Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කෙටි කාලයකින් ලංකාවේ වේගයෙන් ම අලෙවිය වන මහින්ද්‍රා KUV100 NXTමෝටර් රථය

තාක්ෂණය දියුණු වීමත් සමගම  විවිදාකාරයේ නව නිශ්පාදනයන් පිළිබඳව අපට අහන්නට අවස්ථාව උදාවෙනවා. කාර්මික විප්ලවයත් සමගම ඇතිවු තාක්ෂණයේ නව පිබිදීමත් බොහෝ අංශ  තමන්ගේ වැඩ කටයුතු සංවර්ධනය කර ගැනීම සඳහා අලුත් අලුත් තාක්ෂණය භාවිතා කරා.

මිනිසුන්ගේ ගමනාගමන පද්ධතිය ලේසියෙන්  සහ පහසුවෙන් සකසා ගැනීම උදෙසා බොහෝ දෙනෙක්  රථ වාහන මිලදී ගන්නවා. ඉතින් තාක්ෂණය දියුණු වීමත් එක්කම විවිධ ආකාරයේ අලුත් මාදිලියෙන් යුත් වාහන වෙළෙඳ පොලට එනවා.

ඒ කෙසේ නමුත් ගොඩක් දෙනෙක්ගේ තියෙන ප්‍රධානම චෝදනාව තමයි ශ්‍රී ලංකාව වගේ රටක වාහනයක් මිලදී ගන්න ගිහාම විශාල ගැටළු වලට අපි මුහුණ දෙනවා කියන දේ. නමුත් මේ වන විට  ඉතා සීග්‍රයෙන් වෙළෙඳපොළ තුළ අලෙවි වන  මෝටර් රථයක් තමයි KUV100 NXTමෝටර් රථය  කියලා කියන්නේ.

Mahindra &mahindra ltd සහ අයිඩියල් මෝටර්ස් සහයෝගීතාවයෙන් තමයි මේ නිෂ්පාදනය වෙළඳපොළට එන්නෙ. මේ මෝටර් රථයට කොතෙක් වෙළඳපොල තුළ ඉල්ලුම තියෙනවද  කියනවනම් එය මේ වන විට 1000වෙනි මෝටර් රථය ද පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරය ක දී අලෙවි කළා.

KUV100 NXTමෝටර් රථය යනු SUV  ප්‍රවේශයෙන්  යුත් සාඩම්බර පෙනුමක්  තියෙන ආකර්ෂණීය මෝටර් රථයක්. මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය තමයි සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනය ම ශ්‍රී ලංකාව තුළ දි තමයි එකලස් කරන ලද්දේ.

ඉතින් ශ්‍රී ලංකාව තුළ දී ප්‍රථම වරට සම්පූර්ණ වාහනය ම  එකලස් කල නිසා ලංකාව තුළ දී තුළදී එකලස් කළ  පළමු මෝටර් රථය ලෙස KUV100 NXTමෝටර් රථය  ඉතිහාස ගත වුණා. මේ මෝටර් රථය  මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගනය දී තමයි සම්පූර්ණයෙන්ම එකලස් කිරීම සිදුවුණේ.

KUV100 NXTමෝටර් රථය  මුල්වරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වර්ෂයේ මුල් කාලය තුළයි. මේ සමාගම තුළ පාරිභෝගිකයන්ට ලබා දෙන ඉහළ සේවාව නිසාත් පැය 24 පුරාම ක්‍රියාත්මක අලවියෙන් පසු කඩිනම් පාරිභෝගික සේවාව හේතුවෙන්  වසංගත තත්වය තුළ වුණත් මේ මෝටර් රථය මිලදී ගන්නා ප්‍රමාණය ඉහළ ගියා.

වසංගතය රට පුරා පැවැත්වුණු කාලවකවානුව  තුළ වුණත්  වෙළෙඳපොළ ක්‍රමක්‍රමයෙන් විවෘත  වීමේදී මෝටර් රථ මාදිලිය රට තුළ දී සැලකිය යුතු මට්ටමකින් විකිණෙමින් පවතිනවා. ඒ නිසාම මේ සමාගම ඉහළ යන වෙළඳපොල ඉල්ලුමට සරිලන ආකාරයෙන් මෝටර් රථ නිෂ්පාදනය කිරීමටත් අවධානය යොමු කරලා තියෙනවා.

මේ මෝටර් රථයේ ඇති  විශේෂ ලක්ෂණ අතර බල සහ අධි තාක්ෂණික  විශේෂ අංග ගණනාවකින් සමන්විත නිසා  පාරිභෝගිකයන් අතර වැඩි ඉල්ලුමක් පවතිනවා.

මූලාශ්‍රය දිනමිණ පුවත්පත