Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඩෙංගු රෝගය වැළැක්වීමට පාසල් සිසුවකු විසින් හඳුන්වා දුන් නව නිපැයුම

ඩෙංගු රෝගය කියන්නේ තාමත් අපේ රට තුළින් වාර්ෂිකව කීප දෙනෙකුගෙම ජීවිත බිලිගන්න මාරාන්තික රෝගයක්. ඉස්සරට වඩා මේ වෙද්දි මේ රෝගී තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය අංශ වලට හැකියාව ලැබිලා තියෙනවා.

ඒ සඳහා  මහජනතාව ගෙනුත් විශාල සහයෝගයක් අනිවාරෙන්ම ලැබිය යුතුමයි. ඩෙංගු රෝගය වැඩිපුර පැතුරුණු කාල සීමාවන්වලදි සෞඛ්‍ය අංශය  මැදිහත් වෙලා මේ රෝගී තත්ත්වයෙන් අපි බේරෙන්නේ කොහොමද අපේ පරිසරය නිතරම පිරිසිදුව තබා ගන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව නිරන්තරයෙන් ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

ඒ විදිහට බලද්දි ඒ සියලුම කාර්යයන්වල ප්‍රතිඵලයක් විදිහට ඩෙංගු රෝගය සැලකිය යුතු මට්ටමකට පාලනය කරගන්න අපට හැකියාව ලැබුණා. මේ විදිහට ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව බොහෝ විට කතා බහ කරන කාල වකවානුවක් තුළ ඒ සඳහා ම විවිධ වූ නව නිපැයුම් රැසක් ම සමහර පුද්ගලයන් හඳුන්වාදීමත් සිද්ධ කළා.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ පහළොස් හැවිරිදි බණ්ඩාරගම ජාතික පාසලේ  දහ වැනි වසරේ ඉගෙනුම ලබන  ඔෂාන් රශ්මිත වික්‍රමසූරිය  නැමැති පාසල් සිසුවා ඩෙංගු රෝගය සදහා සඳහා හඳුන්වා දුන් අපූරු නව නිපැයුමක් පිළිබඳවවයි.

නිතරම පිරිසිදු ජලය රැඳෙන ස්ථානවල ඩෙංගු මදුරුවා බෝවීමේ ඉඩකඩ වැඩියි ඒ නිසාම ඔහු විසින් මේ නව නිෂ්පාදනය  හඳුන්වාදෙන්නේ නිවෙස් වල සවිකර තිබෙන වැහි පිලී  මත ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීමට ස්වංක්‍රීයව වැහි පිලි සුද්ධ පවිත්‍ර කිරීමට සුදුසු  උපකරණයක් ලෙසයි.

මෙක ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලයෙන් හෝ බැටරි මගින්. ඉතින් එය සිද්ධ වෙන්නේ වර්ෂාවක් ලැබුණු විගසමක්‍රියාත්මක වූ වැහි පීල්ල තුළ තැන්පත්ව තිබෙන ජලය සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මගින්. පැය විසි හතරකට වරක් ස්වංක්‍රීයව වැහි පීල්ල මත පුංචි ජල බිඳුවක් රැඳී තිබෙනවා නම් එය ඉවත් කිරීම මේ තුළින් සිදු කිරීම විශේෂත්වයක්.

මේ සිසුවාට මේ නව නිර්මාණය කරන්න අදහස පහළ වෙන්නේ ඔහුගේ තාත්තත් ඩෙංගු රෝගය වැළඳී දැඩි ලෙස පීඩා වින්ඳ නිසයි. ඒ නිසා අවසානයේ ඔහුට හැකියාව ලැබුණා ඉතාමත් හොඳින් තෙතමනේ ට ඔරොත්තු දෙන ලෙස මෙම නිර්මාණය සිදුකර ඒ තුළින් බොහෝ දෙනෙක්ට පහසුවක් ලගා කර දෙන්න.

මේ නිර්මාණය මේ විදියට සාර්ථකව හදන්න ඔහුට ගිහින් තියෙන රුපියල් 1200 ක  මුදලක්  පමණයි. නව නිෂ්පාදනය නිම කර අවසානයේ ඔහු එය අත්හදා බැලීම තුළින්  මීටර් තුනක් පමණ දිගින් යුත් වැහි පීල්ලක් මත මේ උපකරණය සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගන්නට හැකියාව ලැබෙලා තියනවා.

දින දෙකක් තුනක් වැනි කාලයකින් ඔහු මේය නිමකර අවසන් වූ අතර මේ වන විට මේ නව නිපැයුමට අවශ්‍ය කරන පේට්න් බලපත්‍රය ලබා ගැනීමට ඔහු අපේක්ෂා කරනවා. අවසානයේ මේ දරුවා සඳහන් කළේ වැහි පීලී නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක්ම ඔහුගේ නිවෙසට ඇවිදින් මේ නව නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කරලා ඒ සඳහා සාදාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් ඉන්නවා කියලයි.

අවසානයේ ඔහු ප්‍රකාශ කරා ඉදිරියේදීත් මෙවැනි වූ නව නිශ්පාදනයන් තුළින් ජනතාවට යහපත් දෙයක් ලබා දෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා කියන දේ. ඉතින් ඒ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියා අපි ඔහුට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.