Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

සීයත් එක්ක එකතු වෙලා  සූර්‍ය බලයෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් හඳුන්වා දුන් පාසල් සිසුවා

ලෝකය තාක්ෂණය අතින් දියුනුවට පත් වීමත් සමගම  මිනිස්සු තුළ තියෙන අපූරු කුතුහලයක් තමයි අලුත් දේවල් සොයාගෙන යන්න ඕනේ කියන සිතුවිල්ල. ඒ නිසාම තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ආස කරන මිනිසුන් නිරන්තරයෙන්ම අලුත් දෙවල්  නව අත්දැකීම් ගවේෂණය කරන්නටත් අත් හදාබලන්ටත් අමතක කරන්නේ නැහැ.

මේ වෙද්දි  වසංගතරෝග කාලසීමාව තුළදී බොහෝ දෙනෙක් නිවසට වෙලා තමයි කාලය ගත කළේ.ඒ විදියට එක දිගටම ගෙදරට වෙලා ගත කරපු කාලය යහපත් ආකාරයේ දෙයකට යොදවන්න ඕනේ කියලා හිතපු අපූරු පුද්ගලයෙක් එහෙමත් නැත්නම් පුංචි දරුවෙක් කරපු වටිනා නිර්මාණයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

වසංගතය මැද ගත කරපු කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් මේ අපූරු සිසුවා සූර්ය බලයෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් නිර්මාණය කරනවා. මේ සිදුවීම අපට වාර්ථාවන්නේ කිලිනොච්චිය ප්‍රදේශයෙන්. මේ විදිහට සූර්‍ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රීරෝද  රථයක් නිර්මාණය කිරීම සඳහා ඔහු තමන්ගේ ආදරණීය සීයාගෙනුත් උදව් උපකාර ලබාගෙන තියෙනවා.

මේ වගේ අලුත් නිර්මාණයක් අපට හඳුන්වා දීපු ඒ දක්ෂ දරුවා තමයි කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවන් කියලා කියන්නේ. ඔහු තමන්ගේ ආදරණීය සීයගෙ උදව් උපකාරය මත සාර්ථකව නිම කරපු මේ ත්‍රී රෝද රථය ඉතාමත් ඉහළ තත්ත්වය පවතින නිර්මාණයක් විදිහට නම් කරන්න පුළුවන් .

මේ නිර්මාණය සිද්ධ කරපු පුංචි දරුවා වෙබ් අඩවියකට තමන්ගේ අදහස ඉදිරිපත් කළේ පහත ආකාරයෙන්.

වසංගතය නිසා ඉස්කෝලේ යන්න නෑ. අපිට පාඩම් කියාදෙන්න online හරහා. වසංගතය නිසා ඉස්සර වගේ යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න විදිහකුත් නෑ. ඒ නිසා මම මගේ සීයා එක්ක එකතුවෙලා අලුත් නිර්මාණ කරනවා. මම අලුතෙන්ම හදපු නිර්මාණය තමයි සූර්ය පැනල යොදාගෙන හදපු ත්‍රීරෝද රථය.

මේ දක්ෂ දරුවාගේ පළමු නිර්මාණය මේක නෙවෙයි ඔහු ඊට කලිනුත් නව නිර්මාණ අත්හදා බලලා තියෙනවා. ඒ අතර සූර්ය බලයෙන් ධාවනය වන පාපැදියක් පොල් කඩන යන්ත්‍රයක් සහ පොල් ගාන මැෂිමක් ඔහුගෙ නිර්මාණ අතර ප්‍රධාන නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන්.

සුන්දරලිංගම් ට මේ ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස අටක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඒ නිර්මාණය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපාංග වැඩි කොටසක් මිලදී   ගෙන තියෙන්නෙ පරණ යකඩ බඩු කඩ වලින්.

සුන්දරලිංගම් සඳහන් කරන්නේ ඔහු වගේම දක්ෂතා තියන තවත් ගොඩක් දෙනෙක් මේ ලංකාවෙ ඉන්නවා ඒ වගේම ගෙවල් වල ඉවත දාන අනවශ්‍ය දේවල් උපයෝගී කරගෙන තමන්ගේ හිතේ තියෙන අලුත් දේවල් අත්හදා බලන්න කියලත් ඔහු නව පරපුරට ආරාධනා එක් කරනවා. එවිට ගෙදරට වෙලා ගත කරන කාලය තුළදී පීඩනයකින් තොරව නිදහසේ සතුටින් කාලය ගත කරන්න පුළුවන් කියලත් ඔහු ප්‍රකාශ කළා.

හිරු එළියෙන් ධාවනය වන මේ ත්‍රී රෝද රථය පැයට කිලෝමීටර 50 ක වේගයකින් ධාවනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහන අධික ලෙස මහ පාරේ  ගමන් කරන විට වායු දූෂණය ඇති වෙන්න පුළුවන්. ඒකටත් විසඳුමක් විදියට තමයි මේ දරුවා පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කරන්න තීරණය කරන්නේ.

සූර්ය බලයෙන් ක්‍රියාකරන නිසා අනවශ්‍ය විදිහට ඉන්ධන සඳහා භාවිතා වන මුදල් ඉතිරි කරගන්න පුලුවන් වීම මෙහි විශේෂත්වයි.  ඔහුගේ ආදරණීය සියා සඳහන් කළේ වසංගත කාලසීමාවේදී ලැබුණු නිවාඩුව තමන්ගේ  මුණුපුරා සාර්ථකව ගත කරා කියලයි. ඒ නිසාම තමයි ඔහුට අවසානයේ මේ වගේ වටිනා නිර්මාණයක් බිහි කරන්න අවස්ථාව උදා වුණේ. ඉදිරියේදී මේ පුංචි දරුවගේ ඊළඟ හීනය තමයි සූර්ය බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිර්මාණය කිරීම.

ඉතින් අපිත් මේ දක්ෂ දරුවාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදිත් මෙවැනි ආකාරයේ නව නිපැයුම් දායාදකර ලෝකය දිනන්නට වාසනාව ලැබේවා කියා.

මූලාශ්‍රය බිබිසි වෙබ් අඩවිය

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies