Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වෙළදාම්කර ජීවිතය දිනන්නට උත්සාහ කරන දෘශ්‍යාබාධිත තරුණ වෙළෙන්දා

පොළොවට බරක් නොවී තමන්ගේ උත්සහයෙන් ජීවිතය දිනන්න වෙරදරන බොහෝ මිනිසුන් පිළිබඳව අපි නොයෙකුත් ආකාරයේ කතාවක් අහලා තියෙනවා. ඉතින් අපි අදත් ඔබට කියන්න යන්නේ ඒ ආකාරයේ අපූරු කතාවක් පිළිබඳවයි. ඔහු ඇත්තටම හරි අපූරු පුද්ගලයෙක්. ඒ වගේම ගොඩක් විශේෂ පුද්ගලයෙක් කීවූවොත් නිවරදි

නමින් දිලාන් මහේෂ් මුණසිංහ වන මේ තරුණයා දෙල්කඳ හා මහරගම  ප්‍රදේශවල සති පොළවල් වල දී කාගේත් නෙත් සිත් පැහැර ගත්තු ආදරණීය චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්. ඔහු විශේෂ පුද්ගලයෙක් විදිහට බොහෝ දෙනෙක් හඳුන් වන්නේ උප්පත්තියෙන්ම එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ තත්ත්වයට පත් වෙමින් ඔහු මේ ලෝකෙට ආපු නිසයි. අනික් ඇසෙත් පෙනීමත් ටිකක් අඩුයි. කදිම ඉලන්දාරියෙක් වන ඩිලාන් උප්පත්තියෙන් තමන්ට ලැබුණු ජීවිතය ආශිර්වාදයක් කර ගනිමින් තමන්ගේ උත්සාහයෙන්ම ජීවිතය දිනන්නත් තව කෙනෙක් මත යැපෙමින් ඔවුන්ට කරදර නොකර ජීවත් වෙන්නත් කැප වෙච්ච චරිතයක්.

ඔහුගේ ආදරණීය අම්මගේ තාත්තගේ මගපෙන්වීම යටතේ රත්මලාන අන්ධ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්න ඔහුට අවස්ථාව උදාවෙනවා. ඩිලාන්ගේ ආදරණීය දෙමව්පියන් බොහෝ කලෙක ඉදන් පලතුරු වෙළඳාමේ නිරත වෙච්චි වෙළෙඳුන්. ඔවුන් පෙර,දොඩම්,නෙල්ලි ,දිවුල් වැනි පෝෂදායී ගුණයෙන් ඉහළ පලතුරු වෙළදාම් කරනවා.

කොළඹ ගිහින් තමයි මේ පලතුරු ඇරගෙන එන්නේ. ඉතින් 2014 දී පාසල් අධ්‍යාපනය අවසන් කර ඩිලාන් තමන්ගේ අම්මගේ තාත්තගේ පලතුරු වෙළඳාමට හවුල් වුණා . ඉරිදා දවසට නං ඔහු ඉතාමත් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඩිලාන් සඳහන් කරන්නේ ඔහුගේ පෙනීම මේ වෙළදාමට කිසිසේත් ගැටලුවක් නෙවෙයි කියලයි.

සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අන්ධ පුද්ගලයෙක් කොහොමද  වෙළඳාම් කටයුතු සිද්ධ කරන්නේ ඒ වගේම මුදල් ගනුදෙනු සිද්ධ කරද්දි වැරදීම් වෙන්න පුළුවන් කියලත් මතයක් තියෙනවා. නමුත් ඩිලාන්ට රුපියල් පන්දහක් හැර ඕනෑම මුදලක් මාරු කරන්න පුළුවන්. ඉතිං රුපියල් පන්දහක් වගේ මුදලක් මාරු කරද්දි අඩු වැඩි වෙන්න පුළුවන් නිසා ඒ සඳහා ඔහු අහල පහල කෙනෙක්ගෙ උදව් උපකාර ලබා ගන්නවා.

කවුරුහරි රුපියල් පන්දහක් දුන්නොත් තාත්තා හරි අම්මා හරි කඩේ හිටියේ නැත්නම් අල්ලපු කඩේ අයියට දීලා රු.5000 මාරු කර ගන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. මේ විදිහට වෙළඳාම් කරද්දී ඔහුට විශාල පිරිසක් සහයෝගය දක්වනවා. සමහර අවස්ථාවන් වලදී කපටිකම් කරන අයත් නැතුවාම නෙවෙයි.

බඩු කිරද්දී බොහෝවිට පාරිභෝගිකයාගෙන් ඩිලාන්ට විශාල සහයෝගයක් ලැබෙනවා. සමහර අවස්ථාවන් වලදී ග්‍රෑම් ගණන් එහෙ මෙහෙ අඩු වැඩි වෙද්දී ඒ පිළිබඳව ඔහුට  සාධාරණ පාරිභෝගිකයෙක් බඩු ගන්න ආවොත් අනිවාර්යෙන්ම  කියන්නත් අමතක කරන්නේ නැහැ.

දිලාන්ගේ පියාගේ ජීවිතයට තිබ්බ ලොකුම අභියෝගය තමයි තමන්ගේ ආදරණීය දරුවා කවදහරි දවසක ජීවිතයේ තනි වෙයි කියන දේ. ඒ කියන්නේ  සහෝදරයෝ කවදාවත් ඔහුට බලන එකක් නැහැ කියලා  හිතිලා තියෙනවලු. නමුත් දැන් ඔහුට තමන්ගෙම වෙළඳාමක් කර කියාගන්න පුළුවන් නිසා  බය නෑ කියලා ඩිලාන්ගේ ආදරණීය පියා සඳහන් කළා.

මේ තරුණයාව සමාජයට අනුගත කරන්න ඕන නිසාම තමයි අම්මයි තාත්තයි ඔහුව රත්මලාන අන්ධ විද්‍යාලයට එක්කන් යන්නේ. එතනිනුත් විශාල දැනුමක් ඔහුට ලැබෙනවා. මේ විදිහට ව්‍යාපාර ක්ෂේත්‍රයක් එක්ක සම්බන්ධ ඩිලන් හම්බකරන මුදල් කිසිසේත් මේ ආදරණීය දෙමව්පියන්  ගන්නෙ නැහැ. ඒක ඔහුගේ නමින් වෙනම ගිනුමකට දානවා.

ඒ වගේම පොළේ කඩ කාමරයත් ඔහු ගේ මට තමයි ලියලා තියෙන්නේ. මේ දෙමව්පියන් නැති දවසක ඩිලාන්ට කාගෙවත් උදව් උපකාරයක් නොමැතිව තමන්ගෙ දෙපයින් නැගී සිටින්න පුළුවන් තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. වැඩිදුරටත් ඔහුගේ ආදරණීය පියා සඳහන් කළේ මේ වගේ පුද්ගලයන් පාරේ හිඟා කකා සල්ලි ඉල්ලනවට වඩා මේ වගේ දේකට යොමු කලොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජීවිතය සාර්ථකව ජය ගන්න පුළුවන් කියලයි.

අනාගතයේදී ඉටුකර ගැනීමට විශාල සුභ සිහින ප්‍රමාණයක් සිතේ දරාගෙන ඉන්න පුද්ගලයෙක් තමයි ඩිලාන් කියලා කියන්නේ. ඉතින් කවද හරි දවසක විවාහ වෙලා තමන්ගේම  ආදරණීය පවුලක් ගොඩනගා ගෙන ජීවත් වෙන එක ඔහුගේ මූලිකම අරමුණයි. දැන් දැන් පොලට එන බොහෝ දෙනෙක් ඔහුගෙන් විහිළු තහළු කරලා අහන්නේ ගැහැණු ළමයෙක් නැද්ද කියලලු.

 කාටවත් අතපාන්නේ නැතුව කාගෙවත් මත යැපෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය හරියාකාරව ගොඩනගාගන්නා  ඩිලන් වැනි පුද්ගලයන් උපන් බිමට වත් ණය නැති පුද්ගලයන් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඉතින් මේ ආදරණීය චරිතයට ජීවිතය තව තවත් සාර්ථකව ජය ගන්න ශක්තිය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍රය බිබිසි වෙබ් අඩවිය

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies