Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනස් කරමින් කොළඹ ඉදිවුණු සුපිරි ගොඩනැගිල්ල

කොළඹ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාකීර්ණම ස්ථානයයි. බොහෝ දෙනෙක්ගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට ඇති පහසුව උදෙසා ගම්වලින් පැමිණ කොළඹ ආසන්න ප්‍රදේශවල ජීවත් වීම අපිට වර්තමානයේ දකින්නට ලැබෙන සුලභ කරුණක්.

ඉතාමත් කාර්යබහුල නගරයක් විදියට සලකන මේ කොළඹ නගරය තුළ  විවිධ ආකාරයේ  ගොඩනැගිලි අපිට දැකබලා ගන්නට හැකියාවක් තියෙනවා. විශාල තට්ටු ගණනින් සැදුම් ලත් මේ ගොඩනැගිලි මහා පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන විදිහට තමයි ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙන්නේ. 

මේ ගොඩනැගිලි අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත සංචාරක hotel ඉදිකරලා තියෙන්නෙත් කොළඹ ප්‍රදේශයේ වීම විශේෂත්වයක්. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කොළඹ නගරයේ ගොඩනැඟුණු අලුත්ම ගොඩනැගිල්ල පිළිබඳවයි.

මේ ගොඩනැගිල්ල හඳුන්වා දී තියෙන්නේ ALTAIR කියන්න නමින්. මේ ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පිය තාක්ෂණික ක්‍රම ඉහළින්ම යොදාගෙන නිර්මාණය කරපු බහු මහල්  සංවර්ධන නිවාස ව්‍යාපෘතියක්. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් කියලා කිව්වොත් නිවැරදියි.

විදේශීය ආයෝජනය මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට විවිධ වාසි සහගත තත්වයන් අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ වටිනාකමකින් යුත් විදේශීය ආයෝජනය සිද්ධ කරන්නේ ඉන්දියානු සමාගමක් වන south city group  kolkata සමාගමයි. මේ ව්‍යාපෘතිය නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු වුණා කියලත් ආරංචියි.

සියලුම පහසුකම් වලින් සමන්විත මේ ගොඩනැඟිල්ල තුළ නේවාසික හා වානිජ වෙළඳ සංකීර්ණයේ නිවාස දැනටමත් විවිධ පුද්ගලයන්ට අලෙවි කර අවසන්.  ඒවායේ සියලු අයිතීන් ඉදිරි දින කීපය තුළ හිමිකරුවන්ට නිල වශයෙන් භාරදීමට  ඔවුන් කටයුතු සූදානම් කරල තියෙනවා.

ශ්‍රී ලංකා වාස්තු තාක්ෂණික ශිල්පීය ක්‍රමයන්ගෙන් වෙනස් වෙමින් මේ ආකර්ෂණීය නිර්මාණය සිදු කරන්නේ ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥ Moshe safdie විසින් වීම විශේශත්වයක්. ඔහු ලෝක ප්‍රසිද්ධ වාස්තු නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙක්.

අක්කර 2 ක භූමි භාගයක වර්ග අඩි මිලියන 15 ක ප්‍රමාණයක ගොඩනංවා ඇති මේ ගොඩනැගිල්ල මහල් 68 කින් සමන්විතයි. මෙහි සුඛෝපභෝගී නිවාස හාරසිය හතරක් ඉදි කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉදිරියේදී ඒ සඳහා විශාල ගැනුම්කරුවන් ප්‍රමාණයක් නිර්මාණය වෙතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

වර්ථමානයේ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සෘජු ආයෝජන ඉහළ නංවමින් සිදු කරන්නා වූ මෙවැනි ව්‍යාපෘති තුළින් රටේ ආර්ථිකය පිළිබඳ කොයි කාටත් සුභ බලාපොරොත්තු තබා ගැනීමට මෙය කදිම අවස්ථාවක්.