Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අවුරුදු 20 දි තම රැකියාව අහිමි වුණත් ඇමරිකානු ඩොලර් මිලියන2ක වත්කමකට හිමිකම් කියූ khaby

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කියමනක් තියනවා.ඉතින් මේ කියමන නිකංම භාවිතා කරපු කියමනක් නම් නෙවෙයි. ලොව පුරා ජීවත් වෙන විවිධ ආකාරයේ මිනිසුන් ගත්විට සමහර මිනිසුන් ඉගෙනීමට අදක්ෂ වෙන්න පුළුවන් නමුත් ඔවුන් වෙනත් කාර්යයකට දක්ෂ වෙන්න පුළුවන්. සමහර පුද්ගලයෙකු වෘත්තිමය ජීවිතය තුළ රැකියාව සාර්ථක ලෙස කරගෙන යන්න පුළුවන් දක්ෂයෙක් නොවුනත් තමන්ගෙ ජීවිතය ගොඩනගාගෙන  ජීවිතය ජය ගන්න පුළුවන් හැකියාවක් ඔවුන් සතුව තියෙන්න පුළුවන්.

“මට බැහැ” ,”මම ෆේල්” ආදි ආකාරයෙන් අසුබවාදී විදිහට අපි ජීවිතය දිහා බැලුවොත් අපේම පදනමකින් ජීවිතේ ජය ගන්න තියෙන  අවස්ථා අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසාම කුඩා කාලයේ පටන් ම තමන් මොනවා හරි දේකට අදක්ෂ උනහම ඒ දෙයින්  ජීවිතය ආපස්සට  ගමන් කරන්නැතුව තම උත්සාහයෙන්ම නැගී සිටීම කටයුතු කළ යුතුයි.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ තමන්ට කිසිම අවස්ථාවක් හිමි වෙන්නෙ නැතුව ජීවිතය ජයගන්න අතේ සතයක්වත් නැතුව තිබ්බ කාලෙක උත්සහය සහ කැපවීම මත ජීවිතය ජයග්‍රහණය කරපු හරි අපූරු පුද්ගලයෙක් පිළිබඳවයි.

ඉතින් මේ අපූරු පුද්ගලයා තමයි kaby lame මොහු ඉතාලියේ ජීවත්වෙන අතර ඔහු senagalese ජාතිකයෙක් ලෙස හඳුන්වනවා. ඉතින් ඔහුගේ නම අහපු සැනෙන් ගොඩක් දෙනෙක්ට මේ කවුද කියලා නම් හිතා ගන්න බැහැ.

නමුත් ඔහුගේ රූපය දැක්ක සැනින් ලෝකයේ ඔහු හඳුනන් නැති කෙනෙක් නැති තරම්. ඉතින් මේ පුද්ගලයා ඒ තරම් වූ ප්‍රසිද්ධ වුණේ කොහොමද ? ඔහු ප්‍රසිද්ධ වුණේ ටික් ටොක් හරහා කිව්වොත් ඔබ පිළිගන්නවද ?

වර්තමානයේ  ඊසි බෝයි ලෙස හඳුන්වන මේ අපූරු පුද්ගලයා ටික් ටොක් හරහා ජනතාව තුල ප්‍රසිද්ධ වෙන්නේ කිසිම හේතුවක් නැතුව සරලව කරන්න පුළුවන් කාර්යයන් විවිධ පුද්ගලයන් විසින් සංකීර්ණ ලෙස කරන වීඩියෝ හාස්‍යයට ලක්කරමින් ඔහු විසින් කෙටි වීඩියෝ නිර්මාණය කිරීම නිසයි.

බොහෝ පුද්ගලයන් ඉතාමත් අපහසු ලෙස කරන කාර්යයන් මේ ඊසි බෝයි විසින් කිසිම වෙහෙසක්, මහන්සියක් හෝ වියදමක් නැතිව සරලව කරලා පෙන්නන නිසා  ගොඩක් දෙනෙක් ඔහු වටා එක් රොක් වෙනවා. ඉතින් මේ තුළින්  සංකීර්ණ කාර්යයන් කරන පුද්ගලයා නිරන්තරයෙන් ම හාස්‍යයට ලක් කරනවා කියලා බොහෝ දෙනෙක් පවසනවා.

මේ වෙද්දී ඔහුගේ මේ අපූරු කෙටි වීඩියෝ නිසා  tik tok ජාලයේ දෙවැනි වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින පුද්ගලයා ලෙස මොහු නම් දරනවා. ඉතින් මේ අපූරු  ඊසි බෝයි වටා එක් රොක් වූ අනුගාමිකයන් පිරිස සංඛ්‍යාත්මක වශයෙන් සඳහන් කරනවා නම්  මිලියන 99.4ක ප්‍රමාණයක් වෙනවා.

 මේ අපූරු පුද්ගලයා ගැන කතා කරද්දී වර්තමානයේ ඔහු කෝටිපතියෙක් වුණත් ඔහුට වයස අවුරුදු විස්ස සම්පූර්ණ වන විට එහෙමත් නැත්නම් 2020 දී ඔහු නිරත වු රැකියාව ඔහුට අහිමි වෙනවා. ඒ නිසාම කෙසේ හෝ ජීවිතය ජයගත යුතුයි යන්න තීරණය කරන මේ අපූරු පුද්ගලයා ටික් ටොක් වීඩියෝ කරන්න පෙළඹෙනවා.

ඉතින් වර්තමානය වන විට ඔහු මේ  හාස්‍යඋත්පාදක tik tok video හරහා ඩොලර් මිලියන දෙකක් තරම් වත්කම් ප්‍රමාණයක් උපයා ගෙන අවසන් බව සංඛ්‍යා දත්ත සඳහන් කරනවා.

වයස අවුරුදු විසි එකක් වැනි ඉතා කෙටි කාලයකදී තමන්ගෙ ජීවිතයේ විවිධ හැලහැප්පීම් සාර්ථක ලෙස ජයග්‍රහණය කරපු මේ අපූරු තරුණයා  උත්සහයෙන් ජීවිතය දිනිය යුතු යන වටිනා පණිවිඩය වර්තමාන තරුණ පරම්පරාවට ලබා දෙනවා.

ඉතින් ඒ ඊසි බෝයි හෙවත් khaby lame නැමැති මේ උත්සාහවන්ත තරුණයාගේ ජීවිතය තව තවත් සාර්ථක වේවායි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies