Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලෝකයේ ලාබාලතම තානාධිපතිනිය ලෙස තේරී පත් වුණු ශ්‍රී ලාංකික දැරිය

ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වුණත් ජාත්‍යන්තරය තුළ ජීවත් වුණත්  තමන් උපන් මව්බිමට කීර්තියක් අත්පත් කර දීමට කිසිදා අමතක කරන්නේ නැහැ. ඒ නිසාම තමයි ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින්ම තියෙන්නේ. අපි අද ඔබට කියන්නට යන්නේ එයාකාරයෙන් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබූ අපූරු දැරියක් ගැනයි.

ඇය මේ වන විට දාහතර හැවිරිදි වියෙහි පසුවන සෙනුලි බිනාරායි. ඇය පිළිබඳව මේ වන විට ලෝකයක් මහත් ආඩම්බරයෙන් කතා බහ කරනවා. එයට මූලිකම හේතුව ඇය මේ වන විට ලොව ලාබාලතම තරුණ තානාධිපතිනිය  ලෙස පත්වීම් ලබා ගෙන සිටීමයි. 

මේ පුංචි දැරිය මේ වන විට ජාත්‍යන්තර සමුළුවලදී කතා කිරීමට හැකි දක්ෂයෙකු බව අනිවාර්යයෙන් ම සඳහන් කළ යුතුමයි. ඒ වගේම නිරන්තරයෙන්ම පරිසරයට ආදරය කරන ඇය පරිසරය රැක ගැනීම උදෙසා කරන සමාජ මෙහෙය වර අසීමිතයි.  ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ අපූරු දැරිය පිළිබඳවයි.

මේ වන විට ඕමානයේ මස්කට් නුවර ජීවත්වන ඇය පාසල් අධ්‍යාපන වැඩකටයුතු කරගෙන යන දැරියක්. පාසල් අධ්‍යාපන කටයුතු කරන අතර තුළ ඇය  බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගි වෙනවා. ඇය සතු දක්ෂ ගායන හා කථික හැකියාව නිසාම ජාත්‍යන්තර සම්මාන රාශියක් ම ලබා ගැනීමට පුංචි බිනාරට අවස්ථාව උදාවුණා. ඒ අතරින්,

ස්වීඩනයේ  පැවති  i sing world තරගාවලියේ අනුශූරතාවය සහ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්මානය දිනා ගැනීමටත්.

ජර්මනියේ පැවැති Euro pop singing තරගාවලියේ  ජූරියේ විශේෂ සම්මානය

ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ  පාඨමාලාවක් හදාරා 95% ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත් දැරිය ලෙසත්

ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා. පරිසරයත් එක්ක ම තමන්ගේ  එදිනෙදා ජීවිතය ගත කරන පුංචි බිනාරා  පරිසරයට ආදරේ කරන දැරියක්. සොබාදහම රැක ගන්න ඕනේ කියන චේතනාව ඇගේ සිත තුළ හැමදාම තියෙනවා ඒ නිසා ළමයෙක් විදිහට යම්කිසි සේවයක් කරන්න ඕනෙයි කියල හිතපු ඇය wake up mom  නමැති පරිසරය සම්බන්ධ ගීතයක් නිර්මාණය කරනවා.

මේ ගීතය සුවිශේෂී බව තමයි එහි පද රචනය ගායනය සහ තනු නිර්මාණය කියන සියලුම දේ සිදුවන්නේ ඇගේ අතින් වීමයි. මේ ගීතය අපූරු භාවය  නිසාම එක්සත් රාජධානිය u k song writing competition 2020 තරගාවලියේදී රටවල් 84ක තරගකරුවන්  අතරින් ගායනය හා පද රචනාවෙන් විශිෂ්ට සම්මානයක් ලබා ගැනීමට පුංචි බිනාරට අවස්ථාව උදා උනා.

ඇගේ කථික හැකියාව සහ ඉදිරිපත් ඉදිරිපත් වීමේ හැකියාව ඒ වගේම නායකත්වයක් ලෙස ඉදිරියට යාමේ පෞරුෂය ආදී ගුණාංගයන් නිසාත් ජාත්‍යන්තරව ඇය ලැබූ ජයග්‍රහණය සලකා බලා පසුගිය දිනක ෆින්ලන්තය hundred තරුණ තානාධිපති වරුන්ගේ සංවිධානයේ තරුණ තානාධිපති වරියක් ලෙස බිනාරට පත්වීම් ලැබුණා.

ඒ සුවිශේෂී  ජයග්‍රහණයක් ලෙස සලකන්නේ ලොව ලාබාලම තානාධිපති ව රිය ඇය වීම නිසයි. මේ ජයග්‍රහණය පිළිබඳව ඇය සඳහන් කරන්නේ එය ඇයගේ මව් රට වන ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකනවා කියලයි.

ඉදිරියේදී තානාධිපතිධූරයේ වැඩකටයුතු පිළිවෙලට කරගෙන යාමෙන්  විශාල මෙහෙවරක් කිරීමට ඇය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වන විට  green heart foundation නමින්  සංවිධානයක් ඇය විසින් ආරම්භ කරනවා.

මීට අමතරව තානාධිපති වරියක් ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු මොනවාද කියලා හොයලා බලන්න ඇය සූදානම් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු හෝ සාමාන්‍ය පෙළ විභාග වලින් පසු විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට නොහැකි වුවහොත් නිවැරදි මාවතක් නොදන්නා තරුණ තරුණියන් විශාල පිරිසක් ජීවිතය වරද්දා ගන්නා බව ඇය දැක්කා. ඒ සඳහා ඇයට ගත හැකි ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරනවා කියලත් සඳහන් කළ තිබ්බා.

ඇය අවසාන වශයෙන් සඳහන් කළේ සියලුම දරුවන්ට ඇය හැකි පමණින් උදව් කරමින් ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දැනුම සහ අත්දැකීම් ඔවුන්ට ලබා දෙනවා කියලයි. මේ පුංචි වයසට ජනාධිපති ධූරයක් ලබා ගනිමින් කටයුතු කරන්නට හැකි වීම ම ජීවිතය ජීවිතයේ විශාල ජයග්‍රහණයක්. 

ඉතින් මේ පුංචි තානාධිපතිනියගේ ගේ සියලුම කටයුතු ඒ අයුරින්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies