Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කුඹුර උකස්කර ලක්ෂ 10 කින් ගොයම් කපන යන්ත්‍රයක් හැදූ ජගත් වීරසිංහ

ලෝකය තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කිරීමත් සමගම විවිධ ආකාරයේ නව නිපැයුම් විවිධ ආකාරයේ අලුත් අත්හදාබැලීම් පිළිබඳව අපිට තොරතුරු දැනගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව කියලා කියන්නේ පුංචි රටක් උනාට ශ්‍රී ලංකාව තුළත් තුලත් තාක්ෂණික අතින් ඉහළ නව නිපැයුම් රාශියක් මේ වන විට බිහිවී අවසන්.

ඒ වගේම විශිෂ්ට ගණයේ නව නිපැයුමක් අනුරාධපුර පදවි ශ්‍රීපුර යෙන්  වාර්තා වුණා. කෘෂි කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා මිනිස්සු වෙනුවෙන් තමයි මේ නව නිෂ්පාදනය  නිපදවීම සිද්ධවෙන්නේ. මේ නව  නිපැවුම් හඳුන්වා දුන් පුද්ගලයා තමයි ජගත් වීරසිංහ කියලා කියන්නේ.

ලංකාවේ විශිෂ්ට තාක්ෂණය යොදා  කෘෂි කර්මාන්තයේ නියැලෙන දුප්පත් ගොවියා ගේ ජීවිතයේ හෙට දවස වෙනුවෙන් යම් සේවයක් ලබා දීම උදෙසා තමයි ජගත් තම නිර්මාණය මේ ආකාරයෙන් හඳුන්වා දීම සිදු කලේ.

28 හැවිරිදි තරුණයෙක් වන ජගත් වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙක්. මහලොකුවට සල්ලි බාගෙ තිබ්බෙ නැති වුණාට නිරන්තරයෙන්ම ආර්ථික දුෂ්කරතා මැද්දේ උනත් අලුත් දෙයක් හදන්න ඕනි කියන සිතිවිල්ල ඔහුගේ සිතේ තිබ්බා.

මූලිකවම මෙරට කෘෂි කර්මාන්තයට වඩාත් වැදගත්වන ගොයන් කපන යන්ත්‍රයක් හදන්න ඕනේ කියලා සිතුවිල්ල තමයි ඔහු තුළ තිබුණේ. ඒ සඳහා  පියවරෙන් පියවර කැප කැපවෙන්න ඔහු තීරණය කළා. මේ නව නිෂ්පාදනය  නිමැවුමක් බවට පත් කරන්න අවශ්‍ය බඩු ඔව් එකතු කළේ උසස් පෙල ඉගෙන ගන්න කාලේ ඉඳන් .

ගොඩක් දෙනෙක් ඔහුව දිරිමත් කරනවා වෙනුවට  බොරුවට වියදම් කරලා සල්ලි නාස්ති කරගන්න එපා කියලා බොහෝ දෙනෙක් කිව්වා කියලා ජගත් සදහන් කරනවා. නමුත් ඒ සියල්ලටම වඩා ඔහු ගේ අරමුණ ඒ වගේම ඉලක්කය වැදගත් නිසා ඒ බලාපොරොත්තු අතාරින්න ඔහු තීරණය කරන්නේ නැහැ.

සාමාන්‍යයෙන් දුප්පත් ගොවියෙක් ගොයම් කපන යන්ත්‍රයක් මිලදී ගන්නවා ගන්නවා නම් අවම වශයෙන් ලක්ෂ හැටක් වත් වියදම් කරන්න ඕනේ. නමුත් එදා වේල හම්බ කරගෙන කන දුප්පත් ගොවියාට ලක්ෂ හැටක් කියන්නේ ඉතාමත් විශාල මුදලක්.ඒ නිසා කාටත් මිලදී ගන්න පුළුවන් වෙන ආකාරයේ ගොයම් කපන යන්ත්‍රයක් නිර්මාණය කරන්න තමයි ඔහුගේ මූලිකම අරමුණ වුණේ.

හිතේ හයියෙන් මේක කොහොම හරි කරනවා කියලා වැඩේ කරන්න පටන් ගත්තත් ඒ සඳහා අවශ්‍ය කරන සල්ලි ඔහු සතුව තිබිලා නැහැ. ඒ නිසා පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 3 ක ණය මුදලක් ඔහු ඉල්ලුම් කරනවා. නමුත් අවසානයේ ඔහුව රස්තියාදු කරමින් නව නිපැයුම් සඳහා ණය මුදල් දෙන්නේ නැහැ කියලා  බැංකුව සඳහන් කරනවා.

අතේ තිබ්බ සියලුම මුදල් මේ යන්ත්‍රය හදන්න ඒ වෙද්දිත් ඔහු යොදවලා අවසන්. එනිසා සල්ලි හොයාගන්න ක්‍රමයක් තිබුනේ නැහැ. කොහොමහරි  හදන්න ඕනේ නිසා  කුඹුර  උසස් කරන්න ජගත් තීරණය කරනවා. යන්ත්‍ර හැදුවත් තාමත් උකස් ණය මුදල පියවගන්න ඔහුට හැකියාව ලැබිලා නැහැ.

මේ ගොයම් කපන යන්ත්‍රයේ සුවිශේෂී වාසි සහගත තත්වයන් තියෙනවා. ඒ අතරින්

  • වැඩි එන්ජින් ධාරිතාව  තිබීම.
  • වී අපතේ නොයාම.
  • අක්කරයක  පැයක හමාරක් වැනි සුළු කාලයකින් ගොයම් කපා අවසන් කර ගැනීමට හැකි වීම.
  • ලක්ෂ දහයක් වැනි සහනදායි මිලකට මේ යන්ත්‍රය ලබාගැනීමට   හැකියාව ලැබීම.

ආදී වාසි සහගත තත්ත්වයන් බොහොමයක් දේශීය ගොවියාට ලගා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවෙන් නව නිපැයුම් වලට ඉහළ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ජගත් ගෙනාව නිෂ්පාදනයටත් සිදුවෙන්නේ මේ ඉරණම ම තමයි.

නමුත් ඔහු විසින් හදපු මේ යන්ත්‍රය යකඩ වලට දිරන්න නොදී  කුඹුරුවල ගොයම් කපන්න මේ මැෂින් එක යොදවන්න ජගත් තීරණය කරනවා. මේ වන විට ඔහුගේ යන්ත්‍රයට වැඩ ගොඩක් එනවා කියලත් ජගත් සඳහන් කළා.

ලක්ෂ හැටක් දීලා පිටරටින් ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර වෙනවට  ලක්ෂ 10 ක මුදලක් යොදවලා මේ යන්ත්‍රය මිලදී ගත්තා නම් ඉතාමත් පහසුවෙන් ගොයම් කපන  කාර්යය සාර්ථක කරගන්න   හැකියාව ලැබෙනවා කියලා ජගත් සඳහන් කළා.

මේ යන්ත්‍රය වැඩි දියුණු කරගැනීම සඳහා අවශ්‍ය ණය මුදලක් ලබාගැනීමට ඔහු රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඒ සඳහා සුබදායී පිළිතුරක් ජගත් ට මේ වනතුරු ලැබිලා නැහැ.

කෙසේ නමුත් මේ වනවිට ඔහු විසින් ඉතාමත් අගනා නව නිෂ්පාදනයක් සිදු කර අවසන්. ගොයම් කපන්න  යන්ත්‍රසූත්‍ර පහසුකම් නොමැති ප්‍රදේශ වලට ජගත් විෂය නිසින් නිෂ්පාදනය කරපු මේ ගොයම් කපන යන්ත්‍රය  විශාල වශයෙන් උපකාරී වෙනවා කියලත් ඔහු සඳහන් කළා.

ලක්ෂ 10 කින් ගොයම් කපන යන්ත්‍රයක් හදන්න පුලුවන්  කියන එක ඔප්පු කරපු ජගත් ඉදිරියේදීත් මේ යන්ත්‍රය තවත් හොඳට වැඩිදියුණු කර නිපදවන්න සූදානම්. ඔහුගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු .

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies