Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වේගා ඉනොවේෂන් ලංකාවට පළමු වරට හඳුන්වා දුන් ඉලෙක්ට්‍රොනික් ත්‍රිරෝද රථය

තාක්ෂණය සහ නවෝත්පාදනය කියලා කියන්නේ එකිනෙක හා බැඳුණු හරි අපූරු සංයෝගයක්. තාක්ෂණයක් නැත්නම් නව නිෂ්පාදන ලෝකයට හදුන්වා දීමට මිනිස්සුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාක්ෂණික විප්ලවය සහ කාර්මික විප්ලවය යනාදී මේ අපූරු පෙරලියන් සිදු වූ නිසාම මිනිසාට හැකියාවක් ලැබුණා ඇසට නොපෙනෙන දුර ඈත අභ්‍යවකාශය ගැන පවා  පරීක්ෂණ වාර්තාවන් එක්රැස් කරන්න.

තාක්ෂණය හොඳ දේකට භාවිතා කළොත් අලුත් අලූත් නිෂ්පාදනයක් සමාජයට ලබා ගැනීමට හැකියාව තියෙනවා වගේම තාක්ෂණය අවභාවිත කිරීමෙන් ජාතියක් වුණත් විනාශය කරා ගෙනියන්න පුළුවන්. කෙසේ නමුත් මිනිසා වන අප තාක්ෂණයත් සමඟ කටයුතු කළ යුත්තේ බොහොම පරිස්සමින්.

තාක්ෂණය යහපත් දේට භාවිතා කරන පුද්ගලයා නිරන්තරයෙන් ම ලෝකයට අවශ්‍ය කරන නව නිෂ්පාදන රාශියක්ම දායාද කරලා තියෙනවා. අදටත් අපි පරිභෝජනය කරන රූපවාහිනිය,ගුවන් විදුලිය,දුරකථනය වැනි බොහෝ දේවල් ලෝකයට දායාද වුනේ තාක්ෂණයේ යහපත් භාවිතය නිසයි.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ බිහි වූ හරි අපූරු නිෂ්පාදනයක් පිළිබඳවයි. ලෝකෙම පුංචි රට ශ්‍රී ලංකාව විදිහට නම් දැරුවත් මේ පුංචි රට තුළ ජීවත්වන මිනිසුන්ගේ ධෛර්යට අභියෝග කිරීමට බොහෝ දෙනෙක්ට අපහසුයි.

ලංකාව තුළ ජීවත්වන තාක්ෂණයත් සමග නිරන්තරයෙන්ම කටයුතු කරන මිනිසුන් නව නිෂ්පාදන සිදු කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ඒ ආකාරයෙන් තැබූ අලුත්ම පියවරක සාර්ථකත්වය ගැන තමයි මේ කියන්නට යන්නේ.

බොහෝ කාලයක් අපි වාහන මෙරටට ආනයනය කළා. අපේම රටේ නිපදවූ වාහන පිළිබඳ අපිට අහන්නට තිබුණේ ඉතාමත් අල්ප වශයෙන්. නමුත් වර්තමානය තුළ තාක්ෂණික වශයෙනුත් ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින නිසා  බොහෝ පුද්ගලයන් නව නිපැයුම් සිදු කරනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය දින vega innovation සමාගම මගින් පළමු වරට electric ත්‍රීරෝද රථයක්ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන්න තීරණය කරනවා. ETX platform 2022 නමින් නම්කර ඇති මේ නව electric ත්‍රීරෝද රථය  අනාගතයේ නාගරික ප්‍රවාහන පහසුකම් සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.

ඉතින් මේ ත්‍රිරෝද රථය තියෙන වාසි අතර හොඳ ආවරණයකින් සමන්විත නිසා ඉහල ආරක්ෂාවක් සහ පරිසර හිතකාමී නිෂ්පාදනයක් නිසා පරිසර දූෂණය අවම වීම වැනි ආර්ථික මෙන්ම සාමාජීය වාසි සහගත තත්වයන් අපට ලබාගන්නට පුළුවන්.

සාම්ප්‍රදායික ත්‍රීවිල් රථයක මූලික පෙනුමට අනුව තමයි මේ ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන්නේ. මෙහි ඇති අමතර  අංග අතර මගී ආසන වලට අමතරව භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉඩකඩ පැවතීම,වහලය මත සවිකර තිබෙන සූර්ය පැනල මගින් රටට අවශ්‍ය බලය නිපදවීම ආදී  පහසුකම් රාශියකින් යුක්තයි.

මේ නිර්මාණය පිළිබඳව vega innovation සමාගම මගින් මෙතෙක් සම්පූර්ණ තොරතුරු අනාවරණය කර නොමැති වුණත් 2022 වර්ෂයේ දී මේ රථය නිල වශයෙන් වෙළඳ පොළට හඳුන්වා දෙන්න ඔවුන් තීරණය කරනවා කියලා ආරංචියි.

දේශීය නිෂ්පාදනයක් නිසා මිනිසාගේ අතේ ඇති මුදලට මේ භාණ්ඩය ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියා බොහෝ දෙනෙක්  සුභ සිහින දල්වාගෙන බලාගෙන සිටිනවා. ශ්‍රී ලාංකීය තාක්ෂණික ගමන් මගේ එක්තරා හැරවුම් ලක්ෂයක් ලෙස  vega electric ත්‍රීවිල් රථය හඳුන්වා දෙන්නට පුළුවන්.

2022 වර්ෂයේ දී වෙළඳ පොලට පැමිණීමට බලාපොරොත්තු වෙන මේ අපූරු නව නිෂ්පාදනය සාර්ථකත්වයෙන් යුත් නිමැවුමක් වේවා කියා අපි හදවතින්ම සුබ පාර්තනා ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies