Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

රෝගීන්ගේ සුවසෙත සඳහා නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවය

මේ ලෝකෙට උපත ලබන බොහෝ දෙනෙක් වයසට යනවත් එක්කම යම් යම් අබල දුබල තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට ඔවුන්ගේ වැඩක් වත් කර කියාගන්න කියා ගන්න බැරි තත්වෙට පත් වෙනවා. මේ කාලසීමාව තුළදී බොහෝ විට නිවසේ සිටින ආදරණීය දරුවන්ටත් ඔවුන් පිළිබඳව හොයලා බලලා වගකීම ඉටු කරන්න වෙලාවක් නොමැති වෙන්න පුළුවන්.

සමහර වෙලාවට වෙලාවක් තිබුනොත් තමන්ගෙ දෙමව්පියන් පිළිබඳව හොයන්න නැතුව කාලය ගත කරන දරුවන් ඕනිතරම් එයින් ලංකාව තුළ ඉන්නවා. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ශ්‍රී ලංකාව වැනි රටක ඉහේ කෙස් ගානට මහළු මඩම් වැඩිහිටි නිවාස ඉදි වෙද්දී බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන්ට මානසික හා කායික සහනයක් ලැබෙන ආකාරයට සැලසුම් කරපු ගාල්ල කරාපිටිය රෝහලේ 65 වාට්ටුවේ සහන සත්කාර සේවාව පිළිබඳවයි.

අපේ රටට මේ සහන සත්කාර සේවය කියන දේ අලුත් සංකල්පයක් වුණත් පිට රටවල මිනිස්සුන්ට නම් මේක අලුත් සංකල්පයක් නෙවෙයි. එනම් විදෙස් රටක අසනීප වයස්ගත පුද්ගලයෙක් ගෙදරක සිටිනවා සිටිනවා නම් ඒ පුද්ගලයාට සලකන්නට කෙනෙක් නැතිනම් ඔව් නිවසටම ගිහින් එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරලා ඔවුන්ව නාවලා කරලා පිරිසිදු කරනවා.

ඉතින් ඒ වගේ ක්‍රියාවලින් සිද්ධ වුණේ යුරෝපය ඇමරිකාව කියන දියුණු රටවල. අපේ රට තුළත් මෙවැනි ආකාරයේ සහන සත්කාර සේවාවන් පවත්වන්න විවිධ පුහුණුවීම් සැසි තිබුණත් ඒ කිසිවක ගෙන් පලක් වුණේ නැහැ. සමහර නිලනොලත් සංවිධාන මේ සත්කාර ක්‍රමය මගින් මිනිසුන්ගේ මුදල් එකතු කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගියා.

අවුරුදු තිහක් ගියත් මේ පිළිබඳව ස්ථිර තීරණයක් ලංකාව තුළ තිබුණේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව තුළ වයස්ගත ජනගහනය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා බෝ නොවන රෝගවල ව්‍යාප්තිය ද විශාල වශයෙන් වර්ධනය  වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය  අංශ වාර්තා සඳහන් කරනවා.

ඉතින් කරාපිටිය රෝහලේ හැටපස් වැනි වාට්ටුව මගින් කරන්නේ මේ ආකාරයෙන් රෝග වලින් පීඩා විඳින වයස්ගත ජනතාවට  කායික සහ මානසික වශයෙන් ශක්තියක් වීමයි.  ඒ වගේම තමයි මෙහි තිබෙන විශේෂත්වය සුව කළ නොහැකි හෝ මාරාන්තික රෝගයකින් පෙළෙන පුද්ගලයකුට ඉදිරියේ දී ප්‍රතිකාර ක්‍රමයක් කරන්න නොමැති වුණත්  ඔහුගේ මානසික තත්වය හොඳින් සකස්කර  ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් කිරීමට ද කිරීමට ද කරාපිටිය රෝහලේ හැට පස් වෙනි වාට්ටුවේ කාර්ය මණ්ඩලය සූදානම් වෙනවා .

ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයන් ,මළ මුත්‍ර පිට නොවීම ,විවිධ සමාජ ප්‍රශ්න ආදී දේවල් වලින් යුත් රෝගීන්ව මේ වාට්ටුවට ඇතුළත් කර ගන්නවා. මෙහිදී සඳහන් කළ යුතු ප්‍රධානම දේ මූලික රෝගයට ප්‍රතිකාරයක් ලබා දීම මේ වාට්ටුවේදී සිද්ධ වෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට සුභ කළ නොහැකි පිලිකාව වැනි රෝග වලට තවදුරටත් ප්‍රතිකාර නොකර  ඔවුන් මානසික තත්වය අතින් යහපත් කිරීම ඒ වගේම මේ රෝගී තත්ත්වය නිසා ඇතිවෙන අතුරු ආභාධ පාලනය කිරීම මේ වාට්ටුව තුළදී සිදු කරනවා.

ඒ වගේම මීට අමතරව රෝගියාගේ ඥාතීන්ට රෝගියා ගේ මනස තේරුම් ගන්නා ආකාරය ඔහුව බලා ගන්නා ආකාරය පිළිබඳව උපදේශන මාලාවක් ලබා දීමට ලබාදීමටද මේ කාර්ය මණ්ඩලය සැදී පැහැදිලා ඉන්නවා.

සතියේ සෙනසුරාදා සහ උදේ අටේ සිට 12 දක්වා මේ වාට්ටුව තුළ සායන පැවැත්වෙනවා. පළාතක ඕනෑම රෝගියකුට මේ සායන සායනවලට සහභාගි වෙන්න පුළුවන්. එතැන් පසු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රෝගියාට කටයුතු කරන්න සිදුවෙනවා. මේ ආකාරයෙන් රෝගී නේවාසික ගතව ප්‍රතිකාර ලබන කාලය සති දෙකක්.

මේ වාට්ටුව තුළ තනි කාමර දහයක්  හා වාට්ටු දෙකක් තියෙනවා එක වාට්ටුවක දහදෙනෙකුට පහසුකම් තියෙනවා. ඒ වගේම මනස සුවපත් කිරීම සඳහා සංගීතය රස රසවිඳීමට අවස්ථාවක් රූපවාහින නරඹන්නට තියෙන අවස්ථාව ආදී පහසුකම් වලින් ද යුක්තයි.

ඒ වගේම රෝගීන්ගේ කැමැත්ත අනුව ආහාර ආහාරපාන සකස්කර සකස් කර ගන්නත් අවස්ථාව තියෙනවා. මේ ආකාරය සහන සත්කාරයක පිහිටුවීම සඳහා දානපතියන්ගේ ආධාර යෙන් මිලියන 74 ක පමණ මුදලක් එකතු වුණා කියලා මෙම සහන සත්කාර සේවාව පිළිබඳ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා සඳහන් කළා.

ඉදිරියේදී  ශ්‍රී ලංකාව තුළ  මෙවැනිම ආකාරයේ සමාජ සත්කාරයන්  දිනෙන් දිනම සිදු වේවායි කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies