ඩයලොග් සහ ViU app ගාස්තු රහිත අධ්‍යාපන නාලිකා 10ක් හඳුන්වා දෙයි.
රට තුළ පවතින වසංගත රෝග තත්ත්වය නිසා මේ වන විට පාසල් ඉගනීම් කටයුතු නිසි අයුරෙන් ක්‍රියාත්මක වෙන්නෙනෑ. මෙවන් කාල වකවානුවක් තුළ විශේෂයෙන්ම පාසල් දරුවන් අතරින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සහ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් විවිධාකාරයේ ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙනවා.
ඒ නිසාම ඒ සඳහා කදිම විසඳුමක් වශයෙන් dialog television සහ ViU app එකතුවෙලා ගාස්තු රහිතව අධ්‍යාපනික නාලිකාවන් දහයක් මේ වන විට හඳුන්වා දී අවසන්. මේ සඳහා ඩයලොග් ආසියාටා සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණා කියලත් පසුගියදා ප්‍රකාශ කළා.

මෙහි පළමු පියවර වශයෙන් 2001 සැප්තැම්බර් මස හත් වැනි දින නාලිකා හතරක් හඳුන්වා දුන් අතර ඉදිරි මාස වල දී එය නාලිකා දහයක් දක්වා වර්ධනය කිරිමට ඔවුන් පියවර ගත්තා. මෙහි තිබෙන විශේෂත්වය තමයි කිසිදු වෙලාවක මේ සඳහා ගාස්තුවක් හෝ ඩේටා ගාස්තුවක් අය නොකිරීමයි.
මේ නාලිකාවන් වල ඇතුළත් විය යුතු අන්තර්ගතය සකස් කිරීම සිද්ධ වෙන්නෙත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ,විවෘත විශ්ව විද්‍යාලය,දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතන කීපයක එකතු වීමෙන්.

මෙම නාලිකා නැණස ඕලෙවල් සිංහල අංක(24) නැණස ඕලෙවල් දෙමළ අංක ( 23 ) නැණස ඒලවල් සිංහල අංක (24 ) නැණස ඒ ලෙවල් දෙමළ නාලිකා අංක 25 ලෙසින් නම් කර තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබාදීම සඳහාත් පසුගිය කාලය තුළ මඟහැරුණු පාඩම් මාලාවන් යළි මතක් කිරීම සඳහාත් මෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ වැඩ සටහනේ ඇති විශේෂත්වය තමයි පළපුරුදු ගුරු මණ්ඩලයක් විසින් නවීනතම ඉගෙනුම් ක්‍රම භාවිතා කරමින් තමයි මේ විෂයන් සියල්ලම ආවරණය කරනු ලබන්නේ.

Android දුරකථන සහ IOS සහ huawei app gallery ඔස්සේද ViU mobile tv app එක බාගත කරගැනීමට සියලුම දෙනාට මේ වන විට අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ වගේම තමයි පැය දෙකක දක්වා කාලයක් නාලිකාවේ වැඩසටහන් යළි නැරඹීමේ පහසුව ද පසුගිය දින තුළ මගහැරුණු වැදගත් පාඩම් හා සම්බන්ධ වීමටද අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
මේ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දැක්වුයේ නව තාක්ෂණය සමගින් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඩයලොග් ආයතනය සම්බන්ධ වී දියත් කරන මෙවැනි වැඩසටහන නිසා අධ්‍යාපනයෙ නව පෙරළියක් සිදු කරනු ඇත කියලයි.

දියුණු වූ තාක්ෂණික ඥානය භාවිත කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රටේ පවතින අමාරුම තත්ත්වයකදී කිසිදු ගාස්තුවක් අය නොකර අධ්‍යාපනය ලබාදීමට හැකිවන ආකාරයේ වැඩසටහන් ඒ වගේම නාලිකාවන් හඳුන්වාදුන් ඩයලොග් ආයතනය සහ මේ සඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට ජාතියක් වශයෙන් අපි අවංකව ස්තුතිවන්ත විය යුතුයි.
මූලාශ්‍රය අද පුවත්පත