Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වසර 27ක් තමන්ට සෙවණ දුන් පාසලටත් ගම්මානයටත් කළගුණ දැක්වූ අපූරු මිනිසා

මිනිස්සු දියුණුවේ හිනිපෙත්තටම ගමන් කරද්දී ගොඩක් සිද්ධ කරන්නේ ඉහලට යන්න අත්වැල වුණු ඉනිමගට පයින් ගහන එක. නමුත් දියුණුව ලබා ගත්තට පස්සේ ඒ වටිනාකම ලබා ගන්නට කැපකිරීම් සිද්ධ කරපු සියලුම දෙනා වෙනුවෙන් කෘතගුණ සලකන මිනිස්සුත් මේ ලංකාවේ ඉන්නවා.

ගමේ හැදිලා වැඩිලා නගරයට ගිහින් නගරයේ දී දියුණු වූ මිනිස්සු වගේම ලංකාවෙන් හොඳින්  ඉගෙනගෙන විදේශගතවෙලා විදෙස් රටවල් වල වාසය කරන බොහෝ දෙනෙක් පිළිබඳව අපට අහන්නට දකින්නට ලැබුණත් එලෙස සාර්ථකත්වය අත් කර ගත් මිනිසුන් අතරින් තමන් උපන් බිමටත් පාසලටත් සේවයක් කරන්නට හිතපු මිනිස්සු ඉතාමත් ස්වල්ප දෙනයි ඉන්නේ.

ඉතින් මේ විශේෂාංගය තුළින් අපි අද ඔබට කියන්නට යන්නේ තමන් උපන් ගම්මානයටත් සේවය කළ  පාසලටත් කෘතගුණ දක්වන්න ට අමට අමතක නොකළ අපූරු පුද්ගලයෙක් පිළිබදවයි. ඔහු නමින් ගණිත විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කළ හේමපාල ද සිල්වා මහතායි.

මේ වන විට  ඇමෙරිකාවේ මිචිගන්  පළාතෙ සිය පවුල සමග සමග ජීවත්වන එතුමා වසර හතළිහකට විතර කලින් ජීවත් වූ පිටිසර ගම්මානයේ මිනිස්සු දැකබලා ගැනීමටත් පාසල දැකබලා ගැනීමටත් නැවත වතාවක් ලංකාවට පැමිණෙනවා. ඔහු වර්ෂ 1979 ඉපදෙන අතර හොඳින් අධ්‍යාපනය ලබා  අති දුෂ්කර පාසලක් වු කළු ගහකඳුර මහා විද්‍යාලය වෙත විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කරන්න පැමිණෙනවා.

අවුරුදු ගණනාවක් ම තමන් රැකියාව කළ මේ පාසල සහ ඒ අවට ගම්වාසීන්ගේ දුක සැප විමසන්නට ඔහු නැවත වතාවක් ලංකාවට එනවා. හැබැයි ලංකාවට එන්නේ හිස් අතින් නම් නෙමෙයි. ඔහු මේ ගම්මානයට වෛද්‍ය කඳවුරක් රැගෙන එනවා. එලෙස රැගෙන ආ වෛද්‍ය කඳවුරේ දන්ත වෛද්‍ය සායනයක් අක්ෂි වෛද්‍ය සායනයක්  ඇතුළු සායන රාශියක් පැවැත්තුවා. 

ඒ වගේම මෙහිදී ප්‍රතිකාර ලැබූ පිරිස හයසීයකට වඩා අධිකයි. අක්ෂි සායනයට පැමිණි තුන් සියයකට අධික ප්‍රමාණයකට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ද එතුමාගේ මූලිකත්වයෙන් සිද්ධ කළා. ඔහු සේවය කළ කළුගහකදුර ගම්මානය පමණක් නොව ඒ අවට ගම්මාන රැසක සිය දහස් ගණනක් ජනතාවගේ  සෞඛ්‍ය නගා සිටුවන්නට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහයකට අධික වියදමක් ඔහු දරනවා.

මේ සායනයට පැමිණ සියලුම දෙනාට නොමිලේ වෛද්‍ය උපකරණ ලබා දෙන්නත් එතුමා ක්‍රියා කරනවා. මේ පිළිබඳව ඔහු අදහස් දැක්වූවේ මේ ආකාරයෙන්. මම උපන් ගම පන්නිපිටිය. මම 1979 වසරේ තමයි මේ ගම්මානයට ආවේ. ඒ ගණිත විද්‍යා ගුරුවරයෙක් විදිහට. නගරයේ හැදී වැඩී පාසල් ගිය මට මේ ගමේ දුෂ්කර ජීවිතේට හැඩගැහෙන්න ටිකක් අමාරු වුණා. මම වැඩට ආව මුල් දවස තාමත් මතකයි. අද වගේ මේ ගමට වාහන එන්නේ නැහැ.

ඒ ආකාරයෙන් අදහස් දක්වන එතුමා ඉතාමත් දුෂ්කරව  බඩු මල්ල උස්සගෙන අඩි පාර  දිගේමේ ගම්මානයට ඇවිදගෙන ආවා කියලා සදහන් කළා. අදටත් වඩා ඒ කාලේ මේ ගම්මානය ගොඩක් ලස්සනයිලු. ගුරු නිවාසය නැවතුණු එතුමා පිට පළාත්වලින් ආව අනිත් ගුරුවරුත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙලා තියෙනවා.

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන කෑම බීම ගමේ කෝරාළ මහත්තයගේ ගෙදරින් ලැබිලා තියෙනවා. කෝරාල මහත්තයාගේ පුතා තමයි මේ පාසලේ විදුහල්පති. ගම හුරු උනාට පස්සේ ඔවුන් උයාගෙන කන්න පුරුදු වෙනවා. ඒ අතරතුර කාලය හරිම සුන්දර කාලයක් කියලා ඔහු සඳහන් කළා.

ඇමරිකාවේ ජීවත් වෙද්දී ඔහු තීරණය කරනවා මේ ගම්මානයට දෙන්න ඕන ඉහළම තෑග්ග දෙන්න ඕනේ කියලා. ඔහුගේ අදහසට කැමති වන බිරිඳ මේ වෛද්‍ය සායනය ඉතාමත් හොඳින් සාර්ථක ආකාරයෙන් කරගන්නට අවස්ථාව උදාකර ගන්නවා. උපන් ගම රට අමතක කර තම මවුබිමට නිගා කරන සමහර පුද්ගලයන් අතර තම පෞද්ගලික ධනය යොදා ගෙන ගම්වැසියන්ට සෙතක් සලසන්නට කැප වූ මෙවැනි පුද්ගලයන් ඉතින් රටකට කොයි තරම් සම්පතක් ද.

M.ශෂිකලා මධුෂානි 

BA in Communication Studies