Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අත්වැරැද්දකින් නිෂ්පාදනය වු පිරිසක් කැමති පිරිසක් අකමැති මාමයිට් නිෂ්පාදනයේ කතාව

කාලෙන් කාලෙට ලොව පුරා විවිධ නිෂ්පාදනයන් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීම මේ වෙද්දි බොහෝ සෙයින් සිද්ධ වෙන දෙයක්. අපි අද ඔබට කියන්න යන්නේ වසර ගණනාවකට ඉහතදී නිෂ්පාදනය කරපු අදටත් ලෝකය පුරා ජනතාව රසවත් ආකාරයෙන් රසවිඳින ඒ වගේම සමහර පුද්ගලයන්ට සුවඳ දැනුණත් අකමැත්තක් ඇතිවෙන හරි අපූරු නිෂ්පාදනයක් පිළිබඳවයි.

ඉතින් මේ නිෂ්පාදනය තමයි මාමයිට් කියලා කියන්නේ. සමහර අය මේ නම අහපුහම ගොඩක් ආස වෙනවා වගේම ඔවුන් ඒවා රස බලන්නත් පුදුම කැමැත්තක් දක්වන්නෙ. 

ඒකට මූලිකම හේතුව තමයි වර්ෂ එක්දහස් නවසිය දෙකේදී justin liebig නැමැති ජර්මන් ජාතික විද්‍යාඥයෙක් තමයි මේ අපූරු නිෂ්පාදනය ලෝකයට හඳුන්වා දෙන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිෂ්පාදනය ඔහු විසින් හිතාමතාම ලෝකයට හඳුන්වා දුන්නු එකක් කියලා. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධව  කතා කරද්දි  කිව යුතු ප්‍රධානම දේ තමයි මේ නිෂ්පාදනය ඔහු විසින් අත්වැරදීමකින් මේ ලෝකෙට ආපු එකක්. එනම් මිනිසුන් රස කර කර බොන බියර් නිෂ්පාදනය කිරීමේ දී ඇති වූ අතුරු ප්‍රතිපලයක් විදිහට තමයි marmite නිෂ්පාදනය මේ ලෝකෙට බිහි වෙන්නේ.

මේ අපූරු නිෂ්පාදනය සොයාගත් justin නම් මේ පුද්ගලයා මේ අතුරු ඵලයට ඊස්ට් සහ ලුණු එකතු කර හොඳින් පදම් කරනවා. ඉතින් ඔහුට ම ආවේණික වූ මේ මාමයිට් වට්ටෝරුව මේ වෙද්දි වසර එකසිය දහ අටක් පුරාවට රහසක් ලෙස තබාගත්තා කියලා ඔබ තව නොදන්නවා වෙන්න ඇති.

ඉතින් මාමයිට් කියන වචනෙ තේරුම තමා casserole භාජනය කියන තේරුම. ඉතින් මාමයිට් බෝතලයේ ලේබලය මැද සටහන් කරලා තියෙන්නෙ ඒ භාජනයේ පින්තූරයක්.ඉතින් මේ හා සම්බන්ධ රසබර කතාවක් තමයි මේ මාමයිට් කියන දේ දෙවන ලෝක යුද්ධ සමයේදී සොල්දාදුවන්ගේ ප්‍රධාන ආහාර අතර අනිවාර්ය දෙයක් වුණා. ඒත් වර්ෂ 1999 දී කොසෝවො බ්‍රිතාන්‍ය සොල්දාදුවන් නිවසෙන් බැහැර වෙලා කාලය ගත කරන නිසා ඒ දුක නැති කිරීමට ඔවුන් වෙත වැඩිපුර මාමයිට් ලබා දුන්නා කියලත් ඉතිහාසයේ සඳහන්.

ඉතින් මේ අපූරු නිෂ්පාදනය තුළ විටමින් ඒ සහ ෆෝලික් අම්ලය තියෙනවා කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඒ නිසා වර්තමානය වන විට මාමයිට් කුඩා දරුවන්ට ඉතාමත් යෝග්‍ය දෙයක් විදියට බොහෝ දෙනෙක් භාවිතා කරනවා.  ශ්‍රී ලංකාවේත් මේ වෙද්දිත් සුඛෝපභෝගී ආහාරයක් විදියට මාමයිට් ප්‍රසිද්ධ වෙලා අවසන්.

ඉතින් මේ මාමයිට් නිෂ්පාදනයන් පිළිබඳව කතාකරද්දී ප්‍රධාන මාමයිට් වර්ග දෙකක් තියෙනවා. ඒ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. ලාංකිකයන් වශයෙන් අපි භාවිතා කරන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් වර්ගයි.

වර්ෂ 2001 දී ලෝකයේ දැවැන්ත සමාගමක් වෙන යුනිලීවර් සමාගම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළද නාමය තමන් යටතට පත් කරගන්නවා. ඉතින් මෙහෙම කාලයක් marmite නිෂ්පාදනය හොඳින් සිද්ධ වෙද්දී වර්ෂ 2011දී භූමිකම්පාවක් නිසා නවසීලන්තයේ මාමයිට් නිෂ්පාදනාගාර හානියට පත් වුණා. මේ නිසාම marmite නිෂ්පාදනය වසරකට වඩා වැඩි කාලයක් නවත්තලා තිබ්බා. මේ නිසාම මාමයිට් කියන දේ දුර්ලභ භාණ්ඩයක් බවට ජනතාව අතර ප්‍රසිද්ධ වුන නිසා black gold කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නත් පටන් ගත්තා. කොහොමහරි මිනිසුන්ගේ අධික ඉල්ලුම නිසා මාමයිට් නිෂ්පාදනයේ තිබූ හිඟය පියවන්න නවසීලන්ත සමාගම් ක්‍රියා කරා.

ඉතින් මේ අපූරු නිෂ්පාදනය ලෝකයට හඳුන්වා දුන්නු ජස්ටින් ලෙයිග් නමැති ජර්මන් ජාතික විද්‍යාඥයා හිටියේ නැත්නම් අපිට අදටත් මාමයිට් කියලා කියන දේ රස බලන්න වත් අවස්ථාව උදා වෙන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ගොඩක් දෙනෙක් කන්න කැමති ඒ වගේම සමහර මිනිස්සු කන්න අකමැති මේ මාමයිට් කියන දේ මේ ලෝකෙට දායාද වුනේ උනේ මෙන්න මෙහෙමයි.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies