Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කල්පිටිය මුහුදේ නව ජීවය ලබමින් සිටින සුන්දර කොරල්පරය

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන විරුදාවලියෙන් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ලාංකික අපිටම ආවේණික වූ ස්වභාවික සුන්දරත්වය නිසාමයි. සතර දිගින්ම වට වූ නිල්වන් මුහුදු තීරය මේ සුන්දරත්වය තව තවත් වැඩිදියුණු කරනවා.

මේ සුන්දරත්වය දැක බලා ගැනීම සඳහා දෛනිකව මෙන්ම වාර්ෂිකව ද විශාල පිරිසක් ශ්‍රී ලංකාවට සංචාරකයන් වශයෙන් පැමිණෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ කොතෙකුත් ලස්සන සුන්දර අරුම පුදුම ස්ථාන තියෙනවාද කියනවනම් ලොව පුදුම හතෙන් එකක් බවටට්ග් සීගිරිය නැමැති පෞරාණික  ස්ථානය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

පැරණි ආගමික ස්ථාන ,දිය ඇලි,සුන්දර මුහුදු තීර,නිදහස් සත්තු උද්‍යාන ඇතුළු වැසි වනාන්තර ආදින්ගෙන් සමන්විත ශ්‍රී ලංකාව තුළ දෙස් විදෙස් ආකර්ෂණය නොලැබූ ස්ථානයක් නොමැති තරම්. නිරන්තරයෙන්ම විදේශිකයන් ශ්‍රී ලංකාව වැනි රටක් තමන්ගෙ නිවාඩුව ගත කරන්න තෝරාගන්නේ සුන්දර මුහුදු තීරයේ ආස්වාදය සහ පහස ලබා ගැනීම සඳහායි.

සමට හිතකර හිරු එළියකින් යුත් ශ්‍රී ලංකාවේ මුහුදු තීරය නිරන්තරයෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත්  පැහැර ගත් අපූරු ස්ථානයක්. ඒ වෙරළ තීරයන් අතරින් නිලාවේලි මුහුදු තීරය කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ආස කරන  අපූරු සංචාරක තෝතැන්නක්.

නිරන්තරයෙන්ම දෙස් විදෙස් සංචාරකයන් මේ මුහුද ආශ්‍රිතව කල් ගත කරන්න ආස වෙන්නේ ඒ අවට නරඹන්න තියෙන අපූරු ස්වභාවික සුන්දරත්වය නිසයි. ඉතින් ඒ අතරින් කොරල් පර කියලා කියන්නේ සංචාරකයන්ගේ ඇස ගැටෙන සුන්දර දෙයක්.

මෑතකදී කොරල් පර ගැන කතා කරද්දි හරි සෝචනීය කතා කිහිපයක්ම අපේ කනට වැකුණා. ලස්සන කොරල් පරයක් නිර්මාණය වූ සැණින් දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ ස්ථානය නරඹන්න යනවා. නමුත් ඔවුන් රැගෙන යන අපද්‍රව්‍ය සියල්ලම මේ ස්වභාවික සුන්දරත්වය සපිරි ස්ථානවලට බැහැර කරලා එන්න අමතක කරන්නේ නැහැ.

මේ නිසාම දිනෙන් දින අපිටම කියා හිමිව තිබෙන මේ සුන්දරත්වයෙන් අනූන ස්වභාවික සම්පත් අද වන විට මිය යමින් පවතිනවා. සොබාදහම් මාතාව අපිට  අපූරු නිර්මාණයන් කාලෙන් කාලෙට දායාද කරනවා.

ඉතින් මේ කියන්න යන්නෙත් ඒ ආකාරයෙන් දායාද වූ අපූරු ස්වභාවික සම්පතක් පිළිබඳවයි. පසුගිය දිනක කල්පිටිය සංචාරක පුරවරයේ කන්දකුලිය මුහුදු තීරය නිරීක්ෂණයකින් අනතුරුව ඒ අවට නව කොරල් පරයක් ස්වභාවිකව ජීවය ලබමින් සිටින බව පරිසරවේදීන්ගේ නෙත ගැටුනා.

මේ අපූරු කොරල් පරය මේ වෙද්දි සුන්දර රටා කිහිපයක් එක්ක නිර්මාණය වෙමින් පවතින බව ආරංචියි. හෙක්ටෙයාර් හතරක 4 ක පමණ භූමි භාගයක මේ සුවිශේෂී කොරල් පරය ස්වභාවිකව මේ වෙද්දි ජීවය ලබමින් පවතිනවා.

මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ කල්පිටිය ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල  මොරතැන්න මහතා සඳහන් කළේ තවමත් මේ ස්ථානය සංචාරක ඇස නොගැටුණු ස්ථානයක් බවයි. කෙසේ නමුත් ස්භා සොබාදහම් මාතාව ගෙන් දායාද වූ මේ අපූරු ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම කරගැනීම මිනිසුන්ගේ යුතුකමයි.එසේනම් හෙට ඔබ මේ ස්ථානයට සංචාරය කරන පුද්ගලයෙක් නම් එසේ නොමැතිනම් කෙදිනක හෝ මේ අපූරුයි ස්ථානය දැක බලා ගැනීමට යන්න හිතන් ඉන්න පුද්ගලයෙක් නම් එහි ඇති  ස්වභාවිකත්වය එයාකාරයෙන්ම ආරක්ෂා කිරීම  මිනිසා වන ඔබගේ පරම යුතුකම යි.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies