Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

නව සොයාගැනීම් රැසක් හඳුන්වා දෙමින් පිට පිට සම්මාන දිනා ගත් සයුරු ආදිත්‍ය

i: අප ජීවත් වන ලෝකය කොතනින්ද පටන් ගන්නේ කොතනින්ද අවසන් වෙන්නේ කියන්න කවුරුත් දන්නේ නැහැ. අන්න ඒ නිසාම පරක් තෙරක් නොපෙනෙන විශ්වය පිළිබඳව කුතුහලය පිරි මනසින් බලන්න මිනිසා ඒ දේවල් විසඳාගන්න කාලෙන් කාලෙට අලුත් අලුත් දේවල් අත්හදා බලන්න පටන් ගන්නවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහල අභ්‍යවකාශය තරණය කිරීමට සුදුසු  විවිධ යානා නිෂ්පාදනය කිරීම  විවිධ යන්ත්‍ර සූත්‍ර හඳුන්වාදීම ආදී බොහෝ ක්‍රියාවලින් මේ වන විටත් මිනිසා විසින් සිදුකරමින් පවතිනවා.

අතීතයේ පටන් අද දක්වාම අගක් මුලක් නොමැති මේ මහා ලෝකය පිළිබඳව සොයන්නට  මිනිසා උත්සහ කරනවා. අන්න ඒ උත්සහයේ ප්‍රතිඵලය වශයෙන් තමයි ලෝකයට අලුත් අලූත් තතාක්ෂණයෙන් හැඩ වුණු නවීන පන්නයේ උපකරණ වෙළදපලට වෙළඳපොළට එන්නෙ.

අනිකුත් රටවල් එක්ක ගත්තහම ශ්‍රී ලංකාව කියලා  කියන්නේ නව නිපැයුම්කරුවන්ට සීයට සීයක්ම අංග සම්පූර්ණ වූ පහසුකම් සලසන රටක් නෙවෙයි. නමුත් අපිට ලැබිලා තියෙන පුංචි සම්පත් උපයෝගී කරගෙන අලුත් දෙයක් ලෝකයට දායාද කරන්න නිතරම පුද්ගලයන් උත්සාහ දරනවා.

ඒ අතරින් පාසල් සිසුන් විශේෂයි. පසුගිය වසංගත රෝගී කාලසීමාව තුළදී ගෙදරට වෙලා කාලය ගත කරපු බොහෝ දෙනා අලුත් නිර්මානයන් නැවුම් සංකල්පයක් පිළිබඳව හිතන්න පටන් ගත්තා. ඒ විදිහට අලුත් ඇසකින් ලෝකය දිහා බලපු කුඩා කාලයේ ඉඳන් නාසා ආයතනයේ විද්‍යාඥයෙක් වීමට අරමුණු කරගත් සයුරු ආදිත ගුණවර්ධන නැමැති දරුවා පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

කෙටියෙන් කිව්වොත් ඔහු ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ගෙන යාමට හැමදාම සුභ සිහින දකින දක්ෂ ශිෂ්‍යයෙක්. කියමන ටත් කියනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා කියලා. අන්න ඒ විදිහට පුංචි කාලේ ඉඳන්ම අලුත් දේවල් අත්හදා බලන්න බොබෝ දේ පසුපස හඹා ගියපු සයුරු අද වෙද්දී සාර්ථක නවෝත්පාදකයෙක් වෙලා.

පුංචි කාලෙදි මෝටර් කැබලි නිවසේ තියෙන විදුලි උපකරණ ඉලෙක්ට්‍රොනික් උපකරණ එක්ක සෙල්ලම් කරපු සයුරු අද වෙද්දි අලුත් නිෂ්පාදන රැසක් ම හඳුන්වා දී අවසන්. ඔවුහු විසින් හදුන්වා දුන්  නව නිපැයුම් අතර සම්මාන ලත් නිපැයුම් කිහිපයක් පහතින් විස්තර කර ඇත.

සැනි බෑන්ඩ්

මෙමේය නව නිෂ්පාදනය නම් වසංගත කාලසීමාවේදී එළියට යන ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වන නිෂ්පාදිතයක්. ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සයුරු  තමයි මේ නිෂ්පාදනය හඳුන්වා දෙන්නේ. සයුරු පාසලේ නව නිර්මාණ සංගමය සංගමයේ සාමාජිකයෙක්.

ඉතින් වසංගත රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මේ නිර්මාණය කරපු නව නිපැයුම පහසුවෙන් අතේ පැළඳ ගෙන යන්න පුළුවන් සනිපාරක්ෂක දියර සහිත අත් පළඳනාවක්. ඔහු විසින් ඒක  සැනි බෑන්ඩ් නමින් නම් කර තියෙනවා.

මේ වන විට කිසිදු පුද්ගලයෙකු සනිපාරක්ෂක දියර බෝතල් නිෂ්පාදනය කලත් අතේ පළඳාගෙන යන්න පුළුවන් සනීපාරක්ශක දියර සහිත අත් පලදනාවක් නිර්මානය කරලා නැහැ. මෙහි විශේෂත්වය තමයි මේ අත්පළඳනාවේ පිරිසිදු කරගැනීමට අවශ්‍ය කරන  සනීපාරක්ශක දියර ඕනිම වෙලාවක ලබාගැනීමට ඇති පහසුවයි. ඒ වගේම මේ අත් පළඳනාව සනිපාරක්ෂක දියර ස්ප්‍රේ කිරිම මගින් ලබා ගැනීමට හැකි වන විදිහට තමයි ඔහු ඒක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම සනිපාරක්ෂක දියර ml හතක් මේකේ ගබඩා කරන්න පුලුවන්. ඒ වගේම නිවසෙන් පිටත් වෙන ඕනෑම කෙනෙක්ට 107 වතාවක් පමණ මෙය භාවිතයට ගන්න පුළුවන්. මේ අත් පළඳනාව පැලදුවාට පස්සේ කිසිම අපහසුතාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම දියර අවසන් උනහම ඒක නැවත පුරවා ගැනීමටත් හැකියාව තියෙනවා. වසංගත රෝග කාලසීමාව තුළදී එළියට බැහැලා ගමන් බිමන් යන ගොඩක් දෙනෙක්ට මේ නව නිෂ්පාදනය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා.

සිවිලිං පංකා පිරිසිදු කරනය

නිවෙස් වල තියෙන බොහෝ සිවිලිං පංකා වල දූවිලි කුණු බැඳිලා තියෙනවා අපි අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් ආදිත්‍ය මේ ගැටළුවට විසඳුමක් විදිහට බිම ඉඳන් සිවිලිං පංකා පිරිසිදු කිරීමේ උපකරණයක් නිෂ්පාදනය කරනවා.

මෙහි ඇති විශේෂත්වය තමයි සිවිලිම් පංකා වල පෙති වල ඇති දූවිලි ඒ උපකරණය තුළට ඇද ගනිමින්  හොඳින් පිරිසුදු කිරීම. ඒ නිසා කිසිදු දූවිල්ලක් හෝ මකුළු දැලක් බිමට වැටෙන්නේ නැහැ. පංකාව හෙලවෙන්නෙ නැතිව ස්ථාවරව තබා ගනිමින් උඩ සහ යට කියන දෙපැත්තම පිරිසුදු කරගන්න හැකියාව තිබීම නිසාත් එහි ඇති කාර්යක්ෂමතාවය නිසාත් 2019 සහසක් නිමැවුම් තරගාවලියේදී ආදිත්‍ය විදුලි උපකරණ අංශයේ දෙවෙනි ස්ථානය හිමිකර ගත්තා.

සුර්ය බල අතු පාහින යන්ත්‍රය

ඔහු විසින් 2017 වසරේ සම්මාන දෙකටම හිමිකම් කීමට සමත් වෙච්ච නව නිෂ්පාදනයක් තමයි මේ සූර්ය බල අතු පාහින යන්ත්‍රය කියන්නේ. මේක වර්තමානයේ අතු පාහින යාන්ත්‍රික කියත් වලට විකල්පයක් වශයෙන් ඔහු හඳුන්වා දී තියෙනවා.

ඉතාමත් ආරක්ෂාකාරී අයුරෙන්   අතු කපා ඉවත් කරන්න හැකි නිසා ඒ වගේ ම මේක සූර්ය බලයෙන් ක්‍රියා කරන නිසාත් රුපියල් පන්දාහකට වැනි ඉතා අඩු මුදලකට නිපදවා ගැනීමට හැකියාව තියෙනවා. මෙවැනි විශේෂත්වයන් නිසා  රුහුණු විශ්ව  විද්‍යාලය සංවිධානය කළ රුහුණු සහසක් නිමැවුම් තරගාවලියේ දී පාසල් අංශයේ දෙවැනි ස්ථානය හිමි කර ගන්නත් සයුරු ට අවස්ථාව උදා වුණා.

ඔහු විසින් තවත් බොහෝ නව නිපැයුම් හඳුන්වාදීමට නියමිතයි. ඉතින් ඒවා තත්ත්ව පරීක්ෂා සිදුකර ශ්‍රී ලංකා වෙලද පොලට දැමීමට දොරගුරු විවර කර  දෙනවා නම් එය ඔහුට විශාල උපකාරයක් වෙනවා නොඅනුමානයි.

ඉතින් ඉදිරියේදිත්  ජාත්‍යන්තරය ජයගැනීමට හැකි නව නිපැයුම් රැසක් කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි

මූලාශ්‍රය දිනමිණ පුවත්පත