Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කහ ඇතුළු දේශීය නිෂ්පාදන රාශියක් හඳුන්වා දී වෙළෙඳපොළ ජයගත් අපූරු කාන්තාව

රට තුළ පවතින්නා වූ ව්‍යාකූල තත්වය නිසා ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි තමන් කරපු රැකියාවේ නිරත වෙලා ඉන්න තරම් වාතාවරණයක් නැහැ.එදිනෙදා ජීවිතය ගැටගහගන්න කීයක් හරි හොයාගන්න පුද්ගලයාට තමයි මේ අවස්ථාවේ දී තමාගේ රැකියාව පිළිබඳ මහලොකුවට දැනෙන්න පටන් ගන්නේ.

ඉතිං ඒ නිසාම මිනිසුන් නොයෙකුත් ආකාරයේ විකල්ප ආදායම් මාර්ග හොයාගෙන යනවා.අපි අද ඔබට කියන්න යන්නේ රට තුළ තුල පවතින්නාවු තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති කර හැකි නිෂ්පාදන රාශියක් දායාද කරපු දිරිය කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් සමන්ති කුමාරි  අලහකෝන් වේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගල හෙට්ටිමුල්ලේ පදිංචි මේ අපූරු කාන්තාව කහ බෝගයට අමතරව තවත් කුළුබඩු කීපයක්ම  එකතු කරගනිමින් කරගනිමින් නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දෙනවා.

ඇගේ නිෂ්පාදන කුරුප්පුමුල්ල නැචුරල්  ප්‍රඩක්ට්ස් නමින් වෙළඳපොලට පැමිණෙනවා. මුලින්ම රැකියාවක් නොමැතිව ගෘහණියක් විදිහට කටයුතු කරපු ඇය අත්කම් නිර්මාණ කර සුළු මුදලක් උපයාගෙන තියෙනවා .රට තුළ තුල පවතින්නාවූ ව්‍යාකූල තත්වය නිසාම ඇගේ සැමියා සේවය කරපු ආයතනය  වසා දැමීම නිසා ඔවුන් කබලෙන් ලිපට වැටෙනවා.ඒ නිසාම ඇය තීරණය කරනවා  යම්කිසි අමතර ආදායමක් ලබාගත හැකි කිසියම් හෝ ව්‍යාපාරයක් පටන් ගත යුතුයි කියා.

එලෙස සිතපු ඇය මුලින්ම කහ බෝගය වගා කරන්න පටන් ගන්නවා.ඉතින් මේ කාල සීමාවේ කහවලට  රට තුළ විශාල ඉල්ලුමක් තියෙන නිසා ඇගේ පළමු උත්සාහය ම සාර්ථක වුණා කියලත් ඇය සඳහන් කරනවා .ඉන් අනතුරුව ඉඟුරු ගම්මිරිස් ,කුරුඳු වගේ කුළුබඩු යොදා ගෙන නිෂ්පාදන කීපයක්ම වෙළඳපොළට එකතු කරලා ඔවුන්ගේ ම කියල ව්‍යාපාරයක් පටන් ගන්න හා හා පුරා කියලා ඔවුන් තීරණය කරනවා.

එහි මූලික පියවර වශයෙන්  ගොරකා පේස්ට් එකක් වෙළඳපොළට හඳුන්වා දෙන්න ඇය තීරණය කරනවා. ඇයට ගොරකා ලේසියෙන් හොයාගන්න පුළුවන් වීම නිසා ඇය මේ ක්‍රියාවට යොමු වෙනවා. ඉන් අනතුරුව ඇගේ සැමියා විසින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා ආයතනය සමග  එකතු වෙලා  අවශ්‍ය තාක්ෂණික සහ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ දැනුම ලබාගත්තා.

ඉන් අනතුරුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාතලේ මධ්‍යම පරීක්ෂණ අංශයට ඔවුන් යොමු කිරීමෙන් පසුව කුලු බඩු  ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සැකසීම පිළිබඳ වගේම ව්‍යාපාරයක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ඔවුන්ට ලැබුණා. ඒ දැනුම සහ අවබෝධය භාවිත කරමින් ඔවුන් ගොරකා ක්‍රීම් එක වගේම සියඹලා ක්‍රීම් එක මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර අවසන්.

ඒ වගේම නැවත වතාවක් මාතලේ  පසුඅස්වනු තාක්ෂණ අංශයට ගිහින් කහ-කුඩු නිෂ්පාදනය වගේම වියළි කහ පෙති කහ ක්‍රීම් සකසා වෙළඳපලට නිකුත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික අවබෝධය ඔවුන් ලබා ගන්නවා .මේ වන විට වියළි කහ පෙති අලෙවි කිරීම ගොඩක් ලාබදායක වගේම වෙළෙඳපොළ ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා කියලත් ඇය සඳහන් කරනවා.

ඉතින් ඇගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වීමත් සමගම  නොයෙකුත් ආකාරයේ අභියෝගයන්ට මුහුණ දුන්න කියල ඇය සඳහන් කරනවා .ඒ අතරින් එක්තරා දවසක ඩුබායි රටට මී පැණි සාම්පල් කීපයක්  යැවීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා.නමුත් ඒ මීපැණි වල 67%ක  වැඩි ප්‍රමාණයක්ම සීනි අඩංගුයි කියලා මේ ඇනවුම් කැන්සල් උනා. ඒ වගේම වරක් ගැට ගොරකා කපලා  වියලා ඔවුන්ට ලබාදීම නිසා ගොරකා කිලෝ පහළොවක් අපතේ යවන්න සිද්ධ වුණා  කියලා සඳහන් කරනවා.

මේ නිසාම වර්තමානයේ දී ඔවුන් අමුද්‍රව්‍ය මිලදී ගන්නේ හොඳට තෝරලා හොයලා බලලා කියලා තවදුරටත් ඇය පවසනවා .වර්තමානය වන විට ඇගේ වෙළඳ නමින් වෙළඳ පොලේ ඇගෙ නිෂ්පාදන මේ වන විටත් මිලදී ගැනීමට තිබේ.

මෙවන් කාල සීමාවක  නිකරුනේ නිවසට වී කාලය ගත කරනවා වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගෙන ඇය වගේ ජීවිතය ජය ගැනීමට උත්සාහ කිරීම අප සියලු දෙනාගේම වගකීම වේ.