Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දුරියන් වලින් අයිස්ක්‍රීම් හදා අකමැති අයටත් දුරියන් කැවු උඩරට මැණිකේ

දුරියන් කියලා කියන්නේ කෙනෙක් කන්න ආස ඒ වගේම තව කෙනෙක් ළඟවත් තියාගන්න අකමැති අපූරු පලතුරක්. එක පාරක් කෑවොත් කෙනෙක් දුරියන් කියන පලතුර හැමදාම කනවා ඒක ඒ තරම්ම රසවත් පලතුරක්. නමුත් ගොඩක් දෙනෙක් දුරියන් සුවඳට වත් ආස කරන්නේ නැහැ. මේ පළතුරේ තියෙන අධික සුවඳ නිසාම එයට අකමැති පිරිසක් ඉන්නවා.

නමුත් මේ විදිහට දුරියන් වලට අකමැති අයටත් දුරියන් කවන ධෛර්ය සම්පන්න ව්‍යවසායිකාවක් ගැන තමයි අපි අද ඔබට කියන්නට යන්නේ. ලෝකයේ ඉදිරියට යනවත් එක්කම රට තුළ පවතින වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් නිවසට වෙලා කාලය ගත කළා

ඒ කාලය අතරතුර බොහෝ දෙනෙක් නිකරුණේ කාලය ගෙවන්නේ නැතුව අලුත් දේවල් අත්හදා බලන්නට පටන් ගත්තා. ඉතින් අපි අද ඔබට කියන්න යන මේ පුංචි ව්‍යවසායිකාව නුවර හඟුරන්කෙත පාරේ  තමන්ගෙම ව්‍යාපාරයක් පවත්වාගෙන යන  ව්‍යාපාරිකාවක් කිව්වොත් නිවැරදියි.ඇගේ ව්‍යාපාරික සන්නාමය තමයි Durianzila කියන වෙළඳ නාමය.

දුරියන් ආශ්‍රි නිෂ්පාදන පෙළක් ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දුන් පලමු  ව්‍යවසායිකාව  විදිහට හිමාලි සුරවීර නැමැති මේ තරුණ ව්‍යාපාරිකාවක නම් කරන්නට පුළුවන්. මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන හිමාලිගේ ජීවිතය මල් යහනාවක ඇතුළු සුන්දර මගකින් ගමන් කර ආ ජීවිතයක් නෙවේ.

අම්මයි,අයියයි,අක්කයි,මල්ලි එක ජීවත්වන ඇය කුඩා කාලයේ නොයෙක් විද දුක් ගැහැට විඳලා තියෙනවා. හිමාලිට අවුරුදු පහ සම්පූර්ණ වුණත් එක්කම  ඇගේ ආදරණීය පියාණන් මේ ලෝකෙන් සමු ගන්නවා. ඉතින් ඇයට උගන්නන්න අම්මා ගොඩක් දුක් මහන්සි වෙලා තියෙනවා.

ඒ සියලුම දේවල් හොඳ විදිහට සකසන්න ඒ වගේම තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියන්ට උගන්නන්න වැඩිමහල් සහෝදරයා සංජීව සුරවීර නමැති පුද්ගලයා නිරන්තරයෙන් ම කැප කිරීම් කළ බව ඇය සඳහන් කළා.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන හිමාලි උසස් පෙළ විභාගයෙන් පස්සේ මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් ආහාර තාක්ෂණය ගැන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා. පසුව රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලයෙන් තවදුරටත් ඒ පිළිබඳව ඉගෙන ගන්න ඇය යොමු වෙනවා.

හිමාලි  දුරියන් පිළිබඳව පළමු සොයා ගැනීම සිදුකරන්නේ රත්මලාන වෘත්තිය තාක්ෂණ විද්‍යාලය උසස් අධ්‍යාපනය හදාරන කාල වකවානුව තුළයි. විශ්වවිද්‍යාල තුළ දී  ශිෂ්‍යයන් වශයෙන් ඔවුන් නව සොයාගැනීම් ඉදිරිපත් කරන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඇය දුරියන් වර්ණක මුලින්ම නිෂ්පාදනය කරන්නේ. ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ඇයට සම්මාන පවා හිමි වෙලා තියෙනවා.

ඊට පස්සේ වසංගත රෝගී තත්ත්වය නිසා සියලුම විශ්ව විද්‍යාල වසා දමා ඔන්ලයින් තාක්ෂණයෙන් උගන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි හිමාලි හිතන්නේ තමා ඉගෙන ගත්තු දේවල් වලින් මොනවා හරි අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා.

ඊට පස්සේ ඇගේ උත්සහය සහ කැපවීම මත ලංකාවේ කිසිම කෙනෙක් මෙතෙක් නො කරපු අපූරු නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දෙන්න ඇයට හැකියාව ලැබුණා. එනම් දූරියන්වල තියෙන ගුණ ඒ විදිහටම රැකගනිමින් කෘතිම රසකාරක වර්ණකාරක වගේ දේවල් යොදන්නේ නැතිව ඕනිම කෙනෙක්ට කෑමට ගන්න පුළුවන් අයිස්ක්‍රීම් යෝගට් milkshake සහ බේකරි කෑම වර්ග ආදී දේවල්  නිෂ්පාදනය කරන්න.

මේ සඳහා හිමාලී යොදාගන්නේ දුරියන්  බීජයයි. මේ බීජයේ තියන විශේෂ ගම් වර්ගයක් යොදාගනිමින් විවිධ අයිස් ක්‍රීම් වර්ග යෝගට් වර්ග ආදී දේවල් නිෂ්පාදනය කරන්නට ඇය පෙලබුනා.

දුරියන් තන්තු බහුල ආහාරයක් නිසා මලබද්ධය ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලට පවා ගුණ බව ඇය සඳහන් කළා. මේ නිෂ්පාදන සියල්ලගේම පෝෂණීය ගුණය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි ඇය මේ දේවල් වෙළඳපොළට හඳුන්වා දුන්නේ.

දුරියන් කියන්නේ පෝෂණීය අතින් ගොඩක් ඉහල පලතුරක් ඒ නිසාම ඒ පෝෂණීය තත්ත්වය ඒ විදිහටම ආරක්ෂා කරමින් වෙළඳපළට එන මේ නව නිෂ්පාදනය අනාගතයේදී ජනතාව තුළ හොඳ ඉල්ලුමක් ඇති කරයි යැයි අපි බලාපොරොත්තු වෙන්නෙමු.

මූලාශ්‍රය ධරණිය පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies