Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඇමරිකාවේ උපාධියක් ගෙන ලංකාවේ ලොරි බොඩි ගසන දිරිය කාන්තාව

සාම්ප්‍රදායක රාමුවට කොටුවී සිටින ඇතැම් කාන්තාවන් තමන්ගේ ජීවිතය දියුණුව පිළිබඳව පිළිබඳ ව කිසි විටෙකත් හිතන්නේ නැහැ. ඔවුන් නිරන්තරයෙන්ම කොටු වෙලා ඉන්නේ එක්තරා කාර්යයක් කිරීම සඳහා ම පමණයි. එනම් විවාහ වී එතැන් පටන් දරුවන් හදා හදාවඩා ගෙන කෑම බීම ඉවුම් පිහුම් ආදි වැඩකටයුතු කරගෙන නිවසට වෙලා කාලය ගත කිරීම තමයි සාම්ප්‍රදායක රාමුවකට කොටු වෙච්ච ගැහැනියකගේ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ.

ඈත අතීතයේ නම් කාන්තාවකට දැන් පවතින්නාවු අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නැහැ ඒ කියන්නේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කාන්තාවට නිවසින් ඉඩකඩක් ලැබුණේ නැහැ. නමුත් වර්තමානය වන විට කාන්තාවන්ට තියෙන අයිතිවාසිකම් සහ කාන්තාවන්ට ඇති අවස්ථාව වැඩි වීමත් එක්කම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයන් ද වැඩි වෙන්න පටන් ගත්තා

ඉතින් එහි ප්‍රතිඵලයක් තමයි කාන්තාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔහුට ලැබුණු අසීමාන්තික නිදහස. ඉතින් මෙන්න මේ කියන්නා වූ හේතු කාරණා නිසා වර්තමානය වන විට බොහෝ කාන්තාවන් තමන්ට ලැබුන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන රැගෙන ලොවක් කතා කරන චරිත බවට පත්වෙලා අවසන්.

ඉතින් අද අපි ඔබට කියන්න යන්නෙත් ඒ ආකාරයෙන් ජීවිතය දිනූ ධෛර්යසම්පන්න ව්‍යාපාරික කාන්තාවක් ගැනයි. ඇය නමින් හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර මෙනවියයි. ඇය ගැන කතා කරනවා නම් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් සිප් සතර ලබා ගන්නා ඇය නිතැතින් අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් වුණා.

වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තිබූ කැමැත්ත නිසාම ඇය ඇමෙරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු උපාධිය හදාරන්න අයදුම් කරනවා. ඉතින් ඒ අවස්ථාවේ  ඇමෙරිකාවේ දී තමන්ට නියමිත වූ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හරියාකාරව හදාරන ඇය ලබාගත් දැනුමෙන් අලුත් කර්මාන්තයකට අත්පොත් තබන්න තීරණය කරනවා.

ඉතින් ඇය තීරණය කරනවා ඇගේ පියා වන ප්‍රේමදාස මනමේන්ද්‍ර මහතා විසින් ආරම්භ කරපු අපූරු ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්න. වසර හතළිහක් වැනි ඉතිහාසයක් තියෙන මේ අපූරු ව්‍යාපාරය ලොරි බොඩි පුද්ගලික සමාගමක්. ඉතින් වර්තමානය වන විට මේ අපූරු සමාගමට නායකත්වය දෙන්නේ ඉෂාරා.

ඇය සතු දැනුම සහ තාක්ෂණය භාවිතා කරමින් වසර හතළිහක පමණ ඉතිහාසයක් ඇති මේ අපූරු සමාගම වර්තමානය වන විට ඉෂාරා ලොරි බොඩි පුද්ගලික සමාගම යන නමින් ලියාපදිංචි කරලා තියෙනවා.

වර්තමානය වන විට මේ ආයතනය ලංකාවේ lorry body ගහන හොඳම ආයතනය ලෙස ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන සුවිශේෂී සේවය නිසාවෙන්. ඉතින් ඔවුන් මේ ආයතනය මගින් lorry body,half body,vehicle carriers,flat bed  ආදී සේවාවන් ලබා දෙනවා.

ඒ වගේම ඔවුන් අපූරු තාක්ශනයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා. එනම් ඔවුන් තීරණය කරනවා ෆුඩ් ට්‍රක්ස් නැමැති අපූරු තාක්ෂණය ඔවුන්ගේ පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්න. ඉතින් මේ  ට්‍රක්ස් එක මගින් ඇතුළෙ කෝකියෝ දෙන්නෙක්ට වැඩ කරන්න පුළුවන් ආකාරයේ කුස්සියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඇතුලේ වැඩ කරන අය වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව බලාගෙන ඉන්න පුළුවන් ආකාරයට තමයි මේ අපූරු දේ නිර්මාණය කරලා තියෙන්නේ.

ඉතින් මෙහි ඇති විශේෂම වාසිය තමයි මේ වාහනය ඕනෑම තැනකට අරන් ගිහින් සේවාව සපයන්න හැකියාවක් තිබීම. ඉතින් ඔවුන් සඳහන් කරන්නේ ඔවුන් මෙයාකාරයේ තාක්ෂණයන් පිටරටවල් වල රූපවාහිනියෙන් දැකලා තමයි ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්න තීරණය කළේ කියලා

ඒ වගේම ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක් වන ෂැංගිලා හෝටලය  ද food trucks මිලදී අරන් තියෙන්නේ ඔවුන්ගේ සමාගමෙන්. ඒ වගේම ඔහු මේ වන විට ජංගම පීසා රථ නිර්මාණය කර ඇති අතර ආහාර සැපයීමේ ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගත හැකි  ත්‍රිරෝද රථ නිෂ්පාදනය කරනවා කියලා සඳහන් කරනවා.ඒ වගේම අවම වශයෙන් ලක්ෂ දෙකේ සිට ලක්ෂ 40 දක්වා මුදල් පරාසයක් ඇතුළත ඕනෑම නිෂ්පාදනයක් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් කියලා කියලා තවදුරටත් ඇය සඳහන් කරනවා.කෙසේ නමුත් රජයෙන් ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු  කරගැනීමට සහයක් දෙනවනම්   තවත් රටට වැඩදායී නිර්මාණයන් කිහිපයක් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා කියලා ඉශාරා ආවසාන වශයෙන් සඳහන් කළා.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies