Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අඟහරු ග්‍රහයා මත ජීවය සොයන්නට නාසා ආයතනය මගින් ගුවන් ගත කළ අපූරු රෝවරය

තාක්ෂණික විප්ලවය නිසා බොහෝ අවස්ථාවන්වල දී  නව සොයා ගැනීම් පිළිබඳව, නිරන්තරයෙන්ම ලෝකය දෙසින් අපිට අපූරු කතා අහන්නට දක්නට ලැබුණා. තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කරන බොහෝ මිනිසුන් අලුත් දේ අලුත් නවෝත්පාදනයන් අත්හදා බැලීමටත් අපිට නොපෙනෙන දේ ගවේෂණය කර දැනුම ලබා ගැනීමටත් අසීමිත ලෙස ආශාවක් දක්වනවා.

ඉතින් ඒ වගේම නොපෙනන ග්‍රහ වස්තූන් පිළිබඳව නිරන්තර යාවත්කාලීන තොරතුරු ලබා දෙන  ප්‍රධානම අභ්‍යවකාශය පිළිබඳව ගවේෂණය කරන ආයතනය තමයි නාසා ආයතනය කියලා කියන්නේ. නාසා ආයතනයේ සාමාජිකයෙක් වෙනවා කියලා කියන්නේ කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වැනි ඉතාමත් දුර්ලභ කාර්යයක්.එය එතරම්ම අපහසු දෙයක්.

ඉතිං නාසා ආයතනයේ  නිරන්තරයෙන්ම අපිට නොපෙනෙන අභ්‍යවකාශය පිළිබඳ විවිධ දේ ගවේෂණය කරන්න විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයෙන් 2030 වර්ෂය වන විට අභ්‍යවකාශ ගත කෙරූ අඟහරු ග්‍රහයාගේ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට සකස් කරපු  අපූරු රෝවරයක් ගැන නාසා ආයතනය ප්‍රකාශයට පත් කරලා තිබ්බා.

ශ්‍රී ලංකා වේලාවෙන්  අළුයම 2.25පමණ මේ රෝවරය අඟහරු ග්‍රහයාගේ jezero ආවටයට ගොඩබස්වා තිබෙනවා. අඟහරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුළු වීමට පෙර කිලෝමීටර් මිලියන 472  පැයට කිලෝමීටර් දහනම දාහක වේගයකින් ආවරණය කළ මේ අපූරු යානය  මාස 7කට ආසන්න කාලයක් අභ්‍යවකාශය තුල ගමන් කළා.

රෝද හයකින් සමන්විත මේ රෝවරය  මගින් අඟහරු ග්‍රහයා මත කැණීම් සිදුකර අවුරුදු දෙකක් කාලයක් පුරා අතීතයේ අඟහරු ග්‍රහයා මත ජීවය පැවතියාද යන්න  සාක්ෂි සටහන් කිරීම මෙමගින් සිද්ධ කරයි. එලෙස සටහන් කරගත් සාක්ෂි රැගත් මේ යානය 2030 වර්ෂය වන විට පෘථිවිය වෙත ළඟා වෙතැයි නාසා ආයතනය අපේක්ෂා කරනවා.

ඉතින් මේ අපූරු රෝවරය නාසා ආයතනය විසින් සලකන්නේ වෙනත් ග්‍රහ ලෝකයක් නිරීක්ෂණය කිරීමට යවන ලද දියුණුම තාරකා ජීව විද්‍යාගාරයක් ලෙසයි. ඒ වගේම ඔවුන් මීට වසර බිලියන මිලියන ගණනාවකට පෙර jezero නැමැති මේ අඟහරු ග්‍රහයාගේ ආවාටය යෝධ විලක් පිහිටා තිබෙන්නට ඇතැයි අපේක්ෂා කරනවා.

ඒ සියලු දේ අධික්ෂණය කිරීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය විසින් අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්සූ ටොන් එකක් බරැති දෙවැනි රෝවරය මෙය ලෙස හඳුන්වනවා. මේ රෝවරයේ ඇති තවත් විශේෂයක් වෙන්නේ පෙර අඟහරු මතට ගොඩබැස්ස වු රෝවර වල නොතිබුණ ශබ්ද ග්‍රහණය කර ගැනීමේ හැකියාවයි. එනිසාම අඟහරු ග්‍රහයාගේ සැබෑ ශබ්ද ශ්‍රවණය  කිරීමටද පරීක්ෂකයන්ට මෙමගින් අවස්ථාව උදා වෙනවා.

ඉතින් මෙවැනි ක්‍රියාකාරිත්වයන් නිසා නව තාක්ෂණයන් ඔස්සේ අළුත් දේ අත්හදා බලමින් අපිට නොපෙනෙන අභ්‍යවකාශය පිළිබඳ අලුත් තොරතුරු අනාගතයේදී ලබා ගැනීමට  හැකියාවක් ලැබේවි  අප තුළත් පුංචි හෝ විශ්වාසයක් ඇත. එමගින් අභ්‍යවකාශ තතු යාවත්කාලීන වීම සිදුවෙනවා නොඅනුමානයි.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies