Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ආක්‍රමණික ශාකයක් වන ජපන් ජබර යොදාගෙන පරිසර හිතකාමි නිෂ්පාදනයක්

ජපන් ජබර නම කියලා කියපු ගමන්ම කොයි කවුරුත් දන්නවා මේ පැලෑටිය මොනවගේද කියලා. වැවක හෝ ඇළක මුළු ප්‍රදේශයේම වසාගෙන බෝවෙන මේ පැලෑටිය දම්පාට කුඩා මලකින් හැඩ වුණු  ජලජ පැලෑටියක් විදිහට තමයි ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ.

එක යායට හැදිලා තියෙන ජපන් ජබර දැක්කහම ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඉතාමත් සුන්දර දසුනක් ඒ වගේම හරිම ලස්සනයි නේ කියලා. නමුත් දකින කෙනෙක්ට එහෙම හිතුනට ජපන් ජබර කියලා කියන්නේ ලේසියෙන් විනාස කරන්න බැරි ආක්‍රමණික පැළෑටියක් කියලා මේ වන විට හොයාගෙන තියෙනවා.

ඒ නිසාම සීඝ්‍රයෙන් වර්ධනය වන ජපන් ජබර පැලෑටියන සහ විශාල වශයෙන් වැව් ඒ වගේම ඇළ දොළ ගංගා ආදි ප්‍රමාණයන් භාවිතා කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ පැලෑටි වලින් වැසුණු සමහර වැව් ජලාශ නිසා මිරිදිය ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබෙන එකම අවස්ථාව පවා නැති වෙලා තියෙනවා.

ඒ වගේම ජල බිඳක් ගන්නට යන අවස්ථාවන් වලදී පවා එයට අවශ්‍ය කරන විදිහට ඒ අවශ්‍යතාවය සපුරා සපුරාගැනීමට මිනිස්සුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට මූලිකම හේතුව වැව් ඇළ දොළ ගංගා ආදිය වසා ගෙන  ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන මේ ජපන් ජබර ආක්‍රමණික ශාක යයි.

බොහෝ අවස්ථාවන් වලදී මේ පැලෑටිය වැව් සහ වාරිමාර්ග සහ කුඹුරු අවට බෝවීම නිසාත් වාන් දොරටු අවහිර කර බෝවීම නිසා  ජල පරිවහනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ගංගා ඇළ දොළවල ජිවත් වෙන්නා වූ මිරිදිය මසුන්ට ද විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය හිරු එළිය ඒ වගේම පෝෂපදාර්ථ යනාදී දේ ලබා ගැනීමට නොහැකිවීම මෙහි ඇති ප්‍රධානම ගැටලුවක්.

මේ පැලෑටිය කොතෙක් හානිකර වුණත් එයින් ලබාගත හැකි ප්‍රයෝජනය  හොයා ගත් අපූරු කාන්තාවක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ. ජපන් ජබර පැළෑටිය හානිකර තත්ත්වය නොසලකා හැර එයින් නව නිර්මාණයක් බිහි කරන ඇය ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි නිලූකා ජයන්ති මහත්මියයි.

ඇය සිදු කරන ප්‍රධානම දේ තමයි ජපන් ජබර ශාකය යොදාගෙන විවිධ පරිසර හිතකාමී නොවන නිෂ්පාදනයන් හඳුන්වා දීම. ඒ පිළිබඳව ඇය ලංකාදීප පුවත්පතට අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්.මම ජීවත්වන ගල්ගමුව ඇහැටුවැව ගල්කඩවල කියන ප්‍රදේශයේ බොහෝ පිරිසක් ජීවිකාව ගෙන යන්නේ ගොවිතැන් කටයුතු වලින්. ඒත් අපිට ඒක දිගටම කරගෙන යන්න විදිහක් නැහැ. ගමට නිතරම වල් අලි කඩා පනිනවා. අපේ බෝග  වගාවන් විනාශ කරනවා. ගොවිතැනින් ජීවත් වන අපට මේක විශාල හිසරදයක් ඒ නිසා මම තීරණය කළා ජීවිතේ දිනන්න නම් තමන්ගෙම කියලා වෙනස් දෙයක් කරන්න ඕනෑ කියලා.

එහෙම හිතපු ජයන්ති මහත්මිය  ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය එකතුවෙලා සිදු කරපු ස්වයං රැකියා  වැඩසටහනක් සඳහා සහභාගී වෙනවා.මේ වැඩසටහන තුළදී තමන්ට කළ හැකි විවිධ ආකාරයේ රැකියා  පිළිබඳව කාන්තාවන් දිරිමත් කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට නිලූකා මහත්මිය ජපන් ජබර පැළෑටි උපයෝගී කරගෙන එමගින් විවිධ බෑග් වර්ග,මුදල් පසුම්බි සහ හිස් පළඳනා ආදී භාණ්ඩ නිෂ්පාදනයන් සිද්ධ කරනවා. මේ නිෂ්පාදනයන් සඳහා මේ වන විට වෙළෙඳ පොළ තුළ ඉහළ වටිනාකමක් තියෙනවා කියලත් ඇය සඳහන් කළා.

ඔවුන්ට අමුද්‍රව්‍ය  හොයා ගැනීමට ඔවුන්ට නිරන්තරයෙන්ම අපහසුතාවයන් නොමැති බවත් නමුත් ඒ සඳහා අවශ්‍ය කරන විවිධ ආකාරයේ යන්ත්‍ර සූත්‍ර ප් මිලදී ගැනීමට තාමත් ඔවුන්ට හරිහමන් මූල්‍ය ආධාරයක් ලැබිලා නැහැ. ඒ සියලුම දේ නිසියාකාරව රජය මඟින් සපයා දුන්නොත් රටට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ජපන් ජබර ශාකයේ අනිසි බලපෑම් වලින්  හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට අපිට හැකියාව ලැබෙනවා  නොඅනුමානයි.

අඳුර තුළ ගිලෙමින් අඳුරටම දොස් නගමින් සිටින මිනිසුන් අතර  ආලෝකය සොයා වෙහෙසෙන ජයන්ති වැනි දිරිය කාන්තාවන් රටකට කොයි තරම් සම්පතක් ද? 

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි