Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ගෙදරටම විභාග සහතික ගෙන්න ගන්න විභාග දෙපාර්තමේන්තුව හඳුන්වාදුන් අලුත්ම ඇප් එක

විභාග දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන වැදගත් ඒ  වගේම භාරදූර කාර්යයක් ඉෂ්ට කරන සේවා ස්ථානයක්. බොහෝ දෙනා පෙනී සිටින  අධ්‍යාපනික විභාග,ඒ වගේම රැකියා සඳහා පෙනී සිටින විභාග ඇතුළු ශ්‍රී ලංකාව තුළ පවත්වන සියලුම විභාග පිළිබඳව වගකීම දරන්නේ විභාග දෙපාර්තමේන්තුවයි.

ඒ නිසාම ඔවුන් සතුන් විශාල කාර්යභාරයක් වගේම වගකීම් රාශියක් තියෙනවා. දිනකට විභාග දෙපාර්තමේන්තුවට විවිධ සේවාවන් ලබා ගැනීම ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙනවා. මේ විශාල පිරිස නිසා බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක්ට තමන්ගේ වාරය එනකම් මග බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

රට තුළ පවතින වසංගත තත්වය නිසා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  මේ ආකාරයයෙන් ජනතාව රැස්වීම ටිකක් භයානක තත්ත්වයක්. ඒ නිසා මේ පිළිබඳව සැලකිල්ලක් දැක්වූ විභාග දෙපාර්තමේන්තුව මහ ජනතාවට තවදුරටත් ළඟාවීම සඳහා හරි ලේසි සහ පහසු තාක්ෂණයක් හඳුන්වා දෙනවා.

මේ අපූරු තාක්ෂණය ඔවුන් හඳුන්වා දෙන්නේ ජංගම දුරකථන යෙදුමක් ලෙසයි. ජංගම දුරකථනය කියන්නේ ලොකු කුඩා ඕනම කෙනෙක් මේ වන විට පරිහරණය කරන සියලුම දෙනාට අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදියට අවශ්‍ය වන තාක්ෂණික උපකරණයක්.

ඒ නිසා මේ උපකරණය තියෙන ඕනම පුද්ගලයෙක් ඉතාමත් ලේසියෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන්  DoE නැමැති ජංගම දුරකථන යෙදුම මගින් විභාග දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සියලුම සේවා නිවසේ සිට මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට අවස්ථාව දැන් ලබා ගැනීමට හැකියි.

මේ හඳුන්වාදුන් ඇප් එක  මඟින් ඕනෑම පුද්ගලයෙක්ට සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවාවන් ලබා ගැනීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානම වාසියයි. ඊට අමතරව මෙම යෙදුම මගින් ලබාගත හැකි සේවාවන් පහත පරිදි වේ.

  • මාර්ගගත ක්‍රමයට සහතික පත්‍ර අයදුම් කිරීමට හැකිවීම නිසා අතින් පුරවා අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොවේ.
  • ඒ වගේම ඕනෑම විභාගයක ප්‍රතිඵල තහවුරු කරගැනීමට හැකිවීම.නැති වූ විභාග අංකය සෙවීමට හැකි වීම.
  • ඒ වගේම ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබීම.
  • ආයතන මට්ටමින් පවත්වන විවාහක ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම හා බාගත කරගැනීමට ඇති හැකියාව.
  • සංඛ්‍යා ලේඛන සහ පාසල් සාධන දර්ශක  බාගතකර ගැනීම,පුවත්පත් සහ නිවේදන විභාග දින දර්ශන පසුගිය විභාග ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට හැකියාව ලැබීම.
  • පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට හැකියාව ලැබීම

ආදී විශිෂ්ට සේවාවන් රාශියක් මේ app එක මගින් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. තාක්ෂණය අතින් ලෝකය ඉදිරියටම ගමන් කරන විට ඒ හා හරි හනිකට තමන්ගෙ  එදිනෙදා ජීවිතයේ කටයුතු අනුකූල කරගතහොත් එයින් අපට විශාල වාසිදායක අවස්ථාවන් උදාකර ගැනීමට හැකියාව ලැබෙනවා. 

එහෙනම් විභාග දෙපාර්තමේන්තුවට ගිහින් රස්තියාදු වෙන්න නැතුව අදම මේ ඇප් එක බාගත කරගෙන තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගන්න ඔබට හැකියාව තිබේ.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත