Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලෝක ඉතිහාසයේ පළමු වතාවට නැනෝ තාක්ෂණයෙන් නිපදවූ පරිසර හිතකාමී මුඛ ආවරණය

මුඛ ආවරණ කියලා කියන්නේ ලෙඩ රෝග ආදී නොයෙකුත් විසබීජ ශරීරගතවීම වැළැක්වීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්. වර්තමානයේ ගොඩක් දෙනෙක් මුඛ ආවරණ පලදිනවා අපි නොයෙක් වර දැකලා තියෙනවා. රට තුළ පවතින තත්වය නිසා මුඛ ආවරණ පැළඳීම මෙවන විට අනිවාර්ය නීතියක් බවට පත් පත්වෙලා.

ඉතින් එවන් කාල වකවානුවක් තුළ වෙළෙඳ පොළට  මුඛ ආවරණයක් මිලදී ගන්න ගිහාම පාරිභෝගිකයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ මුඛ ආවරණයෙන් සීයට සීයක්ම සෞඛ්‍ය ආරක්ෂිත බවක් අපිට ලබා දෙනවාද නැද්ද කියන දේ.

කෙසේ නමුත් එවැනි අවිනිශ්චිත තාවයන් වලට වලට  කදිම පිළිතුරක් ලබා දෙමින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට පරිසර හිතකාමී මුඛ ආවරණයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට හැකියාව ලැබුණා. මේ පුදුම සහගත නිෂ්පාදනය බිහිවෙන්නේ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් විසින්. 

මේ මුඛ ආවරණය Nano AV Respirone 99 යන නාමයෙන් නමින් නම් කරලා තියෙනවා. මේ මුඛ ආවරණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විශේෂඥයන් පිරිසකගේ දීර්ඝකාලීන පරීක්ෂණයක අග්‍ර ග්‍රන්‍ය ප්‍රතිඵලය කිව්වොත් නිවැරදියි. පරිසර හිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණයේ වාසි බොහොමයක් අපට දැකගන්නට පුළුවන්.

මුඛ ආවරණයේ වාසි

  • මෙහි ඇති ප්‍රධානම වාසි සහගත තත්ත්වය තමයි නාසය සහ මුඛයෙන් ඇතුළු වන සහ පිටවන විසබීජ ඇතුළු සියලු බැක්ටීරියා ඉතාමත් ඉක්මනින් විනාශ කිරීමක් සිදුවෙනවා.
  • ඒ වගේම ස්තර තුනකින් සමන්විත වීම නිසා ඉතා ඉක්මනින් අනවශ්‍ය විසබීජ වලින් පුද්ගලයව ආරක්ෂා කිරීම.
  • තෙතමනේ උරා ගැනීම හා වාතය පෙරීම සිදු කිරීම
  • හුස්ම ගැනීමේ අපහසුතා නොමැති වීම 
  • නැවත වතාවක් සෝදා භාවිතා කිරීමට හැකි වීම 

ආදී වාසි සහගත තත්වයන්ට අමතරව මෙහි ඇති ප්‍රධානම දේ තමයි. මේ මුහුණු ආවරණය ස්ථර තුනකින් සමන්විත වීම. ස්තර තුනකින් සමන්විත වීම නිසා විසබීජ පස් ආකාරයකට අකර්මණ්‍ය කිරීමට හැකියාව ලැබෙනවා. උඩම තියෙන ස්ථරය විසබීජ ඇතුළට ගමන් නොකිරීම සඳහා තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. බැරිවෙලාවත් පළමු ස්ථරයේ ඇතුලෙන් විසබීජයක් ඇතුළු වුවහොත් මැද ස්ථරයෙන් මේ විෂබීජය සහමුලින්ම විනාශ කර දමනවා.

ඒ වගේම මේ නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන්නේ ඉතාමත් සුවපහසු කපු රෙද්දක්. එය ඉතා ලාබදායී වගේම ශුද්ධ ජීවීන් ජීරණය කරන්න පුළුවන් බලයකින් යුක්තයි. රෙදි වලින් මුහුණ ආවරණය සකස් කිරීම නිසා හදිසි අවස්ථාවකදී පරිසරයට මුසු කරොත් එය දිරාපත්වීම  ඉතාමත් ඉක්මනින් සිදු වෙනවා.

මුඛ ආවරණය ගැලවීම වැළැක්වීම සඳහා මුහුණට ගැළපෙන ආකාරයෙන් සකස් කර කනට පටියකුත් සවි කරලා තියෙනවා. මෙහි ඇති සුවිශේෂී තත්ත්වයක් ලෙස  සළකන්නට පුළුවන් දෙයක් තමයි වොෂින් මැෂින් එකක් භාවිතා කරලා මේ මුඛ ආවරණය සේදුවත් එයට කිසිදු හානියක් සිද්ධ නොවීමයි.

එය පරික්ෂා කිරීම සඳහා මේ විශේෂඥ කණ්ඩායම පස් වතාවක් රෙදි සෝදන යන්ත්‍රයකට දාලා මේ මුඛ ආවරණය හෝදනවා. නමුත් එහි තිබූ ගුණාංග කිසිවක් ඒ නිසා නැති වුණේ නැහැ. නැනෝ අංශු විනාශ වීම සිදු වුණේත් නැහැ. එයට මූලිකම හේතුව   නැනෝ අංශු  රසායනිකව බැඳිලා තිබෙන දෙයක් නිසා කියලයි ඔවුන් සඳහන් කළේ.

මුහුණු ආවරණය භාවිතා කරලා ඉවරවෙලා අවුවට දාලා නැවත වතාවක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට මෙහි රැඳී තිබෙන විෂබීජ විනාශ වීම සිදුවනවා කියලා සඳහන් කරනවා. බොහෝ වෙලාවට කෑම කන වෙලාවට මේ මුහුණු ආවරණය ඉවත් කරන්න ඕනේ.

ඒ නිසා බොහෝ අවස්ථාවන් වලදි ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙනවා. එයට විසඳුමක් වශයෙන්  මේ විශේෂඳ කණ්ඩායම විසින් නාසය පමණක් ආවරණය කර ගැනීමට හැකි වන ආකාරයේ nose marks එකක් ප්‍රථම වතාවට නිපදවනවා. එයත් මුහුණු ආවරණයේ ඇති සුවිශේෂීතාවයන් ගෙන් යුක්තයි. එය නිෂ්පාදනය කරන්නේ වෛද්‍ය චමින්දගේ මහතා විසින්.

ගොඩක් දෙනෙක් එල්ල කරන චෝදනාවක් තමයි කන්නාඩි දාපුහම මුහුණු ආවරණ  භාවිතා කරද්දි හුස්ම ගැනීමේ දී නිකුත් වන ජල වාෂ්ප දැලක් ආකාරයෙන් කන්නාඩියේ බැඳීම. නමුත් මේ මුහුණු ආවරණය නිසා එවැනි ආකාරයේ ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ.

මේ නව නිපැයුම විසිපස් වතාවක් පමණ සෝද සෝද භාවිතා කරන්න පුළුවන් කියලත් ඔවුන් සඳහන් කරනවා. කෙසේ නමුත් කාලයට ගැළපෙන ආකාරයේ විශිෂ්ට ගණයේ නව නිපැයුමක් හඳුන්වාදීම තුළින් සමස්ත ජනතාවටම සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් හඳුන්වා දීමට  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔවුන් ලබාගත් මේ ජයග්‍රහණයට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන අතර මෙවැනි ම නව නිර්මාණ ඉදිරියේදී බිහි කිරීමට  ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

M. ශෂිකලා මදුෂානි 

BA in Communication Studies