Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අංග සම්පූර්ණ බර යන්ත්‍රෝපකරණයක් හදපු පානදුරේ භූෂිත

අපි බොහෝ වෙලාවට උත්සහ කර ගන්නේ අපි දැකපු හීනයක් සැබෑවක් බවට පත් කර ගන්න. හීනවලට  පණ දී ජීවිතය ගැටගසා ගන්නටත් ජීවිතේ දිනන්න ටත් උත්සාහ දරන බොහෝ මිනිසුන් අපිට මේ ලක් දෙරණ මත නොයෙක් අවස්ථාවන් වලදි මුණ ගැසෙනවා.

ඉතින් හැමදාමත් වගේ අපි අද ඔබට කියන්නට යන්නේ තමන්ට ලැබුණු ඥානය සහ අත්දැකීම් භාවිතා කර ගනිමින් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ අලුත්ම පිටුවක් පෙරලපු දක්ෂ තරුණයෙක් ගැනයි. පුංචි කාලේ ඉඳන්ම පුතෙකුට සෙල්ලම් බඩුවක් ඕනි කියලා කිව්වහම ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ කාර් වෑන් වාහන ඩොසර් වගේ දේවල්.

ඒ පිරිමි පුද්ගලයා නිතරම වාහන හා සමීපව කටයුතු කරන නිසාත් එහෙම කටයුතු කරන්න ආස නිසාත් වෙන්න ඇති. ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම වාහන වලට ආදරේ කරලා කවදහරි මගේම කියලා නිෂ්පාදිතයක්  වෙළඳපොළට හඳුන්වා දෙන්න ඕනේ කියන චේතනාවෙන් වැඩ කටයුතු කරපු තරුණයෙක් තමයි  හොරණ පදිංචි භූෂිත සෙහාන් කියලා කියන්නේ.

ඔහු පිළිබඳව අපි අද ඔබට කියන්නට විශේෂෙන්ම සිතුවෙත් ලංකාවේ තාක්ෂණය යොදාගෙන අපේ රටේ නව නිපැයුම් අතරින් අපූරු නව නිපැයුමක් වන එක්ස්කැවේටර් යන්ත්‍රයක් නිපදවීම නිසයි. පානදුර ප්‍රදේශයේ ජීවත්වන සෙහාන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් සහ  හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා.

නිතරම තාක්ෂණය එක්ක ජීවත් වූ ඔහු උසස් පෙළ විභාගයෙන් පසුව පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරමින් උසස් අධ්‍යාපනයක් ලබාගන්න. ඔහුගේ පාසල් කාලය පිළිබඳව මතකය ආවර්ජනය කළේ ඔහු විසින් මේ ආකාරයෙන්.

මම පාසලේ 6 ශ්‍රේනියේ ඉඳන්ම නව නිපැයුම් අංශයෙන් විවිධ දේවල් නිර්මාණය කරලා තියෙනවා. මුලින්ම මකුළු දැල් කඩන යන්ත්‍රයක් හැදුවා ඒ කාලේ මගේ නිර්මාණවලට ගොඩක් ඇගයීම් ලැබුණා.එක්ස්කැවේටර් එකක් හදන්න මට අදහසක් ආවේ ඒ කාලේ ඉඳන්.

මේ විදිහට අදහස් දක්වන සෙහාන් ආශාව නිසාම රිජිෆෝම් වලින් ඇන්ටනා බට පෑන් බට පාවිච්චි කරලා එක්ස්කැවේටර්  ආකෘතියක් හදනවා. ඊට පස්සේ ටික කාලයක් ගතවෙද්දි ඔහුට හිතෙනවා සාමාන්‍ය විදිහට හදපු මේ නිපැයුම ඇත්තටම නිෂ්පාදනය කරන්න ඕනේ කියලා.

ඊට පස්සේ ඔහු යකඩ කෑලි හොයාගෙන හයිඩ්‍රොලික් සිස්ටම් එකක් සකස් කරගෙන දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන විදිහට මේ නිර්මාණය සකස් කරනවා. ඊට පස්සේ ඒක ඉතාමත් සාර්ථක නිර්මාණයක් බවට පත්වෙනවා.

ඊට පස්සේ ඇත්තම නිර්මාණ යන්ත්‍ර බිහි වෙන්නේ  ඔහු උසස් පෙළ කරලා ගෙදර සිටින කාලයේදී. 2014 වර්ෂයේ දී මේ යන්ත්‍රය හදන්න සෙහාන් පටන් ගන්නවා. ඔහුගේ උත්සාහය සහ කැපවීම නිසා 2015 මුල් මාස වල දී  වැඩ කොටස අවසන් කරන්න අවස්ථාව ලැබුණා.

මේ සඳහා අවශ්‍ය කරන සියළුම දැනුම ඔහු හොයාගත්තේ අන්තර්ජාලය හරහා. ඒ වගේම සමහර වැරදෙන තැන් වැරදි ඔහුගේ දැනුම භාවිතා කරලා ගොඩක් මහන්සියෙන් ලොකු කට්ටක් කාලා මේ නිර්මාණය සාර්ථක කර ගන්නවා.

අවසානයේ ඔහු විසින් නිර්මාණය කරපු මේ යන්ත්‍රය මේ වන විටත් නිසි ප්‍රයෝජනයකට යොමු කරලා නැහැ. මේ වන විට පිටරටින් ගෙන්වන මෙවැනි විශාල යන්ත්‍ර මිල ලක්ෂ හැත්තෑවක් අසූවක් විතර වෙනවා. නමුත් මේ පුද්ගලයාට මේක හදන්න වැය වුණේ ලක්ෂ විසි තුනක් වගේ මුදලක්. දේශිය වශයෙන් නිම කරපු මේ නිර්මාණයට පාලකයන් විසින් නිසි අනුග්‍රහය ලබා දෙනවා නම් ඉතාමත් අඩු මුදලකට මේ මැෂින් එකක් වෙළඳපලට අලෙවි කරන්න  දාන්න පුළුවන් කියලත් ෂෙහාන් සදහන් කරා.

මේ වන විට එක්ස්කැවේටර් යන්ත්‍ර අවශ්‍යතාවය තියෙන අයට එයාලගේ අවශ්‍යතාවය අනුව ඒවා සැලසුම් කරලා නිර්මාණය කරලා දෙන ඒ වගේම නඩත්තු කරල දෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. සෙහාන් සඳහන් කරන්නේ ඔහු විසින් නිර්මාණය කරපු මේ නිර්මාණය යකඩවලට දිනන්න දෙන්නෙ නැතුව එයින් නිසි ප්‍රයෝජනයක් අරගෙන අඩු මුදලකට මේ නිර්මාණය වෙළඳපොළට විකිණීමට හැකි තත්ත්වයක් උදා කරන්න කියලයි.

නව තාක්ෂණය යොදාගෙන අත්දැකීමෙන් සහ ඥානයෙන්  ලෝකය දිනන්නට මෙවැනි ආකාරයේ නව නිපැයුම් කරන සියලුම දෙනාට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies