Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලංකාවේ පන්සල්වල බිතුසිතුවම් අදින තායිලන්ත තරුණයා

කලාව කියලා කියන්නේ මිනිස්සු ජීවත් කරවන්න ඒ වගේ මිනිස්සු සනසවන්න පුළුවන් අපූරු ක්ෂේත්‍රයක්. ඒ අතරින් චිත්‍ර කලාව කියලා කියන්නේ විශ්ව භාෂාවක්. මිනිසෙකුගේ සිතෙහි හටගන්නා සිතුවිලි චිත්‍රයක් ආකාරයෙන් ගොඩ නංවා ගෙන භාවයන් ප්‍රකාශ කිරීම  තුළින් බොහෝ දෙනෙක් මානසික නිදහසක් ලබනවා.

අපි කුමන භාෂාවක් කතා කරන පුද්ගලයෙක් වුණත් කුමන ආගමක් අදහන පුද්ගලයෙක් වුණත් කලාව කියන දේ රස විඳින්න ඒක බාධාවක් නෙවෙයි. ඉතින් අපි ඔබට කියන්නට යන්නේ උපතින්ම තායිලන්ත තරුණයෙකු මෙරට බෞද්ධ විහාරස්ථාන වල දකින්නට ලැබෙන සිතුවම් වලට පෙම් බැද ඒ ආකාරයෙන්ම සිතුවම් නිර්මාණය කරමින් පන්සල් හැඩ වැඩ කරන ආකාරය පිළිබඳවයි.

ඔහු නමින්  විනයි බොරිබුන්  පුද්ගලයායි  ඒ පුද්ගලයා හා තායිලන්ත ජාතිකයෙක්. මෙකී තායිලන්ත තරුණයා ශ්‍රී ලංකාවේ මීගහකිවුල කරමැටිය ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානය තුල ටික කාලයක් නවාතැන් ගෙන සිටිනවා. මේ විහාරස්ථානයේ ධර්ම ශාලාව තුළ අපුරු බෞද්ධ සිතුවම් කීපයක් නිර්මාණය කිරීමටද ඔහු පෙලඹුණා.

 ඉතින්  ඔහු මේ චිත්‍ර කලාවට ආදරේ කරන්න පටන් ගන්නෙ බෞද්ධ ආගමට මෙන්ම බෞද්ධ විහාරස්ථාන වල සිතුවම් වලට ද එක සේ ආදරේ කරන නිසයි. තායිලන්තයේ විහාරස්ථානයක සුමනරතන නමින් ශ්‍රී ලංකාවෙන් පිටත් වූ  හිමි නමක් වැඩ  වාසය කරනවා.

උන්වහන්සේ ජීවිතේ මේ වන විට සැදෑ සමය ගත කරමින් තමයි කල් ගෙවන්නේ. ඒ නිසා තනිවම දෛනික කටයුතු කරගන්නට උන්වහන්සේට ඉස්සර වගේ බැහැ. ඒ සඳහා කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍යයි. මේ අතරතුර කාලයේදී සුමනරතන හිමියන්ගේ තායිලන්ත විහාරස්ථානයට නිරන්තරයෙන්ම යන එන පුද්ගලයෙක් බවට බොරිබුන් හෙවත් මේ තායිලන්ත තරුණයා පත්වුණා.

ස්වාමීන් වහන්සේ සමග කුළුපග වෙන තායිලන්ත තරුණයා උන්වහන්සේට සිව් පසින් උපස්ථාන කරමින් කල් ගත කරනවා. ඔහු බෞද්ධ ආගමිකයෙක් ඒ වගේම බුදුදහමට ඒ වගේම බෞද්ධ දර්ශනයට මහත් සේ ආදරේ කරනවා.

සුමනරතන හාමුදුරුවො වැඩසිටින මේ පන්සල් භූමියේ සියලුම බිතුසිතුවම් නිම කරන්නේ මේ තායිලන්ත තරුණයාගේ දෑතින්. මේ පන්සලට ආසන්නව තමයි ඔහු ජීවත් වෙන්නේ. බුදු දහමට ලැදි පුද්ගලයෙක් නිසා බණදහම් භාවනාදිය කරගෙන නිහඬ ජීවිතයක් ගත  කරන්න ඔහු ආස කරනවා.

මේ තායිලන්ත තරුණයා සතු අපූරු හැකියාව තමයි චිත්‍රයක් දිහා බලාගෙන ඉඳලා  ඒක ඒ විදිහටම ආපහු ඔහුට අඳින්න හැකියාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේ සමග ලංකාවට පැමිණෙන ඔහු විවිධ විහාරස්ථානවල චිත්‍ර නැරඹීම සඳහා සංචාරය කළා. ඒ ආකාරයෙන් සංචාරය කරලා සටහන් කර ගත්තු චිත්‍ර නැවත වතාවක් තායිලන්තයට ඇවිත් සුමනරතන ස්වාමීන් වහන්සේගේ පන්සලේ බිතු සිතුවම් කරන්නට ඔහු අමතක කළේ නැහැ.

ඊට පස්සේ ටික කලකට පස්සේ සුමනරතන හාමුදුරුවෝ සමග මේ තායිලන්ත තරුණයා ලංකාවට එනවා . ඇවිත් උන්වහන්සේ සමග පන්සලේ වාසය කරන්න තීරණය කරනවා. ඊට පස්සේ මේ තරුණයා ට ආස හිතනවා ඔහු නවාතැන්ගත් පන්සලේ චිත්‍ර කීපයක් අඳින්න ඕන කියලා. ඒ සඳහා මේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ලබා ගන්නා ඔහු ඉතාමත් සැදැහැ සිතින් ලස්සන සිතුවම් කීපයක් පන්සල  තුළ සිතුවම් කළා.

මේ සියලුම දේ සඳහා අවශ්‍ය කරන උපකරණ ඔහු තායිලන්තයේ ඉඳන් ශ්‍රී ලංකාවට එද්දී අරගෙන ඇවිල්ල තියෙනවා. මේ පන්සල් භූමියේ ඉදි කරපු අලුත්ම ධර්මශාලාවේ චිත්‍රයන් ඇන්දේද ඔහු විසින් ඉතින් මේ චිත්‍ර වලට  ගම්වැසියන්ගෙන් ඉහළ ප්‍රතිචාර හම්බුනා මේ සියල්ලම කළේ ඔහු කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

පන්සලට එන සියලුම දෙනා ඔහුගේ මේ චිත්‍ර කලාව ඉහළින්ම  අගය කරනවා. පෝයකටවත් පන්සල් යන් නැතුව බොරුවට ධාර්මිකව ජීවත්වන බව පෙන්වන බොහෝ මිනිසුන්ට සාපේක්ෂව   මේ තායිලන්ත තරුණයා සැබවින්ම ආගමට දහමට අනුව ජීවත් වන පුද්ගලයෙක්.

ඔහු ප්‍රගුණ කලාවු මේ උතුම් චිත්‍ර ශිල්පිය තව තවත් වැඩි දියුණු  කරගනිමින් ලස්සනට අලංකාර සිතුවම් නිර්මාණය කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍රය  ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies