Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

උපාධි අතහැර ක්‍රිකට් බිහිවුණු රටටම ක්‍රිකට් පිති විකුණන ලාංකික තරුණයා

ක්‍රිකට් කියලා  කියන්නේ ලෝකෙ කොයි කවුරුත් ආස කරන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව මූලික වශයෙන්ම එංගලන්තෙන් තමයි රටවල් පුරා පැතිරෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරන බොහෝ දෙනෙක් මේ ක්‍රීඩාවෙන් ජය පරාජය පිළිබඳව නිතරම අපේක්ෂණ දල්වාගෙන බලාගෙන ඉන්නවා.

ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් අත්පත් කරගත් විශිෂ්ට දක්ශයන්ගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමක් සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට ඒ සඳහා මූලිකම අවශ්‍ය වන නිෂ්පාදනයක් තමයි බැට් එක කියලා කියන්නේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ බොහොමයක් ආනයනය කරන්න විදේශ රටවල් වලින්. නමුත් ශ්‍රී ලංකාව තුලත් මේ වන විට පළමුවරට ලෙදර් cricket bat නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ ආකාරයෙන් cricket bat නිෂ්පාදනය කරන අපූරු තරුණයෙක් පිළිබඳවයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ 24 හැවිරිදි සහන් දික්මාදුගොඩ ගේ නැමැති තරුණයා. දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වූ නිසා ඔහු උපත ලබන්නේ ඕස්ට්‍රේලියාවේ නමුත් ඔහු ශ්‍රී ලාංකික තරුණයෙක්. මේ වන විට සහන් ස්ටොන්ච් නාමයෙන් ලෙදර් බැට් නිෂ්පාදනය කරනවා.

ඒ සඳහා වූ යොමු වන ආකාරය පිළිබඳව කතා කළොත්, ඔහු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින කාලවකවානුවක 2017 වසරේ නිවාඩුවකට ලංකාවට පැමිණෙනවා. එහිදී ඔහුට අවශ්‍ය වෙනවා ක්‍රිකට් ටී ෂර්ට් එකක් මිලදී ගන්න. ඔහු ඒ සඳහා උපකරණ තියන සාප්පුවකට යනවා. එහිදී නිකමට වගේ ක්‍රිකට් බැට් එහෙක මිල ඔහු වෙළෙන්දා ගෙන් විමසනවා.

ඊට පස්සේ සහන්ට තේරුණා ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ආශ්‍රිත නිෂ්පාදනයන් විකිනෙන්නේ ඉතාමත් ඉහල මිලකට කියලා. නමුත්  ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ භාණ්ඩ මේ තරම් ගණන් නැහැ. ඊට පස්සේ ඔහු  ක්‍රිකට් බැට් එකක් ශ්‍රී ලංකාව තුළ හොයනවා. ඊට පස්සේ තමයි සහන් දැනගන්නේ ශ්‍රී ලංකාවේ බැට් හදන්නේ නැහැ කියලා.

ඒ කියන්නේ  ශ්‍රී ලංකාව කිසිම සමාගමක් හෝ පුද්ගලයෙක් බැට් හදන්නේ නැහැ. ඊට පස්සේ සහන් තීරණය කරනවා ඒ සම්බන්ධව අධ්‍යනය කරන්න. නමුත් ඔහුට උපාධිය සම්පූර්ණ කරන්න තිබුනේ අවුරුද්දක වගේ කාලයක්. කෙසේ නමුත් ඔහු විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙන්න තීරණය කරනවා.

විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණ සහන් ක්‍රිකට් බැට් හදන්න මැෂින් සහ උපකරණ මිලදී ගෙන ලංකාවට එනවා. මුලින්ම ඔහු පාකිස්ථානයෙන් ක්‍රිකට් බැට් නිෂ්පාදනය කිරීම සඳහා ලී ඇණවුම් කරත් ඒ අදාල සැපයුම්කරු සහන්ට වංචා කරනවා.

මේ නිසා වෙළදාම් පටන් ගත්තට පස්සේ ලක්ෂ ගණනක පාඩුවකට මුලින්ම ඔහුට  මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට පස්සේ ඔහු අවශ්‍ය කරන ලී ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න පටන් ගන්නවා. අපේ රටේ ක්‍රිකට් බැට් නිෂ්පාදනය නොකිරීමට ප්‍රධානම හේතුව තමයි ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වය අනුව බැට් නිෂ්පාදනයට ගන්නා ලී වලට ජලය උරා ගැනීමේ තත්ත්වයක් පැවතීමයි. මේ ප්‍රධාන ගැටලුව තේරුම් ගන්න සහ දේශගුණික තත්වයන්ට ගැලපෙන ආකාරයෙන් බැට් එක බරෙන් අඩු වෙන විදිහට තමයි මේ නිෂ්පාදන නිපදවීමට නිපදවීමට තීරණය කරන්නේ.

ඔහු ඕස්ට්‍රේලියාව තුළ දී වතුර උරා ගන්න තත්ත්වය නැති කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා ඒ සඳහා අවශ්‍ය වෙනම උපකරණයක් සහන් ගාව තියෙනවා. ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වයට ශ්‍රී ලංකාවේ ලී තියාගන්න පුළුවන් වන ආකාරයෙන් තමයි මේ උපකරණය නිෂ්පාදනය කරන්නේ.

මේ වන විට ඔහුගේ ඉල්ලුම්කරුවන් ලෙස එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තමයි ප්‍රමුඛතම ස්ථානයක් ගන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් නමගිය ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් ඔහුගෙන්  ක්‍රිකට් බැට් මිලදී ගන්නවා. සහන්ට මේ වන විට පා ආවරණ අත් ආවරණ ආදී සියලුම ක්‍රිකට් උපකරණ නිෂ්පාදනය කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ කර්මාන්තය සඳහා විශාල බදු මුදලක් අය කරනවා ඒ නිසා එවැනි පියවරකට යන්න ඔහුට තාම ශක්තිමත් පදනමක් නැහැ.

නමුත් රජයෙන් කිසියම් හෝ සහනදායී සහයෝගයක් ඔහුට ලබා දෙනවා නම් ක්‍රිකට් උපකරණ දරාගත හැකි මිලකට ඕනෑම පුද්ගලයකුට අලෙවි කිරීමේ අවස්ථාව ඔහු සලසා දෙන්න පුළුවන් කියලා කියලා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුළ බැට් හදන මැෂින් තිබිලා නැහැ. සහන් ඉංජිනේරුවෙක් සමග එකතු වෙලා  මැෂින් වල වෙනස්කම් සිදු කරලා පහසුවෙන් හැඩය ගන්න පුළුවන් වන ආකාරයෙන්  යන්ත්‍රසූත්‍ර සකස ගන්න ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම හිටපු පිතිකරු අරවින්ද සිල්වා මහතාත් ඔහුට විශාල සහයෝගයක් දක්වලා තියෙනවා.

සහන්ගෙ බැට් නිෂ්පාදන ආයතනය මුල්ලේරියාව ප්‍රදේශයේ තමයි ස්ථාපිත කරල තියෙන්නෙ. මෙයින් නිෂ්පාදනයක් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් 070 3056610 දුරකථනය ඔහු සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තියෙනවා.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies