Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

නෝර්වේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ යාපනයේ කම්සාජිනනි

ඈත අතීතයේ පටන් ම බොහෝ දෙනා කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව කතා බහ කරන්න පටන් ගත්තෙ නැහැ. කාන්තාවන් කියන්නෙ ගෙදරටම කොටුවෙලා ඉන්න ඕනේ පිරිසක් කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කළේ.

කාන්තාවක් කසාද බැන්දට පස්සේ ළමයි බිහිකරන එක උයන පිහින එක ඇගේ එකම කාර්‍ය කියලා විස්වාස කරපු ළිං මැඩි අදහස් තියෙන පුද්ගල කොට්ඨාසයකුත් වර්තමාන සමාජයේ ජීවත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් හිතන පතන පුද්ගලයන් ඈත අතීතයේ සමාජය තුළත් බොහෝ විට අපට දක්නට ලැබුණා.

කාන්තාවක් උනහම ගෙදරටම වෙලා ඉන්න ඕනි කියන සංකල්පය සහ රාමුවට කොටු නිසාම කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම්, දේශපාලනික අයිතිවාසිකම්, සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් ආදී බොහෝ දේ ඇයට නැති වුණා.

කොතරම් ඉගෙන ගැනීමට දක්ෂතා දැක්වූ කාන්තාවන් වුණත් අතීතයේදී තමන්ගේ පාසල් ගමන නතර කරන්නේ අවුරුදු 18 පැන්න ගමන් කන්තාවක් විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුයි කියන සම්මතය දෙමව්පියන් තුළ  තිබුණු නිසයි.

අදටත් ලස්සනට ඇඳුමක් අඳින්න බැරුව, නිය ආලේපන පොඩ්ඩක් ඇඟිල්ලක ගාගන්න නැතුව, වැඩිදුර අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි වෙලා ගෙදරටම හිර වෙලා ජීවත් වන කාන්තාවන් කොතෙකුත් ඇතිද ? ඔවුන් වෙනුවෙන් හඬ නැගීමට කිසිවෙක් නැත. වර්තමානය වන විට නොයෙකුත් ආකාරයේ කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ ආයතන බිහි වුවත් කාන්තාවන්ට ලැබෙන්න ඕන නිසි තැන මේ වන විටත් සමාජය තුළ නැහැ.

මිනිසුන් මේ ආකාරයෙන් කාන්තාවට සීමා මායිම් පනවන්නේ ඇය දුර්වල ළාමක තැනැත්තියක් ලෙස හිතාගෙන. නමුත් මේ  ලෝකයේ විශාලතම වේදනාව වන දරුවෙකු ප්‍රසූත කිරීමේ වේදනාව ඉවසා දරා ගන්නා කාන්තාවට කොතෙකුත් කැපකිරීම් කළ හැකිද ?

වර්තමානය වන විට කාන්තාවන්ට සම තැනක් නො ලැබුණත් ඇයට ඉගෙනීම් කටයුතු පුළුල් ලෙස හැදෑරීමට සහ දේශපාලනික පැත්තෙන් ආර්ථික පැත්තෙන් ඒ වගේම සමාජීය වශයෙනුත් ඉදිරියට ගමන් කිරීමට හැකි පසුබිමක් සකස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව ජයගත් ජාත්‍යන්තරය ජයගත් නොයෙකුත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳව අපි නිරන්තරයෙන් ම අහනවා සහ දකිනවා.

වර්ෂ 1988 මාර්තු මස 23 වැනි දින යාපනය ප්‍රදේශයේ උපත ලබන කම්සාජිනි කියලා කියන්නෙත් කාන්තාවකට කරන්න බැහැයි කියපු අපුරු දෙයක් කර පෙන්වූ අභීත වීරවරියක්.

ඇය පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරන්න පටන් ගන්නේ මේ රටට අභිමානයක් එක් කරමින් ඇය පසුගිය දිනක නොර්වේ රාජ්‍යයේ පැවති ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තරම් වාසනාවන්තියක් වු නිසයි.

අතීතයේ රට තුළ පැවති අඳුරු සෙවණැලි සමයේ සරණාගතයන් ලෙස නොර්වේ රාජ්‍යයට ඇය තමන්ගේ දෙමව්පියන් සමග පිටත් වෙනවා. එතැන් පටන් නොර්වේ රාජ්‍යයේ ජීවත්වන ඇය හොඳ අධ්‍යාපනයක් ලබා එරට වැසියන්ට විශාල සමාජ මෙහෙවරක් කරන්නට තීරණය කරනවා.

ඇගේ යහපත් හැසිරීම් රටාව නිසාම 2015 වසරේ නෝර්වේ ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද ඇයට තේරී පත්වෙන්න වාසනාව උදා වුණා. මේ අභිනව පත්වීම ලැබූ ඇය සඳහන් කරන්නේ වෘත්තියට ඉටු කළ යුතු ඉහළම අවංක සේවය ඇය ලබාදෙනවා කියලයි.ශ්‍රී ලාංකික කාන්තාවක් වශයෙන් ලංකාවෙ නම  ජාත්‍යන්තරය දක්වා ඔසවා තැබූ මේ අභීත කාන්තාවට අපේ උණුසුම් සුභ පැතුම්  එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies