Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඉන්දීය කාන්තා ක්‍රිකට් ලොව ජයගත් සුරූපී මන්දනා

බොහෝ දෙනෙක් ක්‍රිකට් ගැන කතා කරද්දි කියන ප්‍රධානම දේ තමයි ක්‍රිකට් කියන්නේ ලෝකෙ මහත්තුරුන්ගෙ ක්‍රීඩාව කියලා. බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව,ඉන්දියාව,ඕස්ට්‍රේලියාව,එංගලන්තය කියලා කියන්නේ cricket ක්‍රීඩාවේ හිනිපෙත්තටම ගියපු රටවල් කිව්වොත් නිවරදියි.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ රූපයෙන් වගේම දක්ෂතාවයන්ගෙනුත්   බොහෝ දෙනෙක් ආකර්ෂණය කර ගත් ඉන්දීය කාන්තා ක්‍රිකට් ලොවේ ප්‍රසිද්ධ චරිතයක් වන ස්මිත්‍රි මන්දනා පිළිබඳවයි.  ඇය මේ වන විට ඉන්දියාව තුළ පමණක් නෙවෙයි ලෝකයම ජනප්‍රියතම කාන්තාවක් බවට  පත්වෙලා අවසන්.

මන්දනා ගේ ජීවිතය පිළිබඳව කතා කරද්දි  ඇය ක්‍රිකට් පිටියට ප්‍රවේශ වෙන්නේ වර්ෂ 2013 වසරේ දී. ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවති 20යි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන්. එදා ඇය ආරම්භක පිතිකරුවෙක වශයෙන්  ක්‍රීඩාපිටියට පිවිසුණා. මන්දනාගේ දක්ෂතාවයන් නිසාම ඊට නොබෝ දිනකට පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට එක්වීමටද වරම් ලැබුවා.

ඉන්පසු 2014 වර්ෂයේදී මන්දනාට ටෙස් වර්ණ හිමිවුණා. ඒ සමගම එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඇය විසින් සිය පළමු ටෙස් සටන ආරම්භ කර අතර මෙහිදී ඇය ක්‍රියා කලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ටයි. එහිදී මේ තරගයේ දෙවැනි ඉනිමේ දී ඇය අර්ධ ශතකයක් ලබා ගැනීමට තරම් දක්ෂ වුණා.

මන්දනා ගේ පවුල් පසුබිම නිරන්තරයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු නිසා ඇයට මේ ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ කාලෙක ඉදන් තමයි කැමැත්ත  ඇති වෙන්නේ. ඇගේ ආදරණීය සහෝදරයා වන ෂාර්වන් වන්දනා ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට 8 වසරක අත්දැකීම් ඔහුට තියෙනවා. ඒ වගේම ඇගේ ආදරණීය පියා ඉන්දියාවේ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක්.

තාමත් වයස අවුරුදු විසි පහක  තැනැත්තියක් වන මන්දනා මේ පුංචි කාලය තුළදී  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන රාශියක් ම ලබාගන්න තරම් වාසනාවන්තියක් වුණා. ඒ අතරින් 2018 වර්ෂයේ දී  ඇයට ලැබුණු හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ට හිමි සම්මානය ඒ අතරින් ප්‍රධානයි.

ඒ වගේම 2018 වර්ෂයේ දී ඇයට ලැබුණු අයිසීසී විසින් වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වූ සම්මානය ලබා ගැනීමටත් මන්දනා වාසනාවන්ත වුණා. මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග හතරකට ක්‍රීඩා කර ඇති මන්දනා ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 290 හතරක්  රැස්කර ගැනීමට වාසනාවන්ත වුණා.

ඇය මේ වන විට ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර එක්දින තරග සංඛ්‍යාව හැට දෙකක්. ඒ වගේම ලබාගත් ශතක හතරක් සහ අර්ධ ශතක 19 කින්  ඇය රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 2377ක් තරම් ප්‍රමාණයක් වෙනවා. 

මෙයට අමතරව ජාත්‍යන්තර තරග ට 81 ක ට ඇය ක්‍රීඩාකර ඇති අතර එහිදී ලකුණු එක්දහස් නවසිය එකක් රැස්කර ගැනීමට ඇයට හැකියාව ලැබුණා. ඉන්දියාව වෙනුවෙන් වේගවත් ආකාරයෙන් අර්ධ ශතක රැස්කල  ක්‍රීඩිකාව වශයෙන් මන්දනා ඉතිහාස ගත වුණා.

එපමණක් නොවේ 2020 වසරේදී ඇය ඉන්දීය 2020 විස්සයි20  කණ්ඩායමේ නායකත්වයට පත්වීමට තරම් වාසනාවන්තියක් වුණා. එලෙස නායකත්වයට පත් වීමත් සමගම ක්‍රිකට්  ඉතිහාසයේ ලාබාලතම 20 යි 20 cricket නායිකාව ලෙස ඇගේ නම වාර්තා පොත් අතරට එකතු වුණා.

මන්දනා සඳහන් කරන ආකාරයට ක්‍රිකට් ජීවිතය තුළදී ඇය නිතරම අනුගමනය කිරීමට කැමැත්තක් දක්වන්නෙ කුමාර සංගක්කාරගේ ක්‍රීඩා විලාශයයි. අතිශයින් සුරූපී රූ සපුවකට උරුමකම් කියන ඇය ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා පමණක් නොව මේ වන විට නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද අපිට අපට දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා.

කෙසේ නමුත් ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්ෂේත්රය  තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වපු මේ  දක්ෂ ක්‍රීඩිකාවට ඇගේ ඉදිරි කටයුතු ඒ අයුරින්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies