Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ප්ලාස්ටික් වෙනුව අලිගැටපේර භාවිතා කර පරිසර හිතකාමී භාණ්ඩ හදන අපූරු සමාගම

දිනෙන් දිනම දරාගත නොහැකි අති විශාල ප්ලාස්ටික් සහ පොලිතීන් තොගයක් පරිසරයට මුදාහැරීම නිසා විනාශ වන්නේ පරිසරයේ ඇති ස්වාභාවික සුන්දරත්වයයි. ස්වභාවිකත්වයෙන් ම අපට ලැබී තිබෙන මේ අපූරු පරිසර පද්ධතිය වර්තමානය වන විට පරිසර හිතකාමී නොවන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කර මුදා හැරීම නිසා දිනෙන් දිනම අපවිත්‍ර වෙමින් පවතින්නේ මිනිසාගේ අනුවණ ක්‍රියාකාරීත්වය නිසාමයි.

වෙළඳපලට ගියවිට භාන්ඩයක් මිලදී ගත් පසු ඒ අදාල පොලිතීන් කවරය තැනින් තැන දාන සමාජයක ජීවත් වන මිනිසුන් කිසිවිටකත් එයින් පරිසරයට සිදුවන විනාශයන් පිළිබඳව හිතන්නේ නැහැ නමුත් ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට පරිභෝජනය කරන නොදිරන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

නමුත් එවැනි ක්‍රියාමාර්ග කොතෙක් ගත්තත් ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතාමත් අතළොස්සක ප්‍රමාණයයි. මේ නිසාම බොහෝ අවස්ථාවන්වල දී මිනිසා සෘජුවම පරිසර හිතකාමී නිෂ්පාදනයන් පිළිබඳ සැලකිල්ලක් දක්වන්නට පටන් අරන් තියනවා. මොනයම් ආකාරයෙන් විකල්ප භාවිතයන්ගෙන් ආවත් ලෝකය තුළ එතෙක් මෙතෙක් නිෂ්පාදනය කළ සෑම ප්ලාස්ටික් වර්ගයක්ම තවමත් ස්වල්ප වශයෙන් හෝ නොදිරා පොළොවට එකතු වෙලා තියෙනවා කියලා බොහෝ විද්‍යාඥයන් පවසනවා.

ඉතින් මෙන්න මේ සිදුවීම නිසාම පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට මෙක්සිකෝවේ biofase නැමැති අපූරු සමාගමක් පෙරමුණට එනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ඒ අපූරු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පිළිබඳවයි.

ඉතින් මේ සමාගම ප්ලාස්ටික් වෙනුවට ආදේශකයක් වශයෙන් නිපදවන්න සූදානම් වූ භාණ්ඩය පිළිබඳව ඇහුවොත් ඔබ ඇත්තටම පුදුම වෙනවා. කාට හරි හිතන්න පුලුවන්ද plastic වෙනුවට කවුරුත් කන්න ආස කරන අලිගැටපේර ගෙඩියක් යොදාගෙන මේ විකල්ප ප්ලාස්ටික් නිෂ්පාදිතයන් වෙළඳපොළට එනවා කියලා.

ඇත්තටම කෙනෙක්ට මේක හිතාගන්නවත් බැරි දෙයක්. නමුත් රසායන ඉංජිනේරුවෙක් වන ස්කොට් නැමැති අපූරු පුද්ගලයා තමයි මේ පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදන ක්‍රමය මුලින්ම ලෝකයට අඳුන්වා දෙන්නේ. මුලින්ම ඔහුගේ මේ අදහස කීපදෙනෙක්ට පමණක් සීමා වුවත් බොහෝ අවස්ථාවන් වල දී එහි පවතින්නාවූ කාලෝචිත බව නිසාම ව්‍යාපාරිකයන් අතරත් මේ සංකල්පය ටිකෙන් ටික ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

ඉන් අනතුරුව ඔහු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග එකතුවෙලා bioface නැමැති ඔහුගේ සමාගම පිහිටුවනවා. ඉන් අනතුරුව ඔවුන් සූදානම් වූයේ අලිගැටපේර භාවිතා කර මේ අපූරු පරිසර හිතකාමී නිෂ්පාදිතයන් නිපදවන්නන්. ඉතින් දේශීය අලිගැටපේර වැවිලිකරුවන් ගෙන් සහ අලිගැටපේර ඔයිල් නිෂ්පාදන සමාගම් වලින් අලිගැටපේර බීජ ඔවුන් ලබා ගන්නවා. මූලික වශයෙන්ම මේ නිෂ්පාදන නිපදවීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ අලිගැටපේර බීජ වීම විශේෂත්වයක් ඉතින් මේ අලිගැටපේර බීජ භාවිතා කර ඔවුන් නිපදවනවා හරි අපූරු හැඳි සහ ගෑරප්පු. ප්ලාස්ටික් ද්‍රව්‍ය දිරාපත් වීමට වසර දස දහස් ගණනක් ගත වුවත් මෙම සමාගම මගින් නිපදවන්නා වූ මේ පරිසර හිතකාමී හැඳි සහ ගෑරප්පු පිහි ඒ වගේම බීම බට ආදිය දිරාපත් වන්න ගත වන්නේ දින 240 ක පමණ සුළු කාලයකි

ඉතින් ඔහු තවදුරටත් සඳහන් කරන්නේ වසර දස දහස් ගණනක් ගියත් නොදිරන ප්ලාස්ටික් සහ පොලිතීන් නිසා වද විඳිනවා වෙනුවට මෙවැනි ආකාරය නිෂ්පාදිතයන් වෙළඳපොළට වෙළඳපොළට නිරන්තරයෙන්ම හඳුන්වාදීම රජයේ වගකීම බවයි.

බොහෝ දෙනෙක් ඉහළින්ම අගය කළ ඔවුන්ගේ පරිසර හිතකාමී මේ සංකල්පය නිසා ඔවුන්ගේ සමාගමෙන් සේවය ලබා ගත් බොහෝ පිරිසක් මේ වනවිට ඉන්නවා. ඔවුන් මේ වන විට හැඳි ගෑරප්පු වසරකට ටොන් 300 ක් හාරසීයක් වැනි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර වර්තමානය වන විට පිඟන් සහ වෙනත් ආහාර බඳුන් නිපදවීම දක්වාත් ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කර ඇත.

ඉතින් දේශීය වෙළෙඳපොළ පමණක් නොව මේ වන විට  ඔවුන් විසින් මධ්‍යම ඇමරිකාව එක්සත් ජනපදය ඇතැම් කොටස් සහ යුරෝපය ඇතැම් කොටස් වැනි ප්‍රදේශ වලටද මේ අපූරු නිෂ්පාදිතයන් ආනයනය කරන බවත් සඳහන්.

ඉතින් මෙවැනි ආකාරයේ පරිසර හිතකාමි නිෂ්පාදිතයන් ශ්‍රී ලංකාව තුළ බිහි කර ගැනීමට නම් නිරන්තරයෙන් ම පරිසර හිතකාමී හැඟීමෙන් යුතුව කටයුතු කරන පුරවැසියන්  සිටිය යුතුය.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies