Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පිළිකා රෝගය පරදවා ඕස්ට්‍රේලියාව ජයගත් අපූරු සූපවේදිනිය

වර්තමානය වන විට ලෝකය පුරා විවිධ ආකාරයේ ජීවිතය  ජයගත් පුද්ගලයන් පිළිබඳව වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නෙත් ඒ ආකාරයෙන් ජීවිතයට පැමිණි බාධා සියල්ල ජයගෙන ජීවිතය ජයගත් හරි අපූරු කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් ශ්‍රී ලාංකිකයෙක් ලෙස උපත ලැබූ මිනෝලි ද සිල්වා නමැති තරුණියයි. අවුරුදු 34 ක පමණ වයසැති මේ අපූරු කාන්තාව මේ වනවිට ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකාරිනියක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මේ කාලසීමාව තුළදී ජීවිතයේ යෞවන වියට පා තබද්දී ඇය අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. දවසක් දා ඇතිවූ රෝගී තත්වයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගියපු ඇයට අහන්නට සිද්ධවෙන්නේ අදහාගත නොහැකි දෙයක්.

එනම් ඇගෙ වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා ඇය පිළිකා රෝගයකින් පෙළෙනවා කියලා.  පිළිකාව කියන්නේ මේ වෙද්දි ඖෂධයක් හොයාගෙන නැති සුවකරන්න බැරි රෝගයක් නිසා ඒක අහන මොහොතේ ඇය ජීවිතේ පිළිබඳ  සෑහෙන වතාවක් දුක් වෙනවා.

ඇය පියවුරු පිළිකා රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරයා ගෙන් දැනගත් පසු ඒ සඳහා  කල්තියා ප්‍රතිකාර කළොත් එය නිට්ටාවටම සුව කර ගන්න හැකියාව තියෙන නිසා නිරන්තරයෙන්ම ප්‍රතිකාර ආරම්භ කරන්න පටන් ගන්නවා.

ඇය ප්‍රතිකාර සඳහා යොමු වෙද්දී  කිමෝ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර  ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න ඕන නිසා ඕස්ට්‍රේලියාවේ  ප්‍රසිද්ධ රියැලිටි වැඩසටහනක් වන masterchef australia වැඩසටහන සඳහා ආහාර පිසීමට තරගකාරියක් වශයෙන් සහභාගි වෙනව.

ඉතින් මේ තරගාවලියේදී ඇය  ආහාර සදහා  සූදානම් කරන්නේ ශ්‍රී ලංකා ආහාරයි. ඉතින් මේ නිසාම ඕස්ට්‍රේලියාවේ මේ ශ්‍රී ලංකා කෑම පිළිබඳව වැඩිදුරටත් කතාබහ කරන්න පටන් ගත්තා.

මේ තරගාවලියේ දහතුන්වෙනි වටේ දී ඇය විසින් සුදු බත්, ශ්‍රී ලාංකික තුන පහ රසයෙන් පිස්සු කිවි මාළුව,කුකුල් මස් ව්‍යංජනය,වම්බටු පැහි ව්‍යංජනය,පොල් සම්බෝලය සහ තක්කාලි හා ලූණු සම්බෝලය පිළියෙල කරනවා. ඉතින් මේ ආහාරවල  රසවත් භාවය නිසාම ඇයට හැකියාව ලැබෙනවා masterchef ඒප්‍රනය හිමිකරගෙන අවසන් තරගකරුවන් අතරට එක්වෙන්න.

පිළිකා  ප්‍රතිකාර සඳහා යොමු වූ නිසා ඇයට රස දැනීම සෙමෙන්  සෙමින් අඩු වෙන්න පටන් ගත්තා. නමුත් තරගාවලිය ඇතුළතදී ඇයට ටික කාලයක් යද්දි නැතිවී ගිය රස සංවේදනය නැවත වතාවක් ලැබෙනවා. ඒ සියලුම දේ එකතුකරගෙන අපුරු තරගයක් ලබා දෙන්න ඇය උත්සාහ කළා 

මේ විට තමන්ගේ ආදරණීය දෙමව්පියන් එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න මිනෝලි ඉවුම් පියුම් වලට අමතරව මැහුම් ,ලතින් නැටුම්,කඳවුරු බැඳීම සහ පින්තාරු කිරීම නැමැති විනෝදාංශ වලත් නිරත වුණු තරුණියක්.

කාලය කෙමෙන් ගත වෙද්දී මේ තරගාවලියේ අවසාන අවස්ථාව සඳහා ඇය සහභාගී වෙනවා. මේ තරගාවලියේ අවසාන අවස්ථාව සඳහා ඇය පිළියෙල කළේ ඇට ඉසූ හරක් මස් පෙත්තක්. ජපන් රසමුසු ඩ්‍රෙසින් සමග බැදගත් හතු සහ රාබු අච්චාරුයි. නමුත් ඇගේ අවසාන  භෝජනය සඳහා විනිසුරුවන්  තුළ එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ.

කෙසේ නමුත් මේ තරඟාවලිය අවසානයේ ඇය මේ තරගාවලියේ සිවුවැනි ස්ථානය දිනා ගන්නවා. පිළිකා රෝගය වැලදී සිටියත් ජීවිතය ජය ගැනීමට ඈ තුළ තිබූ උත්සාහය සහ කැපවීම මහත් සේ ඉවහල් වූ බව ඇය පසුව පවසා තිබුණි.