Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඇට්ලස් සමාගම විසින් සෞඛ්‍ය අංශය සඳහා නිෂ්පාදනය කර දුන් රෝබෝ යන්ත්‍ර

විද්‍යාව සහ තාක්ෂණික දියුණුව  භාවිතා  කරගනිමින්  මිනිසා විවිධ ආකාරයේ අත්හදාබැලීම් මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ ලෝකයේ බොහෝ තැන්වල  අලුත් දෙයක් අත්හදා බලන්න කැමති මිනිසුන් විසින් සිදු කරන ප්‍රධානම කාර්යය කිව්වොත් නිවැරදියි.

තනි පුද්ගලයෙක් හෝ වේවා පුද්ගල කණ්ඩායමක් හෝ ඒ වගේම සමාගමක් ,ආයතනයක්  ආදී වශයෙන් මේ නව තාක්ෂනය භාවිතා කරමින් ලෝකයට ප්‍රයෝජනවත් වන දේවල් නිෂ්පාදනය කිරීමේ ලා වර්තමානය වන විට වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා.

මේ ආකාරයෙන් අලුත් අලුත් දේවල් ලෝකයට බිහි වීම නිසා  ඉතාමත් අවධානයෙන් කරන ඒ වගේම ඉතාමත් අපහසුවෙන් කරන සමහර කාර්යයන් පහසු කර කරගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. සෞඛ්‍ය අංශය කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් හෙද හෙදියන් ඒ වගේම රෝහල් කාර්ය  මණ්ඩලය ඇතුළු සියලුම දෙනා ඉතාමත් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන ස්ථානයක්.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය නිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දිවා රෑ නොතකා තමන්ගේ සේවය ඉෂ්ට සිද්ධ කරනවා. මෙවන් කාල වකවානුවක  ඔවුන්ගේ ජීවිත අවදානමද අඩු කරමින්  කාර්යභාරය තව තවත් කාර්යක්ෂම කරන්න අලුත් නිපැයුම්  නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලාංකිකයන් නිරන්තරයෙන්ම උත්සාහ කරනවා.

පසුගිය දිනක එයාකාරයෙන් හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම  ස්වංක්‍රීය ව ක්‍රියාත්මක කළ හැකි රොබෝ යන්ත්‍ර තුනක් නිෂ්පාදනය කර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය  අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත නිල වශයෙන් භාර කළා.

මෙරට පවතින වසංගත රෝගී සටන සඳහා පළමු වරට රොබො යන්ත්‍ර හඳුන්වාදුන්  ඇට්ලස් සමාගම  මින් පෙර ලබාදුන් රොබෝ යන්ත්‍ර ද මේ වන විට  වසංගත රෝගීන් සඳහා වෙන්වූ හෝමාගම මූලික රෝහලේ  ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලත් සඳහන් කරනවා.

වසංගත රෝගී තත්ත්වයෙන් සෞඛ්‍ය අංශය ආරක්ෂා කර ගැනීම සඳහා  තවදුරටත් මෙම රොබෝ යන්ත්‍ර  වැඩි දියුණු කර ගැනීමේ ව්‍යාපෘතියක් ඔවුන් විසින් දියත් කළා. මේ රොබෝ යන්ත්‍ර මගින්  රෝගියාගේ උෂ්ණත්ව  සංවේදකයක් හරහා උෂ්ණත්වය පරික්ෂා කිරීම ,වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් ලබාදීම ,රෝගියාට අවශ්‍ය කරන ආහාර සහ ඖෂධ රැගෙන යාම  ඒ වගේම රෝගියා සමග සෘජුව සම්බන්ධ වීම  ආදී ක්‍රියාවලීන් රැසක් සිදු කරනවා 

ඇට්ලස් ඇක්සිලියා සමාගම  මුලින්ම මේ රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ ඔවුන්ගේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහායි. පසු කාලීනව රටේ අවශ්‍යතාවය උදෙසා  සෞඛ්‍ය අංශයට වැඩි දියුණු කරපු රොබෝ යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරන්න ඔවුන් තීරණය කරනවා.

වසංගත රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අධ්‍යක්ෂ විරාජ් මහතාගේ මූලිකත්වයෙන් මේ රොබෝ ආකෘතිය සෞඛ්‍ය අවශ්‍යතාවයට අනුව වැඩි දියුණු කළා. තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ වූ කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ නිෂ්පාදිත හඳුන්වාදීම සිද්ධ කරන්නේ.

මේ නිසා සෞඛ්‍ය කාර්ය  මණ්ඩලයේ කාර්යයන් ඉතාමත් පහසුවෙන් සහ කාර්යක්ෂම ආකාරයෙන් කර ගැනීමට අවස්ථාව උදා වුණා කියලත් සඳහන්. මෙවැනිම වටිනා නිර්මාණයන් නවෝත්පාදනයන් තව තවත් ඉදිරියට ලෝකට දායාද කිරීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මුලාශ්‍රය අද පත්තරය

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies