Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඕස්ට්‍රේලියාවේ රියදුරෙකු ලෙස සේවය කරමින් ජීවිතය ජයගන්නා තුන් ඉරියව් ක්‍රීඩක චින්තක උමේෂ්

ජීවත් වෙන්න මිනිස්සු නොයෙකුත් ආකාරයේ රැකියාවන් වල නිරත වෙනවා. තමන්ගේ දරු මුණුපුරන් පෝෂණය කිරීම උදෙසා ඕනෑම රැකියාවක් කරනවා කියන බලාපොරොත්තුවෙන් රැකියාවක් හොයන මිනිස්සු ලෝකයේ ඕනි තරම් ඉන්නවා. ඒ වගේම කර කර ඉඳපු රැකියාව අයින් කරලා අලුත් රැකියාවකට ගිහින් ජිවිතය සැනසීම හොයන  මිනිස්සුත් ඕනි තරම් අපිට දැකගන්නට පුළුවන්. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ මේ වගේ අපූරු කතාපුවතක් පිළිබඳව.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් කියලා කියන්නේ කොයි කවුරුත් ආස කරන ක්‍රීඩාවක්. කාලෙන් කාලෙට ජාතික කණ්ඩායමට විවිධ දක්ෂතාවයන් දක්වන  ක්‍රිකට් ක්‍රීඩකයන් එකතු වෙනවා. ඒ වගේ දක්ෂතාවයක් දක්වපු  තරුණයෙක් තමයි  චින්තක උමේෂ් ජයසිංහ කියලා කියන්නේ.

2009 වසරේ ජාතික කණ්ඩායම සමඟ එකතු වන මේ තරුණයා දකුණත් පිතිකරුවෙකු වගේම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ද දක්ෂතා පෙන්නපු පුද්ගලයෙක්. ඔහුගේ දක්ෂතාවය පෙන්වීමට ඔහුට ලැබෙන්නේ ඉතාමත් සීමිත අවස්ථා කීපයක් පමණයි. ඒ කියන්නේ අවුරුදු දෙකක වැනි කාලයක් තමයි ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.

කිසියම් හෝ බලපෑමක් මත ජාතික කණ්ඩායමෙන් ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණා. විටක ඔහු මේ සම්බන්ධව ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයට කතා කරලා අහලා තියෙනවා දක්ෂතා අතර මම ඉඳලත් ඇයි මාව කැපුවෙ කියලා. ඒ පිළිබඳව පසුව දැනුම් දෙන්නං කිව්වත් මේ වන තුරුම ඔහුට කිසිම  දැනුම් දීමක් කරලා නැහැලු.

ඒ නිසාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කල කිරුණු ඔහු සිය පවුලත් එක්කම විදෙස්ගත වෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව බලා මේ පුද්ගලයා පිටත් වෙනවා. ඕස්ට්‍රේලියාවට ගියපු මේ ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැහුවා කියලා ආඩම්බරෙන් හිටියේ නැහැ. එදාවේල හම්බකරගෙන කන්න ඕනේ නිසාත් ණය තුරුස් ගෙවන්න ඕනෙ නිසාත් ඔහු බස් රථ රියදුරකු වශයෙන්  සේවය කරන්න පටන් ගන්නවා.

මේ සඳහා චින්තකට සැලකිය යුතු තරම් ලොකු වැටුපක් ලැබෙනවා කියලා තමයි ආරංචි. ඔහු දවස් හයක් රැකියාව කරනවා. කොයිතරම් කාර්යබහුල වුණත් බිරිඳ සහ දරුවන් එක කාලය ගත කරන්නත් චින්තක අමතක කරන්නේ නැහැ.

කලකිරීම සහ මානසික පීඩනය නිසා ඕස්ට්‍රේලියාවට ගිය ඔහු ඕස්ට්‍රේලියාවට ගිහින් බස් රථ රියැදුරු රැකියාව කරනවා කියලා කිසි විටකත් ලැජ්ජා වෙන්නේ නැහැ. චින්තක කියන විදියට ඒක ගෞරවාන්විත රැකියාවක්. ඒ වගේම ඔහුට හොඳ වැටුපක් හිමි වෙනවා. ඒ වගේම චින්තක වැඩිදුරටත්  සදහන් කරන්නේ ඔහු ක්‍රීඩකයෙක් වෙලා හිටියේ ලංකාවෙ මිසක් මෙහෙ නෙවෙයි කියලා. 

ඔහු දැන් රැකියාව කරන තැනට ඇවිල්ලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ලූ ගොඩක් දෙනෙක් දන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. ඒ නිසා ඔහු රැකියාව කරපු ආයතනයෙන් ගොඩක් දෙනෙක් මේ වගේ ක්‍රීඩකයෙක් ඔහුගේ ආයතනයේ ඉන්නවා කියන එක ආඩම්බරයක් කියලා හිතලා ඒ සම්බන්ධව  ඔවුන් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න  තීරණය කරනවා.

මේ වැඩසටහන ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් හරහා විකාශය වීමත් එක්ක තමයි ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රවෘත්තිය ඉස්මතු වෙන්න පටන් ගත්තෙ කෙසේ නමුත් මේ ආයතනය තුළ ඉතාමත් අවංක නිලධාරියෙක් විදිහට ඔහුට කටයුතු කරන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා.

ඒ වගේම දින හයක වැඩ මුරයකින් පසුව එන නිවාඩුවට ගෙදර අයත් එක්ක එකතු වෙලා සතුටු වෙලා පාටියක් දාන්නත් චින්තක අමතක කරන්නේ නැහැ. ලංකාවෙන් ගියත් නිතරම ලංකාවට නිවාඩුව ගතකරන්න චින්තක එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ වගේම sri lanka legend කණ්ඩායමක් එක්ක තරග කරන්න තිලකරත්න දිල්ෂාන්ගේ ආරාධනාවක් සමග ඔහුට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඒ සඳහා ඔහු තිලකරත්න දිල්ෂාන්ට ස්තුති කිරීමක්ද සිදු කරා. කෙසේ නමුත් ජීවිතයේ එක් අවස්ථාවක දොරටුව වැහෙද්දී අනිත් පැත්තෙන් තවත් දොරටුවක් විවර කරගෙන  අනාගතයම සාර්ථක  කර ගත් මේ අපූරු පුද්ගලයාට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies