචිත නිර්මාණයක් බවට බොහෝ දෙනා අදහස් දැක්වූවා.

මේ අපූරු නව නිපැයුම  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා  යුධ හමුදා මූලස්ථානයේ දී  පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

ඉතින් ඉදිරියටත් මෙවැනි ම විශිෂ්ට නිර්මාණයන්  සිදු කිරීමට අපේ වීරෝදාර රණවිරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.