Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දින 30 ක ආරක්ෂාවක් ඇති විසබීජ නාශක දියරයක් ශ්‍රී ලංකා වෙළඳපලට

ඔබත් මමත් අප සියලුම දෙනා මේ වෙද්දි ගත කරන්නේ ඉතාමත් අවදානම් කාලපරිච්ඡේදයක්. මීට ටික කාලෙකට කලින් අපි හැමෝම අනිත් මිනිසුන් සමග ඉතාමත් සමීපව සුහදව කතා බහ කරමින් සතුටින් කාලය ගත කළා.

නමුත් ලෝකය පුරා ව්‍යාප්ත වූ හදිසි වසංගත රෝගී තත්ත්වය නිසා සියලුම දෙනාට  නොසිතූ අයුරින් තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්නට සිදු වුණා. තමන් ළඟම සිටින ආදරණීයයන් මූණවත් නොබලා අවසන් ගමනට සමු දෙද්දී සමහර මිනිසුන් මහ පාරේ ඇදගෙන වැටෙද්දී පුංචි දුවා දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා අහිමි කරද්දි  මේ බරපතළ තත්ත්වය පිළිබඳව මිනිස්සු වැඩි වශයෙන් හිතන්න පටන් ගත්තා.

කෙසේ නමුත් මේ වන විට මේ සියලුම දේවල් ඉවසා දරාගෙන සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්න මිනිස්සු හැල්මේ දුවනවා. සමාන අවස්ථාවන් වලදී දෛනික රැකියාවට නිවසින් පිටවන බොහෝ දෙනෙක් ආපහු ගෙදරට එන්නේ විසබීජ ගොඩක් ඇඟේ තවරගෙන. ඒ නිසාම එවැනි පුද්ගලයන් අනිත් අයටත් තර්ජනයක් වෙන්න පුළුවන්.

රට තුළ පවතින වසංගත රෝගී වාතාවරණය නිසා ගොඩක් දෙනෙක් තම තමන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු වෙනදාටත් වඩා පිළිපදින්න ඕනි කාලයක් තමයි මේක. බොහෝ අවස්ථාවන්වල දී ගොඩක් දෙනෙක් තමන්ගේ අත්ල මත ගෑවෙන විෂබීජ විනාශ කිරීමට sanitizer හෙවත් අත් සේදුම් කාරක භාවිතා කරනවා.

නමුත් සියයට සියයක් මේ සැනිටයිසර් හෙවත් අත් සේදුම් කාරක වලින් අපිට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද එහෙමත් නැත්නම් වසංගත රෝගී වෛරසය අත්ල මත ගෑවුනොත් එය සියයට සියයක්ම විනාශ වෙනවද කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට තියෙනවා. 

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ වසංගත රෝගී තත්ත්වය නිසාම විසබීජ නාසක වෛරසය විනාස කිරීම උදෙසා නිර්මාණය වූ පරික්ෂණ ගණනාවකින්ම ඒ වගේම අත්හදා බැලීම් ගණනාවකින්ම සාර්ථක ප්‍රතිඵල ලබාගත්   නව නිපැයුම් දෙකක් පිළිබඳවයි.

මේ නව නිපැයුම් දෙක හඳුන්වා දෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේෂ්ඨ කතිකාචාරවරයෙක් වන නැනෝ තාක්ෂණ හා ද්‍රව්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ විද්‍යාඥයකු වන  ආචාර්ය ප්‍රසංග ගයනාත් මන්තිලක මහතා විසින්. ඔහු විසින් හඳුන්වා දෙන මේ නිෂ්පාදන දෙක තමයි. 

  • Virosheild Antimicrobial Fabric Conditioner – රෙදි සේදුම් කාරකය .
  • Virosheild Interior Disinfectant – විෂබීජ නාශක දියරය.

මේ නිෂ්පාදන දෙක පිළිබඳව ආචාර්ය  ප්‍රසංග ගනනාත් මහතා මේ වන විට පැහැදිලිව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව විශේෂිත තොරතුරු කීපයක් පහත් ආකාරයෙන් ඔබට  දැනගත හැකියි.

1.Virosheild Antimicrobial Fabric Conditioner 

මේ විසබීජ නාශක දියරය භාවිතා කරන්නේ අපි අඳින ඇඳුම් සෝදන විට සේදුම් කාරකයක් ලෙසයි. මේ විසබීජ නාශක දියර භාවිතා කිරීම මගින් අපි අඳින පළඳින ඇඳුම් වලට විසබීජ නාශක ගුණය ලබා  දී පූර්ණ ආරක්ෂාවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. මේ දියරය භාවිතා කරන පියවර කීපයක් තියෙනවා. එනම්,

පළමු පියවර 

රෙදි ටික හොඳින් සෝදා ගැනීම.

දෙවැනි පියවර

සෝදා ගත් රෙදි වලට වතුර ලීටරයට විසබීජ නාශක දියරය 100Ml එකතු කර විනාඩි පහක පමණ කාලයක් තැබීම.

තෙවැනි පියවර 

 විනාඩි පහකට  පස්සේ පොගවා ගත් රෙදි  හොඳින් මිරිකා  වියළා ගැනීම.

සිව්වන පියවර

එලෙස වියළාගත් රෙදි  ස්ත්‍රික්කයක් මගින් අයන් කර ගැනීම .

මේ පියවර කිහිපය තමයි ඔබ අනුගමනය කළ යුත්තේ. මේ විසබීජ නාශක දියර මගින් විවිධාකාරයේ වාසි සහගත තත්වයන් පාරිභෝගිකයාට ලබා ගන්නට පුළුවන්  එනම් ,

  • තන්තු ඉපිලීම අවම කර ඇඳුම් දිගුකල් පවත්වා ගැනීමට හැකිවීම.
  • දවස් 30ක ආරක්ෂාවක් ලබා දීම.
  • සුමුදු හා පහසු මැදීමක් ලබාදීම.
  • දිගුකල් පවතින නැවුම් සුවඳ 
  • ඇඳුම් විසබීජ නාශකයක් බවට පත් කිරීම .
  • වෛරස බැක්ටීරියා සහ පුස් දිලිර ආදී දේ  විනාශ කිරීම.
  • වසංගත රෝග  වෛරස ඇතුළු වයිරස් 99.99% ක්ම විනාශ කරන බවට අන්තර්ජාතික විද්‍යාගාර මඟින් තහවුරු කර තිබීම.
  • අන්තර්ජාතික  Viroxy,Bureau,Veritas වැනි විද්‍යාගාර මඟින් තහවුරු කර තිබීම.
  • සමට අහිතකර කිසිදු සංයෝගයක් අඩංගු නොවීම.

ආදී වාසි ලබාගෙන විවිධාකාරයේ වෛරස් රෝගී අවදානම් තත්ත්වයන්ගෙන් මිදීමට ඔබට අවස්ථාව උදා වෙනවා. මේ අපූරු මහාචාර්යවරයා විසින් නිර්මාණය කරපු දේ වලින් දෙවනි නිපැයුම තමයි, 

2.Virosheild Interior Disinfectant –

මෙය ඕනෑම මතුපිටක ට භාවිතා කළ හැකියි.  අහිතකර සංයෝග කිසිවක් අඩංගු නැති විසබීජ නාශක නිෂ්පාදනයක්. ඒ වගේම නිවසේ හෝ කාර්යාලයේ මගතොටේදී එදිනෙදා ගැවසෙන පරිසරයේ තියෙන බැක්ටීරියා හා වෛරස්  මෙමගින් පැතිරීමේ අවදානම අඩු වෙනවා.මෙහි ඇති ප්‍රධාන වාසි සහගත තත්වයන් අතර 

  • ඔබ භාවිතා කරන ෆේස් මාක්ස් සහ ෆේස් ශීඩ් වලට මතුපිටින් ස්ප්‍රේ කිරීමට ඇති හැකියාව.
  • දැව ,ප්ලාස්ටික් ,ලෝහ ,රබර් ,රෙදිපිළි,වීදුරු ආදී පෘෂ්ඨයන් ට  ආලේප කළ හැකි වීම.
  • ගෘහ භාණ්ඩ,දොර ජනෙල්,රථ වාහන ආදී දේවල්වල අභ්‍යන්තරය සඳහා ආලේපනය කිරීමට හැකිවීම.
  • රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත. ඇල්කොහොල් වැනි සංඝටක අඩංගු වී නොමැත.
  • දින 30 ක කාලයක් පැවතීම.

ආදී වාසි සහගත තත්ත්වයන් මෙන්ම ඉහළ සෞඛ්‍ය ආරක්ෂාවක්ද මේ නිෂ්පාදන පෙළ භාවිතා කිරීම මගින් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. රටක පවතින ඉතාමත් දරුණු තත්වයකට ඉතා සාර්ථක ආකාරයේ විසඳුමක්  පරීක්ෂණාගාර වල ඉහළම තත්ව සහතිකය ඔස්සේ නිර්මාණය කරන්නේ මේ වන විට පේටන් බලපත්‍ර එකොළහක් සඳහා හිමිකම් කියන ආචාර්ය ප්‍රසංග මහතා විසින්. වසංගත රෝගී වෛරස් පාලනය කිරීම සඳහා නිර්මාණය වූ මේ නිෂ්පාදන යුගලය සඳහාත් ඔහු පේටන් බලපත්‍රය මේ වන විටත් ලබාගෙන අවසන්.

එකිනෙකා පරදා ජීවිතය දිනන්නට වෙර දරන මිනිසුන් අතර තමන් ඉගෙන ගත් දැනුමෙන් ලෝකයටත් ජනතාවටත් සේවයක් ඉටුකරන  රටට ණය නැති මෙවන් අපූරු පුද්ගලයන් රටකට කෙතරම් වාසනාවක්ද ? ඉදිරියේ දී තවත් මෙවැනිම වූ විශිෂ්ට ගණයේ නිර්මාණයන් ලෝකයේ ඉදිරි පරපුරට දායාද කිරීමට හැකි නිබද ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ඔබට ප්‍රාර්ථනා  කරන්නෙමු.

ආචාර්‍ය ප්‍රසංග ගයනාත් මන්තිලක නැමැති මේ සොඳුරු මිනිසා  සුවහසක් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා  හඳුන්වා දුන් මේ නිමැයුම් පෙළ  ඔබ ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා නම් පහත දුරකථන අංක වලට ඇණවුමක් ලබා දිය හැකිය . 

071 11 00 780  /  077 44 00 780

070 56 48 060 / 076 62 28 060

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies