Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වසංගතයෙන් අහිමි වු අයගේ අවසන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ නිපදවූ කාඩ්බෝඩ් මි-නී පෙට්ටියක්

අපිට  කාලෙන් කාලෙට නොයෙකුත් ආකාරයේ නව නිපැයුම් අහන්න අහන්නත් දකින්නත් ලැබෙනවා. බොහෝ වෙලාවට මේ නව නිපැයුම්  එදිනෙදා ජීවිතයෙ මිනිස්සුන්ට ප්‍රයෝජන වන අවස්ථා අපි නොයෙකුත් විට දැක තිබෙනවා.

නවෝත්පාදන සිදු කිරීමට නම් නිරන්තරයෙන්ම රජය මඟින් ද ඒ පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් රට තුළ සලසා තිබිය යුතුයි. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ නම් නවොත්පාදකයන්ට අවශ්‍ය පරිසරය එයාකාරයෙන් ගොඩනැගීමට උත්සාහ කරන රටක් නොවන බව අපි කවුරුත් දන්නවා.

රට තුළ නවෝත්පාදකයන්ට තිබෙන තැන මේ වෙද්දි ඉතාමත් සෝචනීයත්වෙක තියෙන්නෙ කියලා ඇහුවොත් ඕනි නවෝත්පාදනය සිදු කරන පුද්ගලයන් කියයි. ඒකට මූලිකම හේතුව නවෝත්පාදකයන්ගෙ නව නිර්මාණ උදෙසා රජය මඟින් දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසයි.

ඒ කෙසේ නමුත් රට තුළ පවතින වසංගත තත්වය නිසා නිවසේ සිටින බොහෝ දෙනෙක් නව නිපැයුම් පිළිබඳව අවධානය යොමු කරා. තමන්ට හැකි පමණින් හෝ නව නිෂ්පාදනයක් සිදු කර වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීමට බොහෝ දෙනෙක් විවිධාකාර අත්හදා බැලීම් කළා.

ඒ අතරින් මුඛ ආවරණ, අත් සේදුම් කාරක ,ඔක්සිජන් පරීක්ෂණ යන්ත්‍ර  ආදී දේ ප්‍රධානම නිෂ්පාදන වුණා. ඉතිං ඒ සියලුම නිෂ්පාදන ජීවත්ව සිටින මිනිසුන්ට පරිභෝජනය කිරීම උදෙසා නිපද වු නව නිශ්පාදන. ඒ කෙසේ නමුත් වසංගත තත්වය නිසා ජීවිතයෙන් සමුගන්නා පුද්ගල කොට්ඨාසයන් වෙනුවෙන් නිෂ්පාදනය වූ නව නිපැයුමක් ගැන තමයි අපි කනගාටුවෙන් වුණත් ඔබට කියන්නට යන්නේ.

වසන්ගත තත්ත්වයෙන් ජීවිතයෙන් සමු ගන්නා පුද්ගලයන්ගේ මෘතදේහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පුලුස්සා දැමිය යුතුයි. ඒ නිසා වෙනම ම අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති මාර්ග පද්ධතියක් සෑම රටකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දීලා තියෙනවා.

ඒ නීති රීති එයාකාරයෙන් පිළිපැදිය යුතු නිසා ශ්‍රී ලංකා රජය මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා අපූරු නිපැයුමක් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. රට තුළ වසංගතය වැළඳුණු රෝගීන් දිනෙන් දින ඉහළ යාම නිසා දෛනික මරණ අනුපාතය ද දිනෙන් දින වැඩි වුණා.

ඒ නිසා අඩු මුදලක් වැය වැයකොට මෘත දේහ තැන්පත් කිරීම සඳහා සුදුසු පෙට්ටියක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා ඇතුළු පිරිසක් හඳුන්වා දෙනවා. කරදරකාරී වසංගත තත්වය නිසා ජීවිතයෙන්  සමුගන්නා මිනිසුන්ට ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ ශරීර බහාලිය හැකි අඩු මුදලක් වැය කරමින් මිලදී ගත හැකි මේ අපූරු නිෂ්පාදනය පිළිබඳව ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් ගත්තා.

කාඩ්බෝඩ් වලින් නිමවූ මේ මෘත දේහ තැන්පත් කරන මි-නී පෙට්ටිය මේ වෙද්දි රජය මගින් අනුමත කරලා කියලා ආරංචියි. ඉතින් එහිදී  කාඩ් බෝඩ් පෙට්ටියේ බහාලූ පළමු මෘත දේහය ආදාහනය කළ බවත් මාධ්‍ය මගින් පසුගියදා සඳහන් කළා.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ ආකාරයේ නව නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව අපි කොතෙකුත් ආඩම්බර විය යුතුද?  මේ සියලුම දේ සිද්ධ කරන්නේ ශ්‍රී ලාංකීය  පුරවැසියන්. එකාවන්ව නැගී සිටිය යුතු මේ කාල සීමාවක අඩු මුදලක් වැය කොට මිලදී ගත හැකි මෙවැනි නිෂ්පාදන ඉදිරියේදී තව තවත් වෙළඳපොළට හඳුන්වා දුන්නොත් දුප්පත් පෝසත් භේදයකින් තොරව සියලුම දෙනාටම සියලු දේ මිලදී ගැනීමට අවස්ථාව උදාවන දවස වැඩි ඈතක නැත.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies