Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පළමු වරට පියාසැරි සහතිකය ලබාගත් ඉහළ අහසේ පියාඹන විශ්මිත මෝටර් රථය

ලෝකය කියන්නේ නිරන්තරයෙන්ම අලුත් තොරතුරු සහ අලුත් දේවල් හුවමාරු වෙන ස්ථානයක්. මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙන මෙවන් කාල සීමාවක විද්‍යාව සහ තාක්ෂණය කියන්නේ මිනිසාගේ දියුණුවේ ප්‍රධානම මෙවලම කිව්වොත් නිවැරදියි. බොහෝ සංවර්ධිත රටවල් තමන්ගේ සංවර්ධන ඉලක්කයන් කරා රටවල් යොමු කර ගැනීම උදෙසා නිරන්තරයෙන් ම භාවිත කළේ උසස් තාක්ෂණික දැනුමයි.

තාක්ෂණය අතින් ඉහළ රටවල් වන ඇමරිකාව ,චීනය,ජපානය වැනි රටවල් අලුත් අලුත් නවෝත්පාදනයන් ලෝකයට දායාද කරන්නේ හිතාගන්නවත් බැරි ආකාරයේ  විශ්මජනක තොරතුරුත් එක්කයි. ඒ ආකාරයේ අලුත් අලූත් සොයා ගැනීමක් පිළිබඳව අපිට මේ අවුරුද්දෙත් ඔන්න අහන්න ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

මේක අපූරු  නිර්මාණය පියාඹන මෝටර් රථයක්   කීවොත් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද පුළුවන්ද මන්දා. නමුත් පියාඹන මෝටර් රථයක්  ස්ලෝවැකියාවේ ප්‍රවාහන අධිකාරිය විසින් ලෝකයට හඳුන්වා දී තියෙනවා. පුදුමේ කියලා කියන්නේ මේ මෝටර් රථය පියාසැරිය ට සුදුසු බවට සහතිකයක් පවා ලබාගෙන තියෙනවා.

පැයට කිලෝමීටර් 160 ට වැඩි වේගයකින් සහ මීටර් 2500 ට වැඩි උසකට යා හැකි මේ අපූරු නිර්මාණය විටක කාර් එකක් සහ විටෙක ගුවන් යානයක් ලෙස ක්‍රියා ක්‍රියාකිරීම පුදුමයි. මේ අපූරු නිමැවුම බීඑම්ඩබ්ලිව් එන්ජිමකින් සමන්විතයි.

ඒ වගේම ඒ සාමාන්‍ය පෙට්‍රල් ඉන්ධන වලින් ධාවනය වන මෝටර් රථයක්. මේ මෝටර් රථයට ගුවන් යානාවක් බවට පත් වෙන්න යන්නේ ඉතාමත් සුළු මොහොතක්. මිනිත්තු දෙකයි තප්පර 15 ක් වැනි කාලයක් තුලදී මේ මෝටර් රථය ගුවන් යානාවක් බවට පරිවර්තනය වෙනවා.

මේක නිසි ලෙස පරික්ෂා කරලා ඉතාමත් තත්ත්වයන් හොඳ යහපත් නිර්මාණයක් බවට නිගමනය කිරීම සඳහා විවිධ පරීක්ෂණ රැසක් පැවැත්තුවා. ඒ අතර පියාසැරි සහතිකය  ලබාගැනීම සඳහා පැය 70ක ගුවන් ගමන් පරීක්ෂාවක් සහ ගුවන් ගත වීම් සහ ගොඩබෑම් දෙසීයකට වැඩි ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා.

මේ අපූරු මෝටර් රථය ලෝකයට හඳුන්වා දෙන්නේ එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටැෆර්ඩ් ක්ලයින් විසින්. ඔහු සඳහන් කරන්නේ තමන්ගේ මේ මෝටර් රථය පියාසර සහතිකය ලබපු නිසා ඉතාමත් කාර්යක්ෂම ක්‍රියාවට මෝටර් රථ විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න සහ වෙළඳපොළට  බෙදා හරින්න  දොරගුළු විවර වුණා කියලයි.

මේ අවුරුද්දේ ජූනි මාසයේදී මේ පියාඹන මෝටර් රථය ස්ලොවාකිවාවේ නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා  ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් අතර මිනිත්තු තිස්  පහක පියාසැරි කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ අපූරු නිෂ්පාදිතය ඉදිරියේ දී පැරීසියේ සිට ලන්ඩනයට පියාසර කිරීමට සූදානම් කරලා තියෙනවා.

මේ ගුවන් යානාව සහ ගුවන් යානා පද්ධතිය පිළිබඳව ජේෂ්ඨ පරීක්ෂක ආචාර්ය ස්ටීව් මහතා පැවසුවේ මේ විශිෂ්ට නිර්මාණයක් බවයි. ඒ වගේම අනාගතයේ දී මෙවැනි aircar කීපයක්ම දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ විදියට ගොඩක් දෙනෙක් මේ නිර්මාණය ප්‍රශංසා කරන අතර ආචාර්ය රයිට් ප්‍රකාශ කරනවා මේ විස්මිත නිර්මාණයක් වුණත් පියාබන මෝටර් රථ වලට කොපමණ මහජන ආරක්ෂාවක් දිය හැකිද යන්න පිළිබඳව ඔවුන්ට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියන දේ.

කෙසේ නමුත් ඉදිරියේදී ප්‍රවාහන සේවය ආශ්‍රිතව විශාල නැවුම් වෙනසක් මේ පියාඹන මෝටර් රථ යොදාගෙන සිදු කරන්න පුලුවන් කියන එක කොයි කවුරුත් මේ වෙද්දි විශ්වාස කරන දෙයක්. ඉතින් අනාගතයේ ප්‍රවාහන සේවය ආශ්‍රිත  සුබ  බලාපොරොත්තු සමග ලොවක් මේ වන විට බලාගෙන සිටිනවා.

ඒ නිසා ඒ සියලු පරීක්ෂාවන් දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

බීබීසී වෙබ් අඩවිය ඇසුරෙනි.

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies