Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දොඩම් විකුණලා ගමේ පාසලේ දරුවන්ට පාසලක් හදලා දීපු ඉන්දියාවේ අපූරු මිනිසා

ඉගෙනීම කියලා කියන්නේ දරුවෙක් කුඩා කාලයේ පටන්ම අවධානය යොමු කළ යුතු අංශයක්. සාමාජීය වශයෙන් හෝ විෂය කරුණු වශයෙන් හෝ අපි දෙයක් ඉගෙන ගත්තේ නැත්නම් මේ ලෝකය තුළ ජීවත් වෙන්නේ ඉතාමත් අමාරුයි. 

ඉතිං ඉගෙන ගත්ත පුද්ගලයෙක් තමයි කවදා හරි දවසක රටකට වැඩක් කරන්නේ කියලා කියන මතයක් ගොඩක් දෙනෙක් අතර තියෙනවා. නමුත් ඉගෙන ගත්තෙ නැති එකේ ප්‍රති විපාක විඳිමින් දුක් වෙන මිනිසෙක් ඒක ජීවිතයට පාඩමක් කරගෙන තමන්ට හැකි පමණින් තව පරම්පරාවකට ඉගෙන ගන්න අවස්ථාවක් සලසලා දීපු සොඳුරු කතාවක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ.

ඔහු ඉන්දියාවේ පුංචි ගම්මානයක ජීවත්වන හර්කේලා හජබ්බා නැමැති පුද්ගලයා යි.  හජබ්බා පුංචි දුප්පත් මනුස්සයෙක්. දුප්පත් මනුස්සයෙක් වුණත්      ඔහුගේ හදවත නම් ගතිගුණ වලින්  පොහොසත් හජබ්බා වෘත්තිය විදිහට කළේ පදිකවේදිකාවේ දොඩම් විකුණපු එක.

දොඩම් විකුණලා හම්බවෙච්ච පුංචි මුදලෙන්  කොටසක් ඉතිරි කරන්න හජබ්බා අමතක කරන්නේ නැහැ. ඉතින් මෙහෙම දොඩම් විකුණ ඉද්දී එක්තරා දවසක ඔහු අමිහිරි අත්දැකීමකට මුහුණ දෙනවා. ඒක අමිහිරි අත්දැකීම ටත් වඩා ලැජ්ජාසහගත අත්දැකීමක් කිව්වොත් නිවැරදි.

එනම් 1990 අවුරුද්දේ බස් නැවතුමේ  ඔහු දොඩම් විකුණ විකුණ ඉද්දි මේ දොඩම් මිලදී ගන්න විදේශිකයන් පිරිසක් එනවා . ඔවුන් කතා කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් පොතක අකුරක්වත් කියවන්න ඉස්කෝලේ ගියපු නැති හජබ්බට මේ විදේශිකයෝ කියපු දේ තේරුම් ගන්න බැරුව යනවා.

ඒ නිසාම ඔහු එදා ගොඩක් දුක් වෙනවා . මොකද ඔහු ජීවත්වන කාලය තුළ දී ඉගෙන ගන්න අකුරු කරන්න යන්න ඉස්කෝලයක් තිබ්බේ නැහැ. ඒ නිසාම ඉගෙන ගන්න ඕනේ කාලේ නිසි අධ්‍යාපනය ලබන්නේ ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.

දොඩම් රැකියාව කරන කාලය තුළදීත්   ඔහු කල්පනා කරන්නේ ගම්මානයට නැති පාසල ඉස්සරහ පරම්පරාවට හරි කොහොමද හදලා දෙන්න ඕනි කියන දේ. ඉතින් එදා විදේශිකයො ඉස්සරහා ලැජ්ජාවට පත් වෙච්ච හජබ්බා තීරණය කරනවා කොහොමහරි ගමට ඉස්කෝලයක් හදලා දෙන්න ඕනේ කියලා 

දොඩම් වෙළඳාමෙන් උපයන ආදායමෙන් කොටසක් පාසල හදන්න වෙන් කරන්නේ ඔහු ඒ තීරණය නිසයි. ඉතින් ටික කාලයක් යද්දි හජබ්බාට තේරෙනවා තනිවම මේ වැඩේ කරන්න අමාරුයි කියලා. ඒ නිසා ඔහු ගෙයින් ගෙට ගිහින් ඡන්ද දායකයන්ගෙන් ඒ වගේම ඡන්ද  අපේක්ෂකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් මේ සඳහා අවශ්‍ය කරන අරමුදල් එකතු කරන්න පටන් ගත්තා.

මේ අතරතුරේ දී සමහර අය ඔහුට උදව් කරපු අතර සමහර අය මේ ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේ දී ගමේ අක්කර  එක හමාරක පමණ සශ්‍රීක ඉඩමක් මැද්දේ දරුවන්ට අකුරු කරන්නට පුළුවන් හජබ්බාගේ සිහින පාසල ඉදි වුණා.

ඉතින් මේ උදාර ක්‍රියාව නිසා මේ ගම්මානේ මිනිස්සු ඔහුට දිවා රෑ නොතකා පින් දුන්නා. අවුරුදු ගානකට පස්සේ ගමට හම්බුන මේ ඉස්කෝලේ විවෘත කරන්න නගරේ ඉඳලා ලොකු ලොකු මිනිස්සු ආවත් මේ කාර්යයේ නිහඬ හිමිකරුවා විදිහට පුංචි  හජබ්බා පුරුදු විදිහටම සුදු කමිසයකින් සහ ජෝතිය කින් සැරසිලා  තමන්ගේ සිහිනය සැබෑවෙන දවසට සහභාගි වුණ.

දොඩම් වෙලෙන්දගේ උත්සාහයෙන් ඉදිවුණු මේ පාසල ආණ්ඩුවට පවරා ගෙන ඒක රජය උසස් දිවීතීක පාසලක් බවට පත් කරපු අතර මේ කරපු උදාර මෙහෙය වෙනුවෙන්  ඉන්දියාවේ සිවිල් පුද්ගලයකුට ලැබෙන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය දිනා ගැනීමට හජබ්බා වාසනාවන්ත වුණා. 

ඉතින් උත්සහය තියේ නම් කරන්නට බැරි කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියලා පදිකවේදිකාවේ දොඩම් විකුනපු මේ සරල නිහතමානී හජබ්බගේ ජීවිතෙන්  අපිට ගන්න තියෙන උතුම්ම ආදර්ශයයි.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies